තවත්

    සියළුම කතෝලික දේවස්ථානවලට අනිද්දා විශේෂ ආරක්ෂාවක්

    0

    දිවයින පුරා සියලුම කතෝලික දේවස්ථානවල අනිද්දා (21) ආරක්ෂාව තර කරන ලෙස පොලිස්‌ මූලස්ථානය සියලුම පොලිස්‌
    ස්ථාන‌ වෙත දැනුම් දෙයි.

    ඒ, මීට වසර දෙකකට පෙර මේ
    මස 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා
    ප්‍රහාරයෙන්‌ මියගිය සහ තුවාල
    ලැබූවන්‌ සිහි කර දේවස්ථානවල
    දේව මෙහෙයන්‌ සහ ආගමික
    වැඩසටහන්‌ සංවිධාන කර තිබීම
    හේතුවෙනි.

    ඉතාලියේදී අභිරහස් ලෙස වෙඩි වැදුණු තරුණයෙ කුගේ සිරුර මෙරටට

    0

    ඉතාලියේ ඇප්‍රේනියා නගරයේ පිහිටි ගෝල්ෆ් ක්‍රීඩා සමාජයක මුරකරුවෙක් ලෙස සේවයේ නිරතව සිටියදී අභිරහස් ලෙස වෙඩි වැදීමකින් මිය ගිය ශ්‍රී ලාංකික තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ (18) සවස මෙරටට රැගෙන විත් ඇත.

    තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් එම මළ සිරුර රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    මියගොස් ඇති පුද්ගලයා ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකි. ඉතාලියේදී ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබේ. වෙඩි තබාගෙන ඔහු සිය දිවි හානිකරගෙන ඇතැයි එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වන බව අජිත් රෝහන මහතා කීය. වෙඩි වැදුනු සලකුණු ඇත්තේ ඔහුගේ හිස හෝ පපු ප්‍රදේශයේ නොවන බවත් මරණය සම්බන්ධයෙන් මීගමුව රෝහලේදී නැවත පශ්චාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති බවත් අජිත් රෝහන මහතා සදහන් කළේය.

    මෙම තරුණයාගේ මවද ඉතාලියේ සේවය කර ඇති බවත් ඇයද මේ වන විට මෙරටට පැමිණ ඇති බැවින් මරණය සම්බන්ධයෙන් ඇගෙන් යම් තොරතුරක් අනාවරණය කර ගනීමට හැකිවනු ඇති බවත් අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    මන්ත්‍රී පාඨලී හදිසියේ අසනීප වී රෝහලට

    0

    සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා උදරයේ රෝගාබාධයක් හේතුවෙන් හදිස්සියේම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

    අද පෙරවරු 10:30 ට මන්ත්‍රීවරයා, කොළඹ වරාය නගරය සම්බන්ධ මාධ්‍ය හමුවකට සහභාගී වීමට නියමිතව තිබියදී මෙලෙස හදිසියේ රෝගී වී ඇත.

    මේ වන විට මන්ත්‍රීවරයා වෛද්‍ය පරීක්ෂණයට ලක්කර ඇතැයි වාර්තා වේ.

    කොළඹ වරාය නගරයේ 2014 ගිවිසුම, 2016 ගිවිසුම හා 2021 නව පනත් කෙටුම්පත පිළිබඳව කෙරෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට පාඨලී චම්පික රණවක මහතා සහභාගිවීමට නියමිතව තිබූ අතර මන්ත්‍රීවරයාට ඊට සහභාගි වීමට නොහැකි වූ බව දන්වා නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ සුමේධ රත්නායක සහ හිටපු සභාපති ජගත් මුණසිංහ යන මහත්වරු එම මාධ්‍ය සාකච්ඡාව පවත්වති.

    පෝට් සිටි පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

    0

    කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අභියෝග කරමින් ගොනු කර ඇති පෙත්සම් 19 සලකා බැලීම ඇරඹේ.

    ඒ සඳහා පත්කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මීට ටික වේලාවකට පෙර එය ආරම්භ කළේය.

    මුරලිට ඉන්දියාවේදී සැත්කමක්

    0

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවන සන් රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස මේ දිනවල කටයුතු කරමින් සිටින ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශ්ෂිඨතම පන්දු යවන්නෙක් වන මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේදී හදිසියේම හටගත් රෝගී තත්වයක් හේතුවෙන්ශල්‍යකර්මයකට ලක්කර තිබේ.

    චෙන්නායි පිහිටි රෝහලකදී හෘදයේ නාලිකාවක අවහිරතාවක් සම්බන්ධයෙන් මුරලි ශල්‍යකර්මයකට ලක්කළ බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත. මුරලිදරන් රෝහල්ගත කර ඇත්තේ ඊයේ (18) ය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඇතුළු වී තිබේ.

    මේ වන විට මුරලිදරන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව වෛද්‍යවරු පවසන බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.

    මිලින්ද මොරගොඩගේ රාජ්‍ය තාන්ත්‍රික පත්වීම ආපසු හරවා නෑ – ඉන්දියාව

    0

    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම්කළ මිලින්ද මොරගොඩගේ පත්වීමට අනුමත කිරීමේ තීරණය ආපසු හරවා නොමැති බව ඉන්දියාව පවසයි.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ පසුගිය වසරේ නොවැම්බරයේ දී අනුමත කරන ලද නාමයෝජනා එලෙසම පවතින බවයි.

    කැබිනට් ශ්‍රේණියේ මහ කොමසාරිස්වරයකු ලෙස ශ්‍රී ලංකාව මොරගොඩ නම් කිරීමට ඉන්දියාව අනුමැතිය ලබා දී නැති බවට ඇතැම් අනුමාන කිරීම් පැවතුණි.

    මොරගොඩ මහතා කඩිනමින් රාජකාරි භාර ගැනීමට අපේක්ෂා කරන බවත් ප්‍රමාද වීම ශ්‍රී ලංකාවේ පැත්තෙන් වූවක් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

    චීනය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පැත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ වන්නේ මිලින්ද මොරගොඩ මහතා ය.

    මොරගොඩ ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසියේ 2000 දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ය. 2001 දෙසැම්බර් මහ මැතිවරණයේදී ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ සිට කොළඹ නැගෙනහිර සංවිධායක ලෙස තරඟ කොට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

    නාරම්මල මහජන බැංකුවේ 20කට කොවිඩ්

    0

    අංජනා මල්ලවආරච්චි

    නාරම්මල මහජන බැංකු ශාඛාවේ සේවකයින් විසි දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

    නාරම්වල මහජන බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අද පස්වරුවේ ලැබුණු අතර ඒවායින් ඔවුන්ට වෛරස ආසාදන වී ඇති බවට තහවුරු වූ බව ද සෞඛ්‍ය අංශ කියයි.

    එම මහජන බැංකුවේ සේවකයන් 20 දෙනාම කොරෝනා මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

    මොරටු සරසවියට වැඩිපුර සිසුන් බඳවා ගැනීමට ආචාර්යවරු එරෙහි වෙති

    0

    අංජනා මල්ලවආරච්චි

    මොරටුව විශ්ව විද්‍යාලයේ මෙවර නියමිත ප්‍රමාණයට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කිරීමට විරෝධය දක්වමින් මෙම විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

    සාමාන්‍යයෙන් එම විශ්වවිද්‍යාලයට වසරකට ඇතුලත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා 600ක් වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් මෙවර ඇතුළත් කරගෙන ඇතැයි ද මෙය විශ්වවිද්‍යාලයට දරාගත නොහැකිව ඇතැයි ද මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය එච් කේ ජී ඒ හේවා මහතා පැවසීය.

    භෞතික සම්පත් වැඩි නොකර ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම විශ්වවිද්‍යාලය දැඩි අර්බුදයකට ගමන් කරනු ඇතැයි ද පැවැසීය .

