fbpx
තවත්
    මුල් පිටුවspecialකැරම් ක්‍රීඩාවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවයට ද්විත්ව ශූරතා

    කැරම් ක්‍රීඩාවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවයට ද්විත්ව ශූරතා

    10 වැනි සංචාරක වෙළෙඳ සේවා පිරිමි සහ කාන්තා කැරම් ශූරතාවලියේදී ශ්‍රීලංකන් ගුවන් සේවය ද්විත්ව ජයග්‍රහණයක් හිමිකරගෙන තිබේ.

    පසුගිය දා නිමාවට පත් වූ මෙම තරගාවලියේ පිරිමි ශූරතාව ශ්‍රීලංකන් ගුවන් සේවයේ “A” කණ්ඩායමට හිමි විය.

    අනුශූරතාව හිමිවූයේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ “B” කණ්ඩායමට ය.

    තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ “A” කණ්ඩායම නියෝජනය කළ G.S.N සේනාධීර සම්මාන දිනාගත්තේය.

    තරගාවලියේ කාන්තා ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ “C” කණ්ඩායම සමත්විය.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.