තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉරාන තානාපතිට කලම්බෝ සිටි සෙන්ටර් පරිශ්‍රයේදී ප්‍රහාරයක්

    ඉරාන තානාපතිට කලම්බෝ සිටි සෙන්ටර් පරිශ්‍රයේදී ප්‍රහාරයක්

    ඉරාන නාතාපති A.DELKHOSH මහතාට කොළඹ සිටි සෙන්ටර් හී රථ ගාලේදී පහරදුන් පුද්ගලයෙකු කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    තානාපතිවරයා ඔහුට අයත් නිල රථයෙන් ඊයේ කොළඹ සිටි සෙන්ටර් වෙත ගොස් මෝටර් රථය රථ ගාලට ඇතුළුකරන විට තවත් මෝටර් රථයක රියදුරෙක් ඔහු සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබේ.

    කොළඹ 07 වෝර්ඩ් පෙදෙසේ පදිංචිකරුවෙනක් වන බස්නායක නැමැති 33 හැවිරිදි එම රියදුරා ඉරාන තානාපතිවරයාට මෙහිදී පහරදී ඇත. අනතුරුව රියදුරු මෝටර් රථයේ නැගී පළායාමට සූදානම් වන විට තානාපතිවරයා එම වාහනයේ බොනට්ටුවට අත තබා පොලිස් නිලධාරීන් පැමිණෙන තෙක් වාහනය නවතාගෙන සිටීමට උත්සහා දරා ඇත.

    එම අවස්ථාවේදී එම රියදුරා මෝටර් රථය පනගන්වා ඉදිරියට ධාවනය කර ඇත. එහිදී තානාපතිවරයා විසිවී බොනට්ටුව මත වැටී ඇති බවත් මෝටර් රථය මීටර් 15ක් පමණ ඉදිරියට ධාවනය කර ඇති බවත් පොලීසිය කියයි.

    එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img