    2019 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සමතුන්ගේ විශ්වවිද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම නිසා මෙම අර්බුදය ඇතිවී ඇතැයි ද එම නිසා එම සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කර ඇතැයි ද ලේකම්වරයා කීය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන විජේදාසගේ කතා පවිත්‍රා ප්‍රතික්ෂේප කරයි

    0

    අංජනා මල්ලවආරච්චි

    සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා නඟන අභූත චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

    විජේදාස රාජපක්ෂ මහතා අසත්‍ය චෝදනාවක් නගමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ නොකරන බව පවසා ඇති අතර එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද කීවාය.

    දිවා රෑ වෙහෙසී රාජකාරි කටයුතු කරන හෙයින් covid ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකිවී ඇතැයි ද එය රටේ ජයග්‍රහණයකැයි ද ඇමතිවරිය පැවසුවාය.

    මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පෞද්ගලික කෝන්තර මත රට අපකීර්තියට පත් කිරීමට සූදානම්වන බවද ඇමතිවරිය පැවසුවාය.

    විමුක්ති ලංකාවට එනබව චන්ද්‍රිකා කියයි

    0

    රටට ඇති ආදරය නිසා විමුක්ති කුමාරතුංග පුතා කවදා හෝ සිය ගමට ආපසු පැමිණෙනු ඇතැයි සිව්වන විධායක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

    අත්තනගල්ල කේන්ද්‍රකරගත් සමාජ මෙහෙවර පිළිබඳ පළවන නොනිමි ජනතා මෙහෙවර පුවත් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇය මේ බව සඳහන් කරන්නීය.

    යශෝධරා දියණිය සහ විමුක්ති පුතා සම්බන්ධ වර්තමාන තොරතුරු සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ බව පවසන්නීය.

    ලන්ඩන් නුවර ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරියක් ලෙස වසර 16ක් තිස්සේ කටයුතු කරන යශෝධරා දියණිය එරට ශල්‍ය වෛද්‍යවරයෙකු සමඟ විවාහව සිටින බවත් ඔවුන්ට දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටින බවත් සඳහන් කරන  චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, සිය මුණුපුරා හොඳ කථිකයෙකු බව මෙම සම්මුඛ සාකච්ඡාවේ දී හෙළි කර ඇත.

    විමුක්ති කුමාරතුංග පුතු වසර 15ක කාලයක් ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍යවරයෙකු ලෙස ලන්ඩන් නුවර සේවය කරන බව පවසන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය පුතුගේ වර්තමානය ගැන මෙහි දී ප්‍රකාශ කර තිබේ.

    පුතා සත්තුන්ගෙ අක්ෂි සම්බන්ධ විශේෂඥයෙක්. දැන් ඔහු පශු වෛද්‍ය අංශයේ පශ්චාත් උපාධිය හදාරනවා. ඔහුගේ අදහසක් තිබුණා ලංකාවට ඇවිත් නවීන සත්ත්ව රෝහලක් හදන්න. ඔහු රටට ආදරෙයි.එහෙත් රටේ වර්තමාන තත්ත්වය ගැන කලකිරිලා ඉන්නෙ.නමුත් ලංකාවට ආදරේ හින්දා කවදාහරි දවසක ආපහු ගමට එයි යැයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා ඇත.

    නිල ෆේස්බුක් ගිණුමේ සිය දියණිය පසුගිය 15 වැනිදා උපන් දිනය සැමරූ බව සඳහන් කර ඇති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය,  මම මාගේ දරු දෙදෙනා ගැන නිහතමානීව ආඩම්බර වෙමි. මම ඔවුන් දෙදෙනාව අවංක, නිහතමානී, උගත් සහ සංස්කෘතික මිනිසුන් ලෙස ගොඩ නැගුවෙමි යැයි විශේෂ සටහනක් තබා තිබේ. 

    ගම සමඟ පිළිසඳරේ නියෝග ප්‍රමාද කරන රාජ්‍ය නිලධාරීන් ගැන ජනපතිට දන්වයි

    0

    අංජනා මල්ලවආරච්චි

    සියලු රාජ්‍ය නිලධාරින් ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත පූර්ණ සහාය ලබාදිය යුතු අතර යම් නිලධාරියෙකු රාජකාරිය ඉටු කිරීම, ප්‍රමාද කිරීම පැහැර හැරීම සිදු කරයි නම් ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දෙන්නයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා දැනුම් දී තිබේ.

    ගම සමඟ පිළිසඳර ජනාධිපති සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරමින් ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය ඒ බව සඳහන් කර තිබේ.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කාර්‍ය සාධක බලකායට සෑම ගමකම සමුර්දි සංවර්ධන නිලධාරීන්, රාජ්‍ය නිලධාරින් සහය ලබාදිය යුතු බවට ද එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

    ASP එරික් මාරු කළ ලිපිය ලීක් වූ හැටි

    0

    සමාජ මාධ්‍ය වල හුවමාරුවූ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරට යොමු කළ ආන්දෝලනයට තුඩු දුන් ලිපිය පිටවී ඇත්තේ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    එරික් පෙරේරාගේ ක්‍රියා කලාපය ගැන යම් සදහනක් කරමින් ඔහුව වෙන්නප්පුවෙන් සහ දංකොටුවෙන් මාරුකරන ලෙස ඉල්ලීමක් කර රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු විසින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරට යොමු කළ එම ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු සදහා පොලිස්පතිවරයාට යොමුකර තිබුණි. පොලිස් මූලස්ථානයේ නිල මුද්‍රා පවා සදහන්ව තිබුණු එම ලිපිය එරික් පෙරේරාගේ ස්ථාන මාරුවීමෙන් දින කිහිපයකට පසු සමාජ මාධ්‍යවල සංසරණය වූයේ එරික් පෙරේරාගේ ස්ථාන මාරුවීම අරුන්දික ඇමතිවරයාගේ දේශපාලන මැදිහත්වීමක් මත සිදුවූ බවට චෝදනාවක්ද එල්ලවෙමිනි.

    එම ලිපිය සමාාජ මාධ්‍යවෙත මුදා හැරියේ එරික් පෙරේරා බවට රාජ්‍ය ඇමති අරුන්දිකගෙන් පොලීසියට චෝදනාවක් පවා එල්ලවුණු අතර ඒ ගැන විමර්ශනයක් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. ඒ අනුව මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකරගේ උපදෙසින් පොලිස්පතති සී.ඩී. වික්‍රමරත්න විසින් එම ලිපිය සමාජ මාධ්‍ය වලට ගියේ කෙසේදැයි සොයා තමාට වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරණු ලැබීය.

    පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහගේ මෙහෙයැවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඒ ගැන මූලික විමර්ශන ආරම්භකර ඇත්තේ පොලිස්පති ලේකම් කාර්යාලයෙනි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පොලිස්පතිවරයාට යොමුු කළ එම ලිපිය ලැබී ඇත්තේ පොලිස්පති ලේකම් කාර්යාලයටය. එහි සදහන් කරුණු ගැන යම් විමර්ශශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසට පොලිස්පති නියමයෙන් එම ලිපිය අනතුරුව යොමුකර ඇත්තේ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයටය. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස සේවයේ නිරතව සිටින පොලිස් පරීක්ෂකවරයා එම ලිපිය සිය ජංගම දුරකතයෙන් ඡායාරූපපයක් ගෙන එවකට දංකොටුව සහ වෙන්නප්පුව යන පොලිස් වසම් භාරව කටයුතුකරමින් සිටි සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට යොමුකර ඇති බව විිමර්ශන වලින් මේ වන විට හෙළිවී තිබේ.

