තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුරක්ෂා ආයෙත් පටන්ගන්න ජනපති නියෝග

    සුරක්ෂා ආයෙත් පටන්ගන්න ජනපති නියෝග

    තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

    ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට ජුනි මස මුල් සතියේ සිට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව උදාවවන බව ජනාධිපති කාර්යාලය පවසයි.

    මීට අදාළව මුදල්, ආර්ථීක ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

    ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් රක්ෂණාවරණ ප්‍රතිලාභ ලබාදීම තාවකාලිකව අත්හිටුවන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img