fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශිරාන් බාසික්ගේ පුතා නූලෙන් බේරේ - පොහොට්ටුවේ මන්ත්‍රී කොටුවේ

    ශිරාන් බාසික්ගේ පුතා නූලෙන් බේරේ – පොහොට්ටුවේ මන්ත්‍රී කොටුවේ

    ඩුබායි හී රැදී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසික් නැමැති පුද්ගලයාගේ පුතා වන නදීන් බාෂික් සමඟ සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන්කරමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් යටකර පළායමින් සිටි කොටිගාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන දිනුෂ රුක්ෂාන් සුබවීර නැමැත්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මන්ත්‍රීවරයා අංගොඩ බුත්ගමුවේ පදිංචි 41 හැවිිරිදි වියේ පසුවන අයෙක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් බුද්ධි තොරතුරකට අනුව ඊයේ සවස වැල්ලවත්ත පොලිස් වසමේ පිහිටි හැවලොක් සිටි නිවාස සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ වැටලීමක් සම්බන්ධයෙන් අවේක්ෂණ රාජකාරියේ නිරතව සිට ඇත.

    එම අවස්ථාවේදී හැවලොක්සිටි මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ සිට නිවාස සංකීර්ණය දෙසට පැමිණි WP CBA 8987 අංකය දරණ අවුඩි Q2 වර්ගයේ සුදු පැහැති මෝටර් රථයක පරීක්ෂා කිරීසම සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් නැවතීමට සංඥාකර ඇත. එහිදී මෝටර් රථය නොනවත්වා ධාවනයකර ඇත්තේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනතුරට ලක්කරමිනි. රථය වේගයෙන් ධාවනයකර ඇත්තේ හැවලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසටය. විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද ඒ පස්සේ පන්නා තිබේ. එහිදී රථය හැවලොක් සිටි නිවාස සංකීර්ණයේ ක්ලබ් හවුස් ඒරියා කොටසේ දෙවන මහලේ රථ ගාලේ නවතා ඒ තුළ සිටි දෙදෙනෙක් පළාගොස් තිබේ.

    එහිදී දැඩි පරීශ්‍රමයක් දරා විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඒ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයා වන්නේ එසේ අත්අඩංගුවටගත් සැකකරු බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. පළාගොස් ඇත්තේ ශිරාන් බාසික්ගේ පුතාවන නදීන් බාෂික් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.