    එසේ එරික් පෙරේරා අතට පත්වූ එම ලිපිය සමාජ මාධ්‍ය ජාලා වෙත ගියේ කෙසේදැයි මෙතෙක් පැහැදිලිවම හෙළිවී නැත. එහෙත් පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර පොලිස් පරීක්ෂකවරයාගේත් එරික් පෙරේරාගේත් ජංගම දුරකතන ඉකුත් 12 වෙනිදා පොලිස් විිශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ කටයුතු සදහා සිය භාරයට ගෙන ඇත. මෙතෙක් එම ජංගම දුරකතන එම නිලධාරීන් අතට පත්ව නැත. ආන්දෝලනයට තතුඩුදුන් එම ලිපිය එරික් පෙරේරා විසින් වෙනත් පුද්ගලයින්ට යොමුකර තිබේදැයි සොයා ඔහුගේ ජංගම දුරකතනය සයිබර් අපරාධ විමර්ශන ඒකකයට ලබාදී ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    වැලි ජාවාරමුන් මාර්ග බාධකවල ආරක්ෂක නිලධාරීන් යටකර යාම් තවත් ඉහළට

    0

    වව්නියාවේ ඕමන්ත විද්‍යාලය අසල හමුදා මාර්ග බාධකයකදී හමුදා සාමාජිකයින් දෙදෙනෙක් යටකරමින් දැව ප්‍රවාහනය කරමින් තිබුණු කැබ් රථයක් ඊයේ (17) රාත්‍රියේ ධාවනය කර තිබේ.

    එම කැබ් රථය ඊට මදක් ඈතින් මර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුරට ලක්ව ඇත.

    අනතුරින් පසු කැබ් රථයේ රියදුරු පළාගොස් තිබේ.

    කැබ්රථයට යටවුණු හමුදා සාමාජිකයින් දෙදෙනා රෝහල් ගතකර ඇත.

    කැබ් රථයේ හිමිකරු සොයා විමර්ශන පැවැත්වෙන බව ඕමන්තේ පොලීසිය සදහන් කරයි.

    උතුරේ නීති විිරෝධි වැලි ඡාවාරම් සහ නීති විරෝධි දැව ඡාවාරම්කරුවන් ආරක්ෂක අංශ නිලධාරීන්ව මේ ආකාරයට වාහනවලින් යට කිරීම් රැසක්ම පසුගිය කාලය පුරාවටම වාර්තා විය.

    සියලු පාසල් හෙට ඇරඹේ

    0

    සියලු පාසල්වල සියලු ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු හෙට (18) සිට ආරම්භ වේ.

    පාසල් විවෘත වූවත් කොළඹ පාසල් රැසක ඇතැම් ශ්‍රේණි සදහා සිසුන් පාසලට කැදවා ඇත්තේ සතියකට දින දෙකක් හෝ තුනක් සදහා පමණි.

    පෙර පාසල් සහ උපකාරක පන්තිද පැවැත්වීමට රජය අනුමැතිය ලබාදි තිබේ.

    කොවිඩ් -19 වෛසරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබු බස්නාහිර පළාතේ දහම් පාසල් අද (18) සිට යළි විවෘත කෙරේ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු ආයතනවල අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කළ යුතු ය.

    කුඩු ලාල්ගෙන් පොලිස් ලොක්කෙකුට අභියෝගයක්

    0

    සපුගස්කන්දේදී අත්අඩංගුවට ගත් කිලෝ 100 කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයට නම කියැවෙන එංගලන්තයේ මේ වන විට ජීවත්වන කුඩු ලාල්, පොලීසියේ ඉහළ නිලධාරියෙකුට දුරකථන ඇමතුමක් දී බොහෝ වේලාවක් ඔහුගේ දුක කියා ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

    එම මත්කඩු තොගයයට තමාගේ සම්බන්ධයක් නැති බවත් බොරුවට තමාගේ නම ඊට ගාවා තිබෙන බවත් ඔහු එහිදී එම ඉහළ පොලිස් නිලධාාරියාට සදහන්කර තිබේ.

    මෙම මත්කුඩු ඡාවාරමට කුඩු ලාල්ට අමතරව තවතත් නමක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හෙළිකරගත්තේය. ඒ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් වන රූබන් නැමැත්තාය. ඔහු සිටින්නේ ප්‍රංශයේය. කුඩු ලාල්ගේ මත්කුඩු ජාවාරමේ ඒජන්තවරයෙක් මෙන්ම සමීපතයෙක් ලෙස ඔහුව හදුනාගෙන ඇත. රූබන් තමාගේ හිතවතෙක් බවත් මෙම ඡාවාරමට ඔහුගේ සම්බන්දධයක් තිබේදැයි තමා නොදන්නා බවත් එහිදී පොලිස් ලොක්කා සමග කළ කල කථාබහේදී කුඩු ලාල් සදහන්කර ඇත.

    කුඩු ලාල්ගේ මෙරට බිරිදගේ දරුවන් දෙදෙනා නිවුන්නුය. පුතුන් දෙදෙනෙක් වන ඔවුන් දෙදෙනාම කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ය. ස්වාාධින කණ්ඩායමකින් තරග කර ඒ අයගෙන් එක් පුතෙක් පමණක් කොළඹ මහා නගර සභාවට තේරීපත්විය. පක්ෂයේ නායකයා බෝනස් ආසනයක් හිමිකරගත්තේය. ඒ අනුව කුඩු ලාල්ගේ දරුවන් දෙදෙනා තරග කළ කණ්ඩායමේ දෙදෙනෙක් කොළඹ මහා නගර සභාවට ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ඉදිරිපත් විය. පසුවව පක්ෂ නායකයා වෙඩි ප්‍රහාරයකින් ඝාතනය විය. එම ඝාාතනයෙන් පුරප්පාඩු වූ නාගරික මන්ත්‍රීධූරයට පත්වන්නේ කුඩු ලාල්ගේ අනිත් පුුතාය. ඒ අනුව නිවුන්නු දෙදෙනෙක් මන්ත්‍රීධූරයන් දරණ ලෝකයේ එකම රට විය හැක්කේ අපේ රටය.

    කුඩු ලාල්ගේ මෙම නිවුන් පුත්තු සම්බන්ධයෙන්ද මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විමර්ශනයක් ආරම්භකර තිබේ. ඉකුත් දිනක ඒ අය කැදවා ප්‍රශ්න කිරීමකටද ලක්කර ඇත. කුඩු ලාල් ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව පොලිස් ලොක්කාට දක්වමින් එම දරුවන් අහංසක බවත් ඒ අය කිසිවක් නොදන්නා බවත් සදහන් කර තිබේ. එසේම ඹවුන් මාධ්‍ය හමුවක් පවත්වා තමාව පිය පදවියෙන් ඉවත්කර ඇතැයි පැවසීමට සූදානම් වන බවද පවසා ඇත.

    සිය දරුවන් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් බස්නාහිර පළාත් සභාවට තරග කිරීමේ සූදානමින් සිටින බවත් කිඹුලා ඇල ගුණාගේ මත්කුඩු ජාවාරමේ නිරත කාන්තාවකගේ දරුවෙක්ද පළාත් සභාවට තරග කිරීමට සූදානමින් සිටින බවත් එහිදී කුඩු ලාල් පොලිස් ලොක්කාට සදහන් කර ඇත. ගුණාගේ මත්කුඩුු ජාවාරමේ නිරතව සිටින කාන්තාව පසුගිය මහා මැතිවරණයේදී යම් දේශපාලනඥයෙකුට වැඩ කල බවත් දැන් ඔහු ප්‍රබල ඇමතිවරයෙක් බවත් කුඩු ලාල් සදහන්කර ඇතැයිි පොලිස් තොරතුරු අනාවරණය කළේය. එම කාන්තාව ඇගේ පුතාව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කිරීමට සූූදානම්ව සිටින්නේ එම දේශපාලනඥයා මගින් බවත් ඇගේ පුතාටට ප්‍රබල අභියෝගයක් වන්නේ තමාගේ දරුවන් දෙදෙනා බවත් කුඩු ලාල් පොලිස් ලොක්කාට සදහන් කර තිබේ.

