fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිධන් හාරන්න ගිය ලුතිනන් කමාන්ඩර් ඇතුළු 08 ක් කොටු

    නිධන් හාරන්න ගිය ලුතිනන් කමාන්ඩර් ඇතුළු 08 ක් කොටු

    පේසාලේ පිහිටි මුරුගන් කෝවිල අසල කැලෑ ප්‍රදේශයේ නිදන් වස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදුකරමින් සිටි නාවික හමුදාවේ ලුතිනන් කමන්ඩර්වරයකු ඇතුළු 08 දෙනෙක් පේසාලේ පොලීසියේ නිලධාරීන් විසින් අතත්අඩංගුවට ගෙන ඇත.

    පේසාලේ පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකල වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

    ත්‍රීකුණාමල නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටින මෙම ලුතිනන් කමාන්ඩර්වරයා ගෝනපොල පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.