fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා ඉවතට

    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා ඉවතට

    අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට 100 ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව අද පියවර ගත්තේය.

    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී සියයට 100 ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලා අදාළ නියෝගය වහාම අත්හිටු බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේය.

    කාණ්ඩ 11ක් යටතේ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ 623ක් ආනයනය සීමා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව සැප්තැම්බර් මස 9 වැනිදා අදාළ සියයට 100 ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව ක්‍රියාත්මක කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික මාර්ග සැලැස්ම එළිදක්වමින් මහා බැංකු අධිපතිවරයා මේ බව සදහන් කළේය.

    අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඉකත් 29 වෙනිදා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට උපදෙස් ලබාදීමක්ද කර තිබුණි.

    අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ වලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම උපදෙස් ලබාදුන් බව සහ මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊට අදාළ විසඳුම් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව එදින අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර සදහන් කර තිබුණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.