    පොලිස් ලොක්කා මේ සියල්ලම අසාගෙන සිට ඇතත් ඊට ප්‍රතිචාර දක්වන්නට ගොස් නැත. පොලිස් ලොක්කා අවසානයට පවසා ඇත්තේ තමන් වැරදි නොකරන්නේ නම් ඇයි ලංකාවට නොයෙන්නේ යැයි කියාය. එවිට කුඩු ලාල් එම පොලිස් ලොක්කාට යම් අභියෝගයක් කර ඇත්තේ තමන් මත්කුඩු ඡාවාරම් කරුවෙක් බව සාක්ෂි සහිතව ඔප්පු කරන්නේ නම් එංගලන්තයේ සිට පැමිණ පොලීසියට භාරවන බවයි.

    සබරගමු සරසවිය හෙට ඇරේ

    0

    සබරගමුව විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු හෙට (19) ඇරඹේ.

    ඒ අනුව තාක්ෂණ පීඨයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ප්‍රථමෙන් ආරම්භ කිරීමට නියමිතය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු ආයතනවල අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කළ යුතු වේ.

    ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට

    0

    ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හෙට (19) පැවැත්වෙන බව වාර්තා වේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    නොලැබුණු අයට 5000 හෙට සිට

    0
    5000 rupee

    මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූ සුදුසුකම් ලැබූ පිරිස් සඳහා හෙට (19) සිට රුපියල් 5,000 දීමනාව ලබාදෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    ලබන සතියේ මුල් දින කිහිපය වන විට රුපියල් 5,000 දීමනාව ලබා දීම අවසන් කිරීමට හැකිවනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.

    “මේ වෙද්දි ලංකාවේ සමෘද්ධි බැංකු 1,073 තුළම රජය විසින් ලබාදෙන මෙම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ රුපියල් 5,000 දීමනාව ලබාදෙමින් සිටින්නේ. මේ මොහොත වෙනකොට අපිට පෙනීගොස් තිබෙනවා ලක්ෂ 23කට වැඩි පිරිසකට මෙම ආධාර මුදල් ලැබිලා තිබෙනවා කියන එක. අපි විශ්වාස කරනවා සම්පූර්ණයෙන්ම සඳුදායින් පසුව එළඹෙන දින දෙක තුන ඇතුළත ඒ සියලුදෙනාගෙත් දීමනාවන් ගෙවා අවසන් කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන අරමුදල් අපි දැනටමත් සමෘද්ධි බැංකුවලට යවලා තියෙනවා

    බ්‍රසීලයේ කතුන්ට ගැබ් ගැනීම ප්‍රමාද කරන්නැයි ඉල්ලීමක්

    0

    බ්‍රසීලයේ කාන්තාවන්ට ගැබ් ගැනීම ප්‍රමාද කරන ලෙස එරට සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කර තිබේ.

    ඒ කොවිඩ්-19 වෛරසයේ පෙර නොවූ තරම් ප්‍රබල මව්වරුන්ට අහිතකර ලෙස බලපාන වෛරස ප්‍රභේද මතුවීම හේතුවෙනි.

    ලෝකයේ වෙනත් ඕනෑම රටකට වඩා දිනකට බ්‍රසීල ජාතිකයෝ වෛරසයෙන් මිය යති.

    වසංගතයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස බ්‍රසීලය අඛණ්ඩව සිටින බවට ප්‍ර්නී යන බැවින් සෞඛ්‍ය අංශ මගින් මෙම නිර්දේශය ලැබී තිබේ.

    වත්මන් වසංගතය හේතුවෙන් එරට රෝහල් දැඩි පීඩනයකට ලක්ව ඇත.

    දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන් ඇතුළත් ගැනීම සඳහා අවශ්‍ය ඖෂධ තොග ඉතා අඩු මට්ටමක පවතී.

    හදිසි සැපයුම් සඳහා බ්‍රසීලය ජාත්‍යන්තර හවුල්කරුවන් වෙත යොමු වී තිබේ.

    “ගැබ් ගැනීමට වඩා හොඳ, ආරක්ෂිත මොහොතක් එනතෙක් ප්‍රමාද කරන්න,” සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරි රෆායෙල් දරුවන් අපේක්ෂාවෙන් සිටින අයගෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉල්ලා සිටියේය.

    මෙම නිර්දේශය අර්ධ වශයෙන් සෞඛ්‍ය පද්ධතියේ ආතතිය නිසා පමණක් නොව පහසුවෙන් සම්ප්‍රේෂණය කළ හැකි බ්‍රසීලියානු ප්‍රභේදයක් වන පී 1 වෛරස ප්‍රභේදයේ ප්‍රබල බව නිසා යැයිද ඔහු පැවසීය.

    විශේෂඥයින්ගේ සායනික අත්දැකීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම නව ප්‍රභේදය ගර්භනී කාන්තාවන් තුළ වඩාත් ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කරන බවය.

    “පෝට් සිටි පනතට අද කෑගහන අයට එදා ජේ.ආර්. ගෙනා මහකොළඹ පනත අමතක වෙලා” – ඇමති ජී.එල්.

    0

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වරාය නගර පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව සංශෝධනය කරන බවත් ව්‍යවස්ථාවට පටහැනි කිසිදු තීරණයක් නොගන්නා බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

    මේ අතර, අද කොළඹ වරාය නගර කෙටුම්පතට එරෙහිව කෑගසන පිරිසට එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ එක්සත් ජාතික පක්ෂය පිහිටවූ ‘මහකොළඹ ආර්ථික කොමිෂන් පනත’ අමතක වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    “එදා පූර්ණ බලතල සහිතව පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඒ කොමිෂන් සභාව දේශීය ආදායම්, රේගු, විදේශ විනිමය පනත ආදී මේ කිසිවකට අදාළ නොවන පරිදි සහ ගුවන්යානා පවා මෙහෙයවීමේ බලය ද සහිත වන ආකාරයෙන් යුතුව එම පනත මඟින් බලය ලබා දී තිබුණේ. අද කෑගහන බොහෝ දෙනාට මේක අමතක වෙලා.” යැයි ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    ‘සමඟි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පිරිස් කිසිදු පදනමකින් තොරව අද වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ ව බොරු ප්‍රචාර පතුරුවනවා. මේ වනවිට පෙත්සම් 20ක් පමණ ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අයට අමතක වෙලා ඒ අයගේ කාලයේ කරපු දේවල් මොනවද කියලා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බලයට පත් වුණු ගමන් ම නොඑසේ නම් මාස 3ක් 4ක් වගේ කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා “මහකොළඹ ආර්ථික කොමිෂන් පනත”. එතුමා දැඩිව විශ්වාස කළා ඒ පනත රටට අත්‍යාවශ්‍ය යි කියලා. ඊට අනුව, ඒ අදාළ ප්‍රදේශවලට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනත්වලට කිසිම වලංගුතාවයක් තිබ්බේ නැහැ. මහකොළඹ ආර්ථික කොමිෂන් සභාවට පූර්ණ බලතල ලබා දීලා තිබුණේ. බියගම, කටුනායක, සීදූව ප්‍රදේශ සම්බන්ධ මේ කොමිසමට තමයි පූර්ණ බලතල ලබා දුන්නේ. බදු අය කරලා ඒ බදු ඒ අයගේ අරමුදල්වලට දමන්නට අවස්ථාව දුන්නා. මොන ජාවාරමක් කරල වුණත් කවරාකාරයෙන් මුදල් හම්බකරලා වුණත් මොන ජාතියේ සල්ලි වුණත් තමන්ගේ ගිණුම්වලට දාගන්න පුළුවන් විදියට පනත ගෙනැත් තිබුණේ. එහි රහසිගතභාවය උල්ලංඝනය කළ ඕනෑම කෙනෙක්ව හිරේ දාන්න පුළුවන්. කිසියම් ගැටලුවක් ඇතිවුණොත් ඊට විරුද්ධව තීරණයක් ගැනීමට අධිකරණයට බලයක් තිබුණේ නැහැ. ඒ 1978 ජේ.ආර්.ජයවර්ධන ජනපතිතුමා ගෙනාපු පනත.

