තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රිපුද්ගල ඝාතකයා පලායද්දී අහම්බයකින් පොලිස් දැලේ

    ත්‍රිපුද්ගල ඝාතකයා පලායද්දී අහම්බයකින් පොලිස් දැලේ

    නාල්ල මාලදෙනියේ නිවසක තිදෙනෙක් ඝාතනය කර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පළායමින් සිටි සැකකරුවෙකු නාල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

    පාපැදියක් තල්ලුකරමින් මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයෙකුව අද අලුයම් කාලයේදී නාල්ල පොලීසියේ රාත්‍රී ජංගම මුර සංචාරක ජිප් රථයේ නිලධාරීන් පරීක්ෂාකර ඇත්තේ අහඹු ලෙසිණි. එහිදී ඔහු සතුව රුපියල් ලක්ෂ 03කට ආසන්න මුදලක් සහ දියමන්ති මාලයක් ඇතුළු රන් භාණ්ඩ කිහිපයක් තිබී ඇත. පාපැදිය තල්ලුකරගෙන යමින් සිටි මේ පුද්ගලයා හලාවත බංගදෙණියේ පදිංචිකරුවෙකි. ප්‍රශ්න කිරීමේදී එම පුද්ගලයා ලබාදුන් තොරතුරු සැකයට ලක්වූ බැවින් පොලිස් නිලධාරීන් ඔහුව පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබේ.

    මෙහිදී සැකකරු සතුව තිබී එක්සත් ජාතික පක්ෂයේ සාමාජික කාඩ්පතක් හමුවී ඇත. එම කාඩ්පතේ ලිපියනය නාල්ල පොලිස් වසමේ වූ බැවින් පොලිස් නිලධාරීන් එම ලිපිනයට ගොස් ඇත්තේ යම් පරීක්ෂාවක් කිරීමටය.

    ඒ යන විට එම එජාප සාමාජික කාඩ්පත හිමියා ඇතුළු මුළු පවුලම සිට ඇත්තේ නිවස තුළ ඝාතනයට ලක්ව ය.

    සැකකරුගෙන් ඒ ගැන කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ සැකකරු එම පවුලේ ඥාති කාන්තාවක් විවාහ කරගෙන සිටින තැනැත්තෙක් බවය. ඔහු විසින් නිවසේ දේපොල කොල්ලකෑමට එම නිවසේ ජීවත් වූ ඔහුගේ බිරියගේ බාප්පා, පුංචි සහ එම පවුලේ දරුවෙකු ඝාතනය කර ඇති බව පෙනී ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට සිදුවන බව නාල්ල පොලීසිය කියයි. හලාවත සිට පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img