fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩු ලාල්ගෙන් පොලිස් ලොක්කෙකුට අභියෝගයක්

    කුඩු ලාල්ගෙන් පොලිස් ලොක්කෙකුට අභියෝගයක්

    සපුගස්කන්දේදී අත්අඩංගුවට ගත් කිලෝ 100 කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයට නම කියැවෙන එංගලන්තයේ මේ වන විට ජීවත්වන කුඩු ලාල්, පොලීසියේ ඉහළ නිලධාරියෙකුට දුරකථන ඇමතුමක් දී බොහෝ වේලාවක් ඔහුගේ දුක කියා ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

    එම මත්කඩු තොගයයට තමාගේ සම්බන්ධයක් නැති බවත් බොරුවට තමාගේ නම ඊට ගාවා තිබෙන බවත් ඔහු එහිදී එම ඉහළ පොලිස් නිලධාාරියාට සදහන්කර තිබේ.

    මෙම මත්කුඩු ඡාවාරමට කුඩු ලාල්ට අමතරව තවතත් නමක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හෙළිකරගත්තේය. ඒ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් වන රූබන් නැමැත්තාය. ඔහු සිටින්නේ ප්‍රංශයේය. කුඩු ලාල්ගේ මත්කුඩු ජාවාරමේ ඒජන්තවරයෙක් මෙන්ම සමීපතයෙක් ලෙස ඔහුව හදුනාගෙන ඇත. රූබන් තමාගේ හිතවතෙක් බවත් මෙම ඡාවාරමට ඔහුගේ සම්බන්දධයක් තිබේදැයි තමා නොදන්නා බවත් එහිදී පොලිස් ලොක්කා සමග කළ කල කථාබහේදී කුඩු ලාල් සදහන්කර ඇත.

    කුඩු ලාල්ගේ මෙරට බිරිදගේ දරුවන් දෙදෙනා නිවුන්නුය. පුතුන් දෙදෙනෙක් වන ඔවුන් දෙදෙනාම කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ය. ස්වාාධින කණ්ඩායමකින් තරග කර ඒ අයගෙන් එක් පුතෙක් පමණක් කොළඹ මහා නගර සභාවට තේරීපත්විය. පක්ෂයේ නායකයා බෝනස් ආසනයක් හිමිකරගත්තේය. ඒ අනුව කුඩු ලාල්ගේ දරුවන් දෙදෙනා තරග කළ කණ්ඩායමේ දෙදෙනෙක් කොළඹ මහා නගර සභාවට ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ඉදිරිපත් විය. පසුවව පක්ෂ නායකයා වෙඩි ප්‍රහාරයකින් ඝාතනය විය. එම ඝාාතනයෙන් පුරප්පාඩු වූ නාගරික මන්ත්‍රීධූරයට පත්වන්නේ කුඩු ලාල්ගේ අනිත් පුුතාය. ඒ අනුව නිවුන්නු දෙදෙනෙක් මන්ත්‍රීධූරයන් දරණ ලෝකයේ එකම රට විය හැක්කේ අපේ රටය.

    කුඩු ලාල්ගේ මෙම නිවුන් පුත්තු සම්බන්ධයෙන්ද මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විමර්ශනයක් ආරම්භකර තිබේ. ඉකුත් දිනක ඒ අය කැදවා ප්‍රශ්න කිරීමකටද ලක්කර ඇත. කුඩු ලාල් ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව පොලිස් ලොක්කාට දක්වමින් එම දරුවන් අහංසක බවත් ඒ අය කිසිවක් නොදන්නා බවත් සදහන් කර තිබේ. එසේම ඹවුන් මාධ්‍ය හමුවක් පවත්වා තමාව පිය පදවියෙන් ඉවත්කර ඇතැයි පැවසීමට සූදානම් වන බවද පවසා ඇත.

    සිය දරුවන් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් බස්නාහිර පළාත් සභාවට තරග කිරීමේ සූදානමින් සිටින බවත් කිඹුලා ඇල ගුණාගේ මත්කුඩු ජාවාරමේ නිරත කාන්තාවකගේ දරුවෙක්ද පළාත් සභාවට තරග කිරීමට සූදානමින් සිටින බවත් එහිදී කුඩු ලාල් පොලිස් ලොක්කාට සදහන් කර ඇත. ගුණාගේ මත්කුඩුු ජාවාරමේ නිරතව සිටින කාන්තාව පසුගිය මහා මැතිවරණයේදී යම් දේශපාලනඥයෙකුට වැඩ කල බවත් දැන් ඔහු ප්‍රබල ඇමතිවරයෙක් බවත් කුඩු ලාල් සදහන්කර ඇතැයිි පොලිස් තොරතුරු අනාවරණය කළේය. එම කාන්තාව ඇගේ පුතාව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කිරීමට සූූදානම්ව සිටින්නේ එම දේශපාලනඥයා මගින් බවත් ඇගේ පුතාටට ප්‍රබල අභියෝගයක් වන්නේ තමාගේ දරුවන් දෙදෙනා බවත් කුඩු ලාල් පොලිස් ලොක්කාට සදහන් කර තිබේ.

    පොලිස් ලොක්කා මේ සියල්ලම අසාගෙන සිට ඇතත් ඊට ප්‍රතිචාර දක්වන්නට ගොස් නැත. පොලිස් ලොක්කා අවසානයට පවසා ඇත්තේ තමන් වැරදි නොකරන්නේ නම් ඇයි ලංකාවට නොයෙන්නේ යැයි කියාය. එවිට කුඩු ලාල් එම පොලිස් ලොක්කාට යම් අභියෝගයක් කර ඇත්තේ තමන් මත්කුඩු ඡාවාරම් කරුවෙක් බව සාක්ෂි සහිතව ඔප්පු කරන්නේ නම් එංගලන්තයේ සිට පැමිණ පොලීසියට භාරවන බවයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.