    මේක තවදුරටත් සංවර්ධනය කරලා 1992 ආර්.ප්‍රේමදාස මහතා මේ කොමිසමට තවත් බලතල ලබා දෙනවා. ඉස්සර කිවුවේ ‘මහකොළඹ ආර්ථික කොමිෂන් සභාව’ කියලා. පසුව එය ආයෝජන කොමිෂන් සභාව වුණා. කිසිම තහනම් නියෝගයක් එම කොමිසමට විරුද්ධව කිසිම අධිකරණයකින් ලබා දෙන්නට බැහැ. ඊට එරෙහිව අධිකරණයට තිබුණු සුළු බලය පවා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ අහෝසි කළා.

    වර්තමාන කොමිසමේ සැලැස්ම අනිවාර්යයෙන් ජනපති අනුමැතිය ලබාගත යුතු යි. සංශෝධනයක දී පවා ජනපති අනුමැතිය අවශ්‍ය යි. එහි මුදල් පිළිබඳ සියලු වාර්තා ජනපතිට ඉදිරිපත් කළ යුතු යි. පොලිසියට වගේ ම යුධ හමුදාවටත් එහි ප්‍රවේශය තිබෙනවා. එහි ක්‍රියාත්මක වන්නේ ලංකාවේ නීතිය. කිසියම් අපරාධයක් හෝ නීති උල්ලංඝනයක් සිදු වුවහොත් ඒ පිළිබඳ රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්නට පොලිසියට සහ හමුදාවට පුළුවන්.

    එමෙන්ම අපි සියලු දෙනා දන්නවා රජයට ආදායමක් අවශ්‍ය බවත් ඒ ණය ලබා ගැනීම හෝ එසේත් නොමැතිනම් බදු වැඩි කිරීමයි. එවිට ජනතාවට තව තවත් බර පැටවෙනවා. ඒ නිසා එහිදී අපට ඉතිරිවන අනෙක් විකල්පය තමයි ආයෝජනය. ඒ සඳහා ආයෝජකයන් ආකර්ශනය කර ගත යුතුයි. නමුත් අපි දන්නවා 2018-2019 කාලයේ ආයෝජන තිබ්බේ නැහැ. අපේ රජය මේ කරන සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි. මෙම කෙටුම්පතට නිතිපතිවරයා විසින් ඒ බව සහතික කර තිබෙනවා” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් රුක්මලේ, පන්නිපිටිය ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරයට ගොස් ශ්‍රී මහා විහාරවංශාලංකාර විමල කීර්ති ශ්‍රී ධම්මාලොක ආචාර්ය ඉත්තෑපනේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බැහැදැක වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව උන්වහස්සේට කරුණු පහදා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    සෞදියේ රඳවාගෙන සිටින ලාංකික ගෘහසේවිකාවන් වහා ගෙන්වීමට පියවර

    0
    Airport

    විවිධ හේතූන් මත අත්අඩංගුවට ගෙන සෞදි අරාබියේ රියාද්හි කඳවුරක රඳවාගෙන සිටින බව කියන ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 41 දෙනා හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

    මේ පිළිබඳ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනකු සිංහල අලුත් අවුරුදු දිනයේ එම රැදවුම් කදවුරේ ප්‍රධාන නිලධාරියා හමුවී සාකච්ඡා කර තිබේ.

    ඊට සෞදි බලධාරීන් කැමැත්ත පළ කර ඇතැයිද වාර්තා වේ.

    ඒ අනුව මුල් අදියර ලෙස ඔවුන්ගෙන් කිහිපදෙනකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ගුවන් ටිකට් පත් වෙන් කරවා මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

    ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියේ රියාද්හි අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පසුගිය දා වාර්තාවක් නිකුත් කර තිබුණි.

    එරට ක්‍රියාත්මක ගෘහසේවක අනුග්‍රාහක ක්‍රමවේදයේ ඇති පීඩාකාරී බව නිසාම මේ වන විට සෞදි අරාබි රජය විසින් මෙම ක්‍රමය ක්‍රමානුකූලව වෙනස් කරමින් සිටී.

    මෙලෙස රඳවාගෙන සිටින ගෘහ සේවිකාවන් 41 දෙනා ගෙන් 20 ක් සිය සේවා ස්ථාන වලින් පළා ගිය අයයි.

    තවත් 3 දෙනෙකු සිගමන් යැදීම නිසා අත්අඩංගුවට පත්විය.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසරකට ආසන්න කාලයක් සෞදි අරාබියේ ගුවන් සේවාවන් හි මෙහෙයුම් කටයුතු සිදු වූයේ නැත.

    ආනයනික ආහාර සහ විලවුන්වල විෂ ඇත්දැයි සොයයි

    0

    මෙරටට ආනයනය කරන ආහාරවල සහ විලවුන් ආදියෙහි හානිකර ද්‍රව්‍ය තිබේද යන්න පිළිබඳ වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (16) දැනුම් දී තිබේ.

    2017 සහ 2018 වසරවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙි පිළිබඳව අවධානය යොමු විය.

    ආහාර පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ය.

    එබැවින් ඒ සඳහා රසායනාගාර පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ආහාර සුරක්ෂිතතාවයට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී දැනුම් දී ඇත.

    ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින ගැටලුකාරී තත්ත්වය උග්‍රවී ඇති බව ගිණුම් කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පැවසූයේ ආනයනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය වල ශරීරයට ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව තහවුරු වී ඇති බවයි .

    රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී නිසි නියාමන ක්‍රමවේදයක් සැකසීම ඉතා වැදගත් බව කාරක සභාවේ මතය විය.

    ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

    ඇස්ට්‍රාසෙනෙකා සහ J&J එන්නත් තවදුරටත් නොගෙන ඉන්න යුරෝපයෙන් තීන්දුවක්

    0

    ලබන වසරේදී ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (J&J) සමඟ COVID-19 එන්නත් කොන්ත්‍රාත්තු අළුත් නොකර අවසන් කිරීමට යුරෝපා කොමිසම තීරණය කරයි.

    ඒ වෙනුවට ෆයිසර් සහ මෝඩර්නා වැනි එන්නත් භාවිත සඳහා ගිවිසුම් ගත වීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

    ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඉතාලි දිනපතා පුවත්පතක් වන ලා ස්ටැම්පා මේ බව වාර්තා කළේය.

    “යුරෝපා කොමිසම මෙම වර්ෂය සඳහා වලංගු වන එන්නත් නිපදවන සමාගම් සමඟ ඇති ගිවිසුම් කල් ඉකුත් වන විට අලුත් නොකිරීමට තීරණය කර බොහෝ (යුරෝපා සංගම් රටවල) නායකයින් සමඟ එකඟතාවයකට පැමිණ තිබේ.” යනුවෙන් එහි වාර්තා කර ඇත.

    ෆයිසර් සහ මෝඩර්නා වැනි මැසෙන්ජර් ආර්එන්ඒ (MRNA) තාක්‍ෂණය භාවිතා කරමින් බ්‍රසල්ස් COVID-19 එන්නත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.

    යුරෝපා කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ 2022 සහ ඉන් ඔබ්බට වසංගතයේ මීළඟ අදියර සඳහා සූදානම් වීමට සියලු විකල්ප විවෘත කරන බවයි.

