fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්බාලවයස්කාර පෙම්වතිය දූෂණය කල රියැලටි තරු ව රක්ෂිත බන්ධනාගාරයට

    බාලවයස්කාර පෙම්වතිය දූෂණය කල රියැලටි තරු ව රක්ෂිත බන්ධනාගාරයට

    බාල වයස්කාර සිය පෙම්වතිය දූෂණය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රූපවාහිනී නාලිකාවක ගායන තරු තෝරන රියැලටි වැඩසටහනකට සහභාගිවී සිටින තරුණයෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය හදාරන දූෂණයට ලක්වූ බව කියන සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සදහා මේ වන විට රාගම රෝහට ඇතුලත්කර ඇත.

    තරුණයා විසි හැවරදි වියේ පසුවන්නෙක් වන අතර ඔහු මීගමුවේ පදිංචිකරුවෙකි. සිසුවිය කදානේ පදිංචිව සිටින බව පොලීසිය කියයි.

    අදාල ගායන තරු වැඩසටහනේ ප්‍රේක්ෂිකාවක් වන සිසුවිය මුහුණු පොත හරහා තරුණයා සමග සම්බන්ධ වෙමින් දුරකතන අංක හුවමාරුකර ගනිමින් සම්බන්ධය ගොඩ නගාගෙන ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. සිසුවියගේ නිවසටද තරුණයා කිහිප විටක් පැමිණ ඇති බවද පොලීසිය සදහන් කරයි. ඇය එහිදී මුලින්ම අපයෝජනයටත් පසුව දූෂණයටත් ලක්ව ඇතැයි පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත.

    සිසුවියගේ පියා විදෙස්ගත රැකියාවක නිරතව සිටින අතර තරුණයාගේ මව හෙද නිලධාරිනියකි. තරුණයාගේ පියා ගණකාධිකාරීවරයෙක් බවත් පොලීසිය සදහන් කරයි. සිසුවියගේ නිවසේ අනාරක්ෂිත තත්ත්වය ඇය දූෂණය වීමට මුල්වී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඒ බව දැරිවියගේ මව දැන ගැනීමෙන් පසුු තරුණයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ නිසි වයස සම්පූර්ණ වීමෙන් පසුව ඇයව විවහා කර ගන්නා බවය. එහෙත් ගායන තරු වැඩ සටහනින් තරුණයා ජනප්‍රියත්වයෙන් ඉහළ යන විට ඔහු සිසුවියව මඟ හැරීමට පටන් ගෙන තිබේ. ඒ හේතුවෙන් දූෂණය වීම ගැන ඉකුත් සතියේදී ඇය සිය මව සමග පැමිණ කදාන පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    කදාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ අංශය විසින් ඒ සම්බන්ධයෛන් විමර්ශනයක් පවත්වා දින කිහිපයකට පෙර තරුණයාව අත්අඩංගුවට ගෙන තිබේ. දෙදෙනා කැමැත්තෙන් එක්වූ බව එහිදී සැකකාර තරුණයා පොලීස් ප්‍රශ්න කිරීමේදී සදහන් කර ඇත. පොලීසිය පවසන්නේ අවුරුදු 16 අඩු නම් ඒ අය සැලකෙන්නේ දරුවන් බවකි.රටේ පවතින නීතියට අනුව 16 අඩු දැරිවියන් සමග කැමැත්තෙන් එකට එක්වූවත් නීතිය හමුවේ එය සැළකෙන්නේ දූෂණයක් බව පොලීසිය පවසයි. මේ ගැන නිසි අවබෝධයක් නොමැතිව කටයුතු කරන පෙම්වතුන් කොතෙකුත් සමාජයේ සිටින බවද පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.