fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රතු සහෝදරයින් ඉන්දියාවට නොගියා නම් UPI ගෙවුම් පද්ධතියට ලොකු විරෝධයක් එන්න තිබුණා"

    “රතු සහෝදරයින් ඉන්දියාවට නොගියා නම් UPI ගෙවුම් පද්ධතියට ලොකු විරෝධයක් එන්න තිබුණා”

    රතු සහෝදරයින් ඉන්දීයාවේ සංචාරය නොකළා නම් යූ.පී.අයි. ගෙවුම් පද්ධතියට එරෙහිව මෙරට තුල විශාල ව්‍යාජ මතයත් නිර්මාණය කිරීමට ඉඩ තිබූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    ඔවුන්ගේ ඉන්දීය සංචාරය සමඟ මෙතක් පැවති ඉන්දීය විරෝධි ප්‍රතිපත්තිය වෙනස් වීම, ඔවුන්ගේ ප්‍රතිපත්ති ස්ථීර නොවන බවට කදිම උදාහරණයක් බවත් අමාත්‍යවරයා කීය.

    ඉන්දීය විරෝධී ප්‍රතිපත්ති වෙනස්වීම සාධනීය කාරණයක් වුවත් එම ප්‍රතිපත්තිය හේතුවෙන් ජීවිත අහිමි වූවන්ට යලිත් එම ජිවිත නොලැබීම ඉතා කණගාටුදායක ඉතිහාසයක් මතක් කරදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ වැල්ලවාය මහජන ක්‍රිඩාංගනයේ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අද (17) සහ හෙට(18) දෙදින පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වූ අවස්ථාවේදීය.

    කම්කරු හා විදේශ රැකියා ආමත්‍යාංශය විසින් සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන මගින් අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනයවල සේවාවන් සහ අනෙකුත් රාජ්‍ය අයාතනවල සේවාවන් මහජනතාව වෙත ගෙනයාම අපෙක්ෂා කරයි.

    ඉදිරියේදී ඉන්දියාවට මෙරට තුල ව්‍යාපෘති කිරීමට බාධාවක් නොවනු ඇති බවට අපෙක්ෂා කරන බවත් එමගින් ඉන්දියාව මෙරටට ලබාදෙන සහය ඉහළයාමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    “ප්‍රතිපත්තිවලට ඡන්දේ දීලාතමයි අපේ රට මේ තියෙන තත්වයට පත්වුනේ. හැබැයි මට හැමදාම තිබුණ ප්‍රතිපදාව තමයි, රටට ජයග්‍රහණය ගෙන එන අවස්ථා නියෝජනය කිරීම. ජනතාවට ජයග්‍රහණය ගෙන එන අවස්ථාවක් වෙනුවෙන් තමයි මම පෙනී සිටියේ. මම අද පෙනී ඉන්නේත් මේ රටේ අනාගතය ජයගන්න පුලවන් නායකත්වය වෙනුවෙන්.
    ප්‍රතිපත්ති වෙනස් වෙනවා කියන එකට හොදම උදාහරණයක් තමයි මේ දවස්වල රටේම ඉන්න සෙනග බස්වලින් ඇද ඇද රැල්ලක් හදන්න යන රතු සහෝදරවරු. ඒ අයගේ ඉන්දියාව සම්බන්ධව තිබුණු ප්‍රතිපත්තියට වුනේ මොකක්ද කියලා තමුන්නාන්සෙලා දැක්කනේ. ඒ සහෝදරවරුන්ගේ පංති පහේ එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා පංතියක් හදලා අන්ධ කරලා රටේ රන් සමනල්ලු දස දහස් ගණනක් වලාකුලු වලට නග්ගපු අමුවෙන් කිව්වොත් මරලා දාන්න කටයුතු කරපු ප්‍රතිපත්තිය ඒ අය වෙනස් කරගත්තා. ඒක හොදයි. හැබැයි අර අන්ධ කරලා නැති කරපු ජීවිතවලට ආයේ පණදෙන්න බැහැ.

    ඒත් අද ඒ ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා. ඒත් නැති වුන ජීවිත යලිත් ගන්න අපිට අවස්ථාවක් නැහැ. දැන් ඒ සහෝදරයා වැරදිලා හරි ඉන්දියාවේ නොගියනං අර ඉන්දියන් යූ පී අයි මුදල් ගණුදෙනු සිස්ටම් එක ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඇති කරද්දී රනිල් ඉන්දියාවට රට විකුණන්න යනවා කියලා තමයි කියන්නේ. ඉන්දියාවේ ගියපු නිසා මීක් නෑ. මතක ඇතිනේ කලිං වතාවල් වල කියපු කතා. ගිලන්රථ සේවය ගේනකොට කියපු කතා, අමූල් එකට කියපු අමූලික කතා. ලස්සනම දැන් ඒවට උත්තර දෙන්න කියන අමූලික කතා. දැන් ටෙන්ඩර් දාලා දෙනවා නම් කමක් නෑ කියලා කියනවා. අපි ස්තූතිවන්ත වෙනවා ඉන්දියාවට ගිහින් හරි ප්‍රතිපත්ති වෙනස් කරගත්ත එකට.”

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.