    යුරෝපා කොමිසමේ සභාපති, යුරෝපා සංගමය ෆයිසර් සහ බයෝටෙක් සමඟ මාත්‍රා බිලියන 1.8 ක නව කොන්ත්‍රාත්තුවක් සඳහා සාකච්ඡා කරමින් සිටින බව පසුගිය සතියේ රොයිටර් වාර්තාවක් සනාථ කළේය.

    “ඒවායේ තාක්ෂණයන් කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. එහිදී එම්ආර්එන්ඒ එන්නත් ඉතා පැහැදිලි අවස්ථාවක්.”

    COVID-19 එන්නත යුරෝපා කොමිසමට ලබා දීම ප්‍රමාද කිරීම පිළිබඳව “සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත” නිවේදනයක් නිකුත් කිරීම පිළිබඳව යුරෝපා කොමිසම J&J එන්නත් සමාගම වෙතින් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බව යුරෝපා සංගම් නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

    යුරෝපා කොමිසම, සාමාජික රටවල් 27කින් සමන්විත ය.

    ප්‍රශ්නය වන්නේ ජනපති ගෝඨාභය මන්ත්‍රී විජයදාසට දෙකක් නොකීවානම්ය

    0

    සමස්ත රට වැසියන් අලුත් අවුරුද්ද සුබ සිතිවිලිවලින් පටන් ගත්තා පමණි. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මුළු රට ඉදිරියේ දේශපාලන බෝම්බයක් අතහැරියේය. කලින් කලට දේශපාලන බෝම්බ අත්හරින විජයදාසට මෙය අරුමයක් නොවුනද මේ සිදුවීමේ හතර කොණ සොයන්නන්ට එය අන්තෝජටා බහිජටා වී ඇත්තේය.

    කොළඹ වරාය නගරය හා බැඳී පවතින පනත් කිහිපයක් පිළිබඳව ආණ්ඩුව විවේචනය කරන්නට මෙන් විජයදාස පටන්ගත් මාධ්‍ය හමුව නිමාවට පත්වූයේ ජනපති ගෝඨාභය, ජනපති කාර්ය සාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ ඇතුළු තමන්ගේ කලක් කුළුපඟ මිතුරු ලැයිස්තුවට අවලාද නගමිනි.

    මෙම කතාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී මූලිකවම දෙදෙනෙකු පිළිබඳව සිහියට නැගෙයි. පළමුවැන්නා නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය. දෙවැන්නා මන්ත්‍රී විජයදාස රාජපක්ෂය. විජයදාසට කලින් වීදුරු ගෙයි සිට ආණ්ඩුවට ගල් ගසනු ලැබුවේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය.

    රටට නිවැරදි දේ දීමට මහා සංඝරත්නය පෙරට ආ යුතු බව සමස්ත රට වැසියන් කාලයක සිට අදහන්නේ වුවද මුරුත්තෙට්ටුවේ හිමිගේ අභිප්‍රාය වූයේ හෙද සංගමය ඔස්සේ පැමිණ රටේ බලවතුම සංඝ පීතෘන්වහන්සේ වීමේ සිහිනය සැබෑ කර ගැනීමය.

    පන්සල දේශපාලන කේන්ද්‍රස්ථානයක් කිරීම ගැන බෞද්ධයන්ට විවිධ මතවාද තිබෙන්නට පුළුවන. එහෙත් මැදහත් බෞද්ධයන් නම් පන්සල හෝ සංඝයාවහන්සේලා දේශපාලන අතකොලු වීම අගයන්නේ නැත. දේශපාලනය හැසිරවීම නොව ඔවුන් රට සහ ජනතාව වෙනුවෙන් පෙරට ආ යුතුය. එසේ රට පෙරමුණ තබා කටයුතු කරන්නේ නම් රෙජීම් මාරුකිරීමට මැදිහත්වී ඉන් උදව් පතන්නට උවමනාවක් නැත.

    මුරුත්තෙට්ටුවේ හිමි කල්පනා කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන් ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා ද අභයාරාම දායකයෙකු කිරීමයි. ඊට හේතු කිහිපයක් ඇත. මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ දායක සභාවේ ඉල්ලීම් එක දුරකථන ඇමතුමෙන් සිදුවිය යුතුය. මහින්ද ඒ වැඩේ කළ ද ගෝඨාභය ඒ වැඩේට කැමති වූයේ නැත. ඒ නිසා මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුව විවේචනයට පටන් ගත්තේ ඉතාම කෙටි කලෙකින් පිරිහුණු ආණ්ඩුව මෙය බව කියමිනි.

    කිරි කලයට ගොම බිදුවක් දැමුවත් ඇතිය. ඒ බව දන්නෝ දනිති. ඒ නිසා එසේ දේශනා කරන ගමන්ම උන්වහන්සේ මහින්දගේ හොඳ කීවේය. එමගින් ආණ්ඩුව මුළුමනින්ම මහින්දට හැරී සිය ගජ මිතුරු සමාජයට සළකන්නට ලැබෙනු ඇතැයි මුරුත්තෙට්ටුවේ හිමි සිතන්නට ඇත. ඊට අවශ්‍ය එක් එක් තුරුම්පු කාලෙන් කාලෙට අභයාරාමයෙන් මතුවිය. ඇතැම්විට ඒ තුරුම්පු තනිකරම බයි සමාජයම නොවු අතර ඇතමෙක් ටොයියන් වූහ. මේ ගැන වරක් අරලියගහ මන්දිරයට පැමිණි පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පැමිණිලි කර තිබුණෝය.

    විජයදාස රාජපක්ෂට අවශ්‍ය වූයේ තමන් මුලාවක වැටුණු බවට වූ ලජ්ජාවෙන් ගොඩඒමේ මාර්ගයක් සොයා ගැනීමයි. බැසිල් හැදූ අගමැති මහින්දගේ නායකත්වයෙන් යුතු පොහොට්ටුවෙන්ම පාර්ලිමේන්තුවට පැමිණි විජයදාස තමන්ට කැබිනට් ඇමතිකමක් ලැබෙනු ඇතැයි මුලින් කල්පනා කළේය.

    විජයදාස එසේ නොහිතන්නට ද හේතුවක් නැත. ඒ වෙන කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩුවේ සිට මේ ආකාරයටම හම්බන්තොට වරාය චීනයට බදු දීමේ කැබිනට් තීන්දුව විවේචනය කිරීම සහ අධිකරණ අමාත්‍යධූරය හොබවනතුරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බවට කළ ප්‍රසිද්ධ ප්‍රකාශ මත එකල කැබිනට් ඇමතිකම් ගැලවුණු නිසාය.

    මෙකල ඇමතිකම් පැතුව ද ජනපති ගෝඨාභය මන්ත්‍රී විජයදාසට ඇමතිකමක් නොදුන්නේය. බැසිල්ගේ ලැයිස්තුවට සියල්ල සිදුවන බවට ඉඟි කළ විජයදාස ගෝඨාභය ජනපතිගෙන් එහි වාඩුව ගන්නට පෙරට ආවේ මුරුත්තෙට්ටුවේ හිමිගේ පෙරැත්ත මතය. හැමෝම ආණ්ඩුවට බැනීමේ බෙරය වයනවිට නලා පිඹින්නන්ට ද කසකරුවන්ට ද වැඩ වලින් අඩුවක් නැත.

