රට ජාතිය ආගම වීරත්වය අමතක කර අනාගතයට පියනගන්නැයි කියන පිරිසක් ඇත්නම් ඔවුන්ගෙන් අද දවසේ පරිස්සම්වෙන්න යැයි පවසමින් විජයග්‍රහණයට දායක වූ රණවිරුවන් සහ රට වැසියන් සියලුදෙනාට සිය ප්‍රණාමය පුද කරමින් පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(15) නිවේදනයක් නිකුත් කර තිබේ.
විජයග්‍රහණයේ 15වැනි මතක සැමරුම මැයෙන් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.
“දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව වෙලාගත් බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමේ 15 වැනි සැමරුම 2024 මැයි මස 19 වැනිදාට යෙදී තිබේ.
හැත්තෑව දශකයේ ඉතා සුළුවෙන් ආරම්භ වූ එල්.ටී.ටී.ඊ සංවිධානය 2008 වසර වනවිට ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්ව තිබිණි.
මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සහ ළමා සොල්දාදු බළකායන් පවා ලොවට හඳුන්වාදුන් එල්.ටී.ටී.ඊ සංවිධානය එදා පරාජයට පත්කරනවිට මරාගෙන මැරෙන කුඩා බෝට්ටු, රාත්‍රි කාලයේ පහරදෙන සැහැල්ලු ගුවන් යානා ඇතුළු අවි ආයුධ ගෙන්වීමේ නෞකාවලින් පවා ශක්තිමත්ව සිටි බව ඔබට සිහිපත් කළ යුතුය.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ රාජ්‍ය නායකයන් දෙදෙනෙක් ඇතුළුව මෙරට දේශපාලන නායකයන් සහ සිවිල් වැසියන් දහස් ගණන් ඝාතනය කළ එල්.ටී.ටී.ඊ සංවිධානය එදා මා දිගු කළ සාම මාවත ද ප්‍රතික්ෂේප කරමින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීම නිසා එදා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මානුෂීය මෙහෙයුම අපි ආරම්භ කළෙමු.
එම මානුෂීය මෙහෙයුම විරෝධාර රණවිරුවන් විසින් අවසන් කරනු ලැබුවේ ත්‍රස්තවාදීන් ඊළමක් ලෙස බෙදා වෙන්කරගත් උතුරු හා නැගෙනහිර සමස්ත භූමිය 2009 මැයි 18 වැනිදා මුළුමනින්ම අත්පත්කරගනිමින් හා මැයි 19 වැනිදා උදෑසන කොටි ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බව තහවුරු කරමිනි.”
y