fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතිනිය දිවයිනට

    බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතිනිය දිවයිනට

    එක්සත් රාජධානියේ ඉන්දු පැසිෆික් කලාපයේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් තෙදින සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණියාය. මෙම සංචාරය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සිහිපත් කරන අතර මෙය ට්‍රෙවෙලියන් අමාත්‍යවරියගේ වත්මන් භූමිකාවේ ශ්‍රී ලංකාවේ පළමු නිල සංචාරය සනිටුහන් කරයි.

    ඇයගේ සංචාරයේ අතරතුරදී ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරන ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිතය. මෙම හමුවේදී ඇය ඉන්දු පැසිෆික් කලාපය සඳහා එක්සත් රාජධානියේ කැපවීම අවධාරණය කරනු ඇති බවත් දේශගුණික විපර්යාසය අවම කිරීම සඳහා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ උත්සාහයන් ශක්තිමත් කිරීමට අපෙක්ෂා කරනු ඇති බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

    මෙම සංචාරය තුලදී අමාත්‍යවරිය විසින් පාරිසරික හා දේශගුණික ගැටළු පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කිරීමටද නියමිතය. එහිදී ජෛව විවිධත්ව අරමුණු සහ ග්ලාස්ගෝ ගිවිසුම සම්බන්ධ ශ්‍රී ලංකාවේ පාරිසරික මුලපිරීම් සඳහා එක්සත් රාජධානියේ සහාය අමාත්‍ය ට්‍රෙවේලියන් විසින් ඉස්මතු කරනු ඇති බවද මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

    සිය සංචාරය අතරතුරදී අමාත්‍යවරිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සාමාජ සමාජිකයින් හමුවීමටද නියමිතය.

    මෙම සාකච්ඡා දේශගුණ මූල්‍ය, හරිත වර්ධනය, ද්විපාර්ශ්වික වෙළඳාම, මානව හිමිකම්, යුක්තිය ප්‍රතිසංස්කරණ සහ එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට නියමිත බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

    අමාත්‍යවරිය යාපනය ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස්, ප්‍රාදේශීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ ප්‍රාදේශීය ව්‍යාපාරික නායකයන් හමුවීමටද නියමිතය. මීට අමතරව, එක්සත් රාජධානියේ ගැටුම්, ස්ථාවරත්ව සහ ආරක්ෂක අරමුදල (CSSF) වෙතින් සහය ලබන මුහමාලේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ස්ථානයක සංචාරය කිරීමටද නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.