    ඒ බව දන්නා විජයදාස මෙවරත් බෙරය ගසා බැලුවේය. යහපාලන ආණ්ඩුවට පඹයා ආදර්ශ කළ විට විජයදාසට ලැබුණු තරවටුව ඇමතිකම ගිලිහීමය. මෙවර විජයදාස එකවර කාරණා දෙකක් ජනගත කරන්නට බැලුවේය. එකක් මිස්ට ටුවෙන්ටි ප්‍රසන්ට් කතාවය. එමගින් බැසිල් රාජපක්ෂට පහර ගැසූ විජයදාස දෙවනුව හැරුණේ ගෝඨාභය රාජපක්ෂ ජනපති දෙසටය. නිතර පඹයාගෙන් උදාහරණ ගැනීම විජයදාසගේ සිරිතකි. යහපාලන ආණ්ඩුවේ සිටින කාලයේ විජයදාස මාධ්‍යට කීවේ මේ ආණ්ඩුවේ මම පඹයෙක් වෙන්නෙ නැහැ කියලාය.

    ඒ තරමට විජයදාසට පඹයා සමීප වූයේ කෙසේ ද යන්න වෙනම කතාවකි. නමුත් ජනපති ගෝඨාභයට පඹයා යැයි කීමට විජයදාස ඉස්සරවූවා වැඩියැයි හැඟේ. ගෝඨාභය ෆේල් කතාව මෙන්ම මේ කතාවේ කුප්‍රකට අරමුණ ජනපති ගෝඨාභය දේශපාලනයෙන් ඈත් කිරීමය. දේශපාලනය නොදන්නා අයෙකු ලෙස ජනපති ගෝඨාභය තවදුරටත් හංවඩු ගැසීමට විජයදාස දෙවරක් නොසිතන්නේ ඒ නිසාය. පඹයන් සිටින කුඹුරේ පියාඹන කොක්කුන්ගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටය. ඒ නිසා රට කරවන්නට විජයදාස ලොජික්ම උවමනා වන්නේ නැත. ඔහුගේ වාසියට කී කතා හැර රට පැත්තෙන් විජයදාස කී කතාවක් වේ නම් එය රැගෙන ඉදිරි ගමන යා හැකිය.

    ජනතාව මේ රට හදන්නට හැකි නායකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනපති ගැන තැබූ විශ්වාසය එක් රැයකින් අවසන් නොවේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනපති කුමන අවස්ථාවක හෝ එදා ජනතාව දුටු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලෙස ක්‍රියා කරනු ඇතැයි ද වෙනම ගමනක් යනු ඇතැයි ද සියලු ජනතාව විශ්වාස කරති. ඒ නිසා ප්‍රශ්නය වන්නේ ජනපති ගෝඨාභය මන්ත්‍රී විජයදාසට දෙකක් නොකීවානම්ය.

    තහනම් අන්තවාදී සංවිධාන තවමත් සෝෂල් මීඩියා ඇතුළේ වැඩ

    0

    මෙරට තහනම් කල අන්තවාදී ඉස්ලාම් සංවිධානවල දේශන සහ මතවාද ජාල මාධ්‍යවල තවදුරටත් ක්‍රියාත්මක වෙමින් ඇතැයි බුද්ධි අංශ නිරීක්ෂණය කර තිබේ.

    අදාල සමාජ මාධ්‍ය ආයතනවලට එම සංවිධාන ගැන දැනුවත්කරමින් එම දේශන සහ මතවාදී අදහස් දැක්වීම් ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසද බුද්ධ අංශ මේ වන විටත් බලධාරීන් දැනුවත්කර ඇත.

    තහනම් කරන ලද එම ඉස්ලාම් අන්තවාදී සංවිධාන සතු වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

    තහනම් කරල ලද අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 නායකයින් ගෙන් වත්කම් සම්බන්ධ තොරතුරු ලබා ගනිමින් සිටින බවද ඇමතිවරයා සදහන් කරයි. තහනම්කර තිබියදීත් මෙම සංවිධාන අන්තවාදය සහ ත්‍රස්තවාදය පතුරුවමින් කටයුත කළහොත් අනිවාර්යයෙන්ම ඒ අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගගන්නා බවද සරත් වීරසේකර ඇමතිවරයා අවධාරණය කළේය.

    වතුර මීටර් සොරකමකට දැරණියගල සභාපති අත්අඩංගුවට

    0

    දැරණියගල කුඹුරුගම ප්‍රදේශයේ කෙරෙන විශේෂ ජල ව්‍යාපෘතියකට රැගෙනවිත් තිබුණු ජල මාපක තොගයක් සොරා ගැනීමක් සම්බනධයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව පොලීසිය ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ජල මාපක ඇතුළු ජල ව්‍යාපෘතියට රැගෙනවිත් තිබූ භාණ්ඩ ගබඩාකර තිබූ ගබඩාව බිද මෙම සොරකම සිදුකර ඇත්තේ ඉකුත් 30 වෙනිදාය. එහිදී ජල මාපක 477ක් ඇතුළු තවත් උපකරණ තොගයක් සොරාගෙන ගොස් තිබුණි.

    ඒ සම්බන්ධයෙන් ජල ව්‍යාපෘතියභාර ඉංජිනේරුවරයා විසින් දැරණියගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇත. ඊට අනුව විමර්ශන ආරම්භකළ පොලීසිය තිදෙනෙක් සැකපිට මුලින්ම අත්අඩංගුවට ගත්තේය. ඒ අය අතර ගබඩාවේ ලිපිකරු සහ රියදුරෛක්ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    මෙම සැකකරුවන්ගෙන් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්නකරමින් කළ විමර්ශනයෙන් අනතුරුව දැරණියගල ප්‍රාදේශීයය සභාවේ සභාපතිවරයාව පොලීසිය ඊයේ අත්අඩංගුවට ගන්නේ සොරාගැනීමට ලක්වූ ජල මාපක 98 ක්ද සමගිනි.

    සැකකාර ප්‍රාදේශීය සභාවේ සසභාපතිවරයා පොදු දේපොල පනතින් අද (17) අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත්කරන බව අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    අද අවසන් ගමන යන පිලිප් කුමරු මිලට ගත් පළමු මෝටර් රථය කොළඹ කෞතුකාගාරයක

    0

    බ්‍රිතාන්‍ය රජපවුලේ අද(17) දින අවමංගල්‍යය යෙදී ඇති එඩින්බරෝ ආදිපාද, අභාවප්‍රාප්ත පිලිප් කුමරු මිලදී ගත් පළමු මෝටර් රථය දැන් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ හෝටල් කෞතුකාගාරයක තැන්පත් කර තිබේ.

    අයත් අවුරුදු 90 ක් පමණ පැරණි Standerd Nine මෝටර් රථය පිලිප් කුමරු මෙරට දී මිලට ගෙන ඇත්තේ ඔහුට අවුරුදු 19ක් පමණ වයසක දී ය.

    ඒ 1940 දී බ්‍රිතාන්‍ය නාවික හමුදාව සමඟ කොළඹ- නුවර කටයුතු කළ සමයේ දීය.

    1935 නිෂ්පාදිත ස්ටෑන්ඩර්ඩ් නයින් මෝටර් රථය එකල පිලිප් කුමරු මිලදී ගෙන තිබුණේ පවුම් 12 කට ය. පිලිප් කුමරු මෝටර් රථ ලෝලියෙකු ලෙස ද ප්‍රකට ය.

    තහනම් රක්ෂණ පිරිවැය සහ සංරක්ෂණයට තැබීම නිසා මිස අදටත් වසර 90ක් පමණ පැරණි මෙම මෝටර් රථය ක්‍රියාකරන බව ගාඩ්නර් කියයි.

    කොළඹ ගෝල්ෆේස් හෝටලයේ කෞතුකාගාරයේ මෙම මෝටර් රථය තබා ඇති අතර හෝටලයේ සභාපති සංජීව් ගාඩිනර් පැවසුවේ “ඔහු 1950 දශකයේ මුල් භාගයේදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණි විට ඔහු මෙම මෝටර් රථය බැලුවා. ඔහු මෝටර් රථය දුටු විට, ‘තිරිංග ක්‍රියා කරයි කියලා මම විශ්වාස කරනවා. ඒවා එවකට ක්‍රියාත්මක වුණේ නෑ.’ යනුවෙන් පවසා තිබේ.

