fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ ගුවන් සංදර්ශනය කල්යයි

    කොළඹ ගුවන් සංදර්ශනය කල්යයි

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සංදර්ශනය සහ ආරක්ෂක ප්‍රදර්ශනය කල්දමා තිබේ.

    ඒ අනුව එම ගුවන් ප්‍රදර්ශනය 2025 පෙබරවාරි මස 26 වන දින සිට 2025 මාර්තු මස 02 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

    මෙය, 2024 මැයි මස 29 වන දින සිට 2024 ඡුනි මස 02 වන දින දක්වා කොළඹ වරාය නගරයේ සහ ගෝල් ෆේස් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

    එහෙත් ඒ සදහා සහභාගී වීමට නියමිත විදේශිය ගුවන් හමුදාවන්, ඡාත්‍යන්තර ගගන තාක්ෂණික සහ ආරක්ෂක පාර්ශවකරුවන්ගේ ඉල්ලීම මත සහ ඔවුන්ගේ සහභාගීත්වයට පුළුල් අවස්ථාවක් ලබාදිමේ අරමුණින් කොළඹ ගුවන් සංදර්ශන සහ ආරක්ෂක ප්‍රදර්ශනය ගුවන් හමුදා 74 ‌​වෙනි සංවත්සරයට සමගාමීව පැවැත්වීමට මෙලෙස තීරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img