fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව පොලිස්පති පත්කිරීම නීතිවිරෝධීයි -විපක්ෂනායක

    නව පොලිස්පති පත්කිරීම නීතිවිරෝධීයි -විපක්ෂනායක

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු පවසන්නේ මෙම පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ ඡන්ද 4ක් පක්ෂවත්, ඡන්ද 2ක් විරුද්ධවත් 2නෙකු සහභාගිත්වයෙන් වැළකී සිටි බවත් ය.

    අවම වශයෙන් ඡන්ද 5ක්වත් තීරණය සනාථ කිරීමට අවශ්‍ය බව සජිත් ප්‍රේමදාස මහතා කීය.

    ඡන්දය සමව පවතින අවස්ථාවක කථානායකවරයා විසින් ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබුණත් 4/2 යනු එවැනි අවස්ථාවක් නොවන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

    මේ අනුව දෙවැනි වතාවටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංගනය කළ බවත් එය ලැජ්ජාසහගත  බවත් විපක්ෂ නායකවරයා චෝදනා කර සිටී.

    විපක්ෂනායකවරයාගේ සටහනට හිටපු අමාත්‍යවරයකු වන නවීන් දිසානායක මහතා අදහස් දක්වා තිබුණේ මෙලෙස ය.

    “4/2 සම තත්වයක් නොවුණත් 4/2 කියන්නේ 5/3 කියන එකත් නෙවෙයි. තීරණය වලංගු වීමට ඡන්ද 5ක් අවශ්‍ය වන අතර එය 5 බවට පත්කිරීමට කථානායකවරයා ඡන්දය ප්‍රකාශ නොකළේ නම් ඔබ එයද ප්‍රශ්න කරනු ඇත. ඔබේ තර්කය ඔබට එතරම් විශ්වාස නම්, මෙය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යන්නේ ඇයි?”

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත්කිරීම සිදුකරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන නිර්දේශය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුවය.

    ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ජනාධිපතිවරයා යම් හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තම බලතල ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා තිබෙන ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.

    ඒ පිළිබඳ ජනාධිපති කාර්යාලය මීට පෙර නිකුත් කර තිබූ පැහැදිලි කිරීමක් පහතින් දැක්වේ.

    ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සකස් වී ඇති අයුරු පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.