    ගාඩිනර්ට අනුව, කුමරු තමා මිලදී ගත් පළමු මෝටර් රථය මෙය බව පිළිගත්තේය. ඔහු ස්ටෑන්ඩර්ඩ් මෝටර් රථ සමාජයේ අනුග්‍රාහකයෙකු බවට ද පත්විය.

    පැරණි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයක් ලෙස පැවති කාලයේ සිටම පැවත එන ගාඩිනර් මහතාගේ හෝටලය රිදී සහ කළු සෙඩාන් වටා කෞතුකාගාරයක් ඉදිකර ඇත. එය අමුත්තන්ගේ සහ සංචාරකයින්ගේ විනෝදය සඳහා සංරක්ෂණය කර තිබේ.

    පිලිප් කුමරු මෙම රථය මිලදී ගන්නා අවස්ථාවේදී, මාසයක් ඇතුළත සමාන වාරික දෙකක ගෙවීම් සැලැස්මක් ලබා ගැනීමට සමත් වූ බව පැවසේ.

    කෞතුකාගාර වාර්තාවලට අනුව ඔහු මුලින්ම මෝටර් රථය කොළඹ සිට කිලෝමීටර් 260 ක් (සැතපුම් 160 ක්) දුරින් පිහිටි ත්‍රිකුණාමලයේ නාවික කඳවුරකට ගෙන ගියේය.

    කිලෝමීටර් 93,040 (සැතපුම් 58,150) ක දුරක් ගොස් ඇති මෙම මෝටර් රථය කිහිප වතාවක් ප්‍රතිෂ්ඨාපනය කර ඇති අතර එය තවමත් ධාවනය කළ හැකි බව ගාඩිනර් ඒඑෆ්පී වෙත පැවසීය.

    නමුත් තහනම් රක්ෂණ පිරිවැය නිසා එය තවදුරටත් පිටතට නොගෙන සංරක්ෂණයට තබා ඇත.

    මෙම වාහනය ගාඩිනර්ගේ පියා සිරිල් ගාඩ්නර් විසින් 1950 දශකයේ මුල් භාගයේදී මිලදී ගන්නා ලදී.

    ගාර්ඩිනර් පැවසුවේ 1954 දී සිය පළමු නිල ශ්‍රී ලංකා සංචාරයේදී එලිසබෙත් රැජින සහ පිලිප් කුමරු විසින් භාවිතා කරන ලද කැඩිලැක් රාජකීයයන්ට තම පියා කුලියට දුන් බවයි.

    “රාජකීය පවුල විසින් භාවිතා කරන ලද තවත් දෙයක් සමඟ මේ වන විට එය යථා තත්වයට පත් වෙමින් පවතී,” ඔහු පැවසීය.

    පසුගිය සතියේ වයස අවුරුදු 100 සපිරීමට මාස දෙකක් තිබියදී මියගිය පිලිප් කුමරු මෝටර් රථවලට දැඩිව ආදරය කරන කෙනෙක් වන අතර බොහෝ විට තමාම පදවාගෙන යාමට තීරණය කරන්නෙකි.

    නමුත් 2019 දී ඔහුගේ මෝටර් රථය පෙරළී තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබීම නිසා වයස අවුරුදු 97 දී ඔහු සිය රියදුරු බලපත්‍රය භාර දුන්නේය.

    අද (17) පැවැත්වෙන එඩින්බරෝ ආදිපාදවරයාගේ අවමංගල පෙරහැර අතරතුර, ඔහු සැලසුම් කිරීමට උදව් කළ ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩරයක් ඔහුගේ මිනී පෙට්ටිය වින්ඩ්සර් කාසල් වෙත ගෙන යනු ඇත.

    ගෝල්ෆේස් හෝටල් කෞතුකාගාරයේ දී අද දැකගත හැකි මෙම පුවරුව එකල මෙම පුවත පළවූ ආකාරය සහ එවකට පිලිප් කුමරුගේ ඡායාරූප දැකගත හැකිය.
    සංජීව් ගාඩිනර් (දකුණේ) සහ ඔහුගේ පුත් ශේෂාන් කලක් පිලිප් කුමරුට අයත්ව තිබූ 1935 ස්ටෑන්ඩර්ඩ් නයින් මෝටර් රථය සමඟ අද.

    අද කොවිඩ් මරණ 7 ක්

    0

    කොවිඩ්‌- 19 ආසාදිත රෝගීන්ගේ මරණ 07 ක්‌ අද තහවුරු වී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවෙන්‌ වාර්තා වන මුළු කොවීඩ්‌ -19 ආසාදිත රෝගින්ගේ මරණ සංඛ්‍යාව 615 කි.

    1. පස්යාල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 අප්‍රේල්‌ 14 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ ආසාදනය, නිධන්ගත වකුගඩු රෝගය, දියවැඩියාව, හෘද රෝගය සහ ඇදුම රෝගයයි.
    2. රත්නපුර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. රත්නපුර ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 අප්‍රේල්‌ 15 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, උග්‍රශ්වසන අපහසුතාව, නිධන්ගත
      වකුගඩු ආබාධය සහ හෘද රෝගී තත්ත්වයයි.
    3. කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කඹුරුපිටිය මූලික රෝහලේ සිට කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර එම රෝහලේ දී 2021 අප්‍රේල්‌ 10 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, ලේ විෂවීමේ කම්පනය, දියවැඩියාව සහ නිධන්ගත වකුගඩු රෝගයයි.
    4. කලවාන ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. කලවාන මූලික රෝහලේ සිට
      කොවීඩ්‌ 19 ආසාදිකයෙකු ලෙස හඳුනාගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 අප්‍රේල්‌ 10 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, ඇදුම රෝගය, අයි රුයිර පීඩනය සහ පෙනහළු කරා රුධිර සැපයීම අඩාලවීමයි.
    5. තොන්ඩයිමනරු ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පේදුරුතුඩුව මූලික රෝහලේ සිට කොවිඩ්‌ ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 අප්‍රේල්‌ 11 දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, ලේ විෂවීම, නිධන්ගත වකුගඩු රෝගය සහ දියවැඩියාවයි.
    6. තලංගම ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදූ පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 අප්‍රේල්‌ 16 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩි නියුමෝනියාව, උග්‍ර ශ්වසන අපහසුතාවය සහ හෘද රෝගී තත්ත්වයයි.
    7. චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකි. යාපනය ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව ජාතික බෝවන රෝග විද්‍යායනනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 202] අප්‍රේල්‌ 15 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමේ කම්පනය, කොවිඩ්‌ 19 ආසාදනය සහ නිධන්ගත ලියුකේමියා තත්ත්වයයි.

    අපනයන ආදායමෙන් කොටසක් රුපියල් කරන්නැයි මහබැංකු නියෝගයක්

    0

    අංජනා මල්ලවආරච්චි

    අපනයනය මගින් උපයන මුදලින් 10%ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතුයැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපනයනකරුවන්ට නියෝගයක් පනවා තිබේ.

    අපනයන සඳහා ලබන ආදායම අමරිකානු ඩොලර්වලින් ලැබෙන අතර ඒවා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අපනයනකරුවන්ට මාස 6ක කාලයක් නීතියෙන් හිමි වේ .

    එහෙත් රට තුළ දැනට පවතින ඩොලර් හිඟයට පිලියමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති අපනයනය මගින් ලබන මුදලින් සියයට 10 ක ප්‍රතිශතයක් දින 30ක් තුල ශ්‍රී ලංකා රුපියල් වෙත පරිවර්තනය කරන්නැයි අපනයනකරුවන්ට නියෝග කිරීම ය.