තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අහුංගල්ලේ වෙඩි පත්තු වෙයි -පාතාලයේ බබාගේ පියා මරුට

    අහුංගල්ලේ වෙඩි පත්තු වෙයි -පාතාලයේ බබාගේ පියා මරුට

    ඩුබායි හී රැදී සිටින පාතාල අපරාධකරුවෙක් වන බබා නැමැත්තාගේ පියාට අද රාත්‍රී 8.00ට පමණ අහුංගල්ලේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනයකර පළාගොස් ඇත.

    මෙසේ ඝාතනය වී ඇත්තේ කීර්ති සේන ආබෘෘ නැමැති 54 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    වෙඩික්කරුවන් පිස්තොලයකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

    රත්ගම විදුරගේ කණ්ඩායමේ ප්‍රබලයෙක් වන අහුංගල්ලේ බබාගෙන් පළිගැනීමට මෙම ඝාතනය ඩුබායි හී රැදී සිටින කොස්ගොඩ සුජීගේ පාර්ශවයේ කුඩු මධූෂා විසින් මෙහෙයවා ඇති බවට සැකකෙරේ.

    කුඩු මධූෂාගේ දියණිය විවහාකර ගැනීමට සිටි තරුණයාව පසුගිය වසරේදී ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇතැයි සැකයක් පොලීසියට මතුවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img