fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සැබෑ ශ්‍රී ලාංකික රසය කැටිවූ ‘SriLankan Flavours’ සම්මානයෙන් පිදුම් ලබයි

    සැබෑ ශ්‍රී ලාංකික රසය කැටිවූ ‘SriLankan Flavours’ සම්මානයෙන් පිදුම් ලබයි

    ශ්‍රීලංකන් ගුවන් සේවය මෙරට සාම්ප්‍රදායික ආහාරපාන සංස්කෘතියෙන් හා සූපශාස්ත්‍රයෙන් ආභාසය ලබමින් හඳුන්වා දුන් ‘SriLankan Flavours’ ආහාරපාන එකතුව, APEX (Airline Passenger Experience Association) සහ IFSA (International Flight Services Association) Global Expo හි විනිශ්චය මණ්ඩලයේ ඇගයීමට ලක්වෙමින් 2024 IFSA Best Inflight Food or Beverage Innovation සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

    සැබෑ ශ්‍රී ලාංකිකත්වයේ රසය කැටිකරගත් මෙම ආහාරපාන රසවිඳීමට, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවල ගමන් කරන මගීන්ට අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙම ආහාරපාන, ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ ශ්‍රී ලාංකිකත්වය අතර පවතින ශක්තිමත් බැඳීම මැනැවින් ලොවට කියාපාන නැවුම් සංකල්පයකි.

    මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මාරියා සතාසිවම් මහත්මිය මෙසේ අදහස් පළකළා ය. “අප ලබාදෙන සේවාවන්ගේ සුවිශේෂී බව නිරූපණය කරන සාධකයක් ලෙස ශ්‍රී ලාංකික ආහාරපාන හඳුන්වා දීමේ අරමුණ මුල්කරගෙන ‘SriLankan Flavours’ සංකල්පය නිර්මාණය වුණා. මෙහිදී ශ්‍රී ලාංකික ආහාරපාන අප හඳුන්වා දී තිබෙන්නේ, සිරුර, මනස සහ ආධ්‍යාත්මය පෝෂණය කරන, සහ ලොව ආහාරපානවල විවිධත්වය සොයා යන කෙනෙකුට ශ්‍රී ලාංකික ආහාරපාන සම්ප්‍රදාය වටහා ගැනීමට උපකාරී වන ආහාරපාන එකතුවක් ලෙසයි. එමෙන්ම ඒ යටතේ අප මගීන්ට ලබාදෙන ආහාරපාන, ශ්‍රී ලංකාවේ ආහාරපාන සම්ප්‍රදායන්ට දීර්ඝ කාලයක පටන් ආභාසය සැපයූ බහුවිධ සහ බහු සංස්කෘතික ලක්ෂණ මැනැවින් නිරූපණය කරනවා.”

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මාරියා සතාසිවම් මහත්මිය, ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලෝන්ග් බීච් හිදී පැවැත්වුණු APEX/IFSA සම්මාන උළෙලේදී APEX/IFSA ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජෝ ලීඩර් මහතා අතින් ‘2024 IFSA Best Inflight Food or Beverage Innovation’ සම්මානය ලබාගත් මොහොත .

    ශ්‍රී ලංකාවේ සුවිශේෂී බව සහ එහි වටිනාකම් කැටිකොටගත් ගුවන් සේවයක් වශයෙන්, දේශීය සූපශාස්ත්‍රයේ විශිෂ්ටත්වය ලොවට හඳුන්වා දීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සැබැවින්ම සුදුසු ය. SriLankan Flavours පන්නරය ලබන්නේ මෙම විශිෂ්ටත්වයේ අරමුණ තුළිනි. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාරපාන වට්ටෝරු අනුව පිළියෙල කරනු ලබන මෙම ආහාරපාන, ශ්‍රී ලංකාවේ සිට විදෙස් රටවල් බලා ගමන් කරන සියලුම මගී ගුවන් යානාවලදී මෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ Serendib සහ Serendiva විවේකාගාරවලදී රස බැලිය හැකි වේ.

    “2024 IFSA Best Inflight Food or Beverage Innovation සම්මානය හිමි වීම යනු ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මගීන්ට විශිෂ්ටතම ආහාරපාන අත්දැකීමක් තිළිණ කිරීමට සමත් වී ඇති බව තහවුරු කරන මනා සාක්ෂියක්. මෙලෙස සම්මාන දිනූ ‘SriLankan Flavors’ ආහාරපාන එකතුවට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආහාරපාන සම්ප්‍රදායන්ට අයත් වන, ශ්‍රී ලාංකික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නැවුම් ප්‍රවේශයක් ඔස්සේ පිළියෙල කරන ලද ආහාරපාන වර්ග රැසක් ඇතුළත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ විචිත්‍ර සංස්කෘතිය කැටිකොටගත් මේ ආහාරපාන එකතුව, ගුවන් ගමනකදී ආහාරපාන ගැනීමේ අත්දැකීම නව තලයකට ඔසවා තබන බව කියන්නට පුළුවන්. මේ ජයග්‍රහණය වෙනුවෙන් මා ශ්‍රීලංකන් ගුවන් සේවයට සුබ පතනවා.” APEX/IFSA ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජෝ ලීඩර් මහතා පැවසී ය.

    APEX/IFSA සම්මාන උළෙල සහ ප්‍රදර්ශනය පසුගියදා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලෝන්ග් බීච් හිදී පැවැත්වුණු අතර, එහිදී සිය මගීන්ට විශිෂ්ටතම අත්දැකීම් තිළිණ කිරීමට සමත් වූ ගුවන් සේවාවන් ඇගයීමට ලක්කරන ලදි. එමෙන්ම එහිදී APEX Official Airline Ratings™ යටතේ අඛණ්ඩව 6 වැනි වරටත් ‘Four Star Major Airline’ තත්ත්වය හිමිකරගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.