fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ වරායට ආ නැවක කෝකියෙකුගේ මළසිරුරක්

    කොළඹ වරායට ආ නැවක කෝකියෙකුගේ මළසිරුරක්

    ටෝගෝ සිට කොළඹ වරාය දක්වා පැමිණි ලිබියාවට අයත් නෞකාවක සේවය කළ ඉන්දියානු ජාතික කෝකියෙකු නෞකාව තුළ මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ R. RATAN SINGH නැමැති 48 හැවිරිදි ඉන්දියානු ජාතික කෝකියෙකි.

    මෙම නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලා ඇත්තේ පෙරේදා (17)ය. කෝකියා මියගොස් ඇත්තේ පසුගිය 03 වෙනිදාය.

    නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලෑමෙන් අනතුරුව ඒ ගැන නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් පොලීසියට පැමිණිලිකර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.