fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPවිමුක්ති ලංකාවට එනබව චන්ද්‍රිකා කියයි

    විමුක්ති ලංකාවට එනබව චන්ද්‍රිකා කියයි

    රටට ඇති ආදරය නිසා විමුක්ති කුමාරතුංග පුතා කවදා හෝ සිය ගමට ආපසු පැමිණෙනු ඇතැයි සිව්වන විධායක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

    අත්තනගල්ල කේන්ද්‍රකරගත් සමාජ මෙහෙවර පිළිබඳ පළවන නොනිමි ජනතා මෙහෙවර පුවත් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇය මේ බව සඳහන් කරන්නීය.

    යශෝධරා දියණිය සහ විමුක්ති පුතා සම්බන්ධ වර්තමාන තොරතුරු සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ බව පවසන්නීය.

    ලන්ඩන් නුවර ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරියක් ලෙස වසර 16ක් තිස්සේ කටයුතු කරන යශෝධරා දියණිය එරට ශල්‍ය වෛද්‍යවරයෙකු සමඟ විවාහව සිටින බවත් ඔවුන්ට දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටින බවත් සඳහන් කරන  චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, සිය මුණුපුරා හොඳ කථිකයෙකු බව මෙම සම්මුඛ සාකච්ඡාවේ දී හෙළි කර ඇත.

    විමුක්ති කුමාරතුංග පුතු වසර 15ක කාලයක් ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍යවරයෙකු ලෙස ලන්ඩන් නුවර සේවය කරන බව පවසන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය පුතුගේ වර්තමානය ගැන මෙහි දී ප්‍රකාශ කර තිබේ.

    පුතා සත්තුන්ගෙ අක්ෂි සම්බන්ධ විශේෂඥයෙක්. දැන් ඔහු පශු වෛද්‍ය අංශයේ පශ්චාත් උපාධිය හදාරනවා. ඔහුගේ අදහසක් තිබුණා ලංකාවට ඇවිත් නවීන සත්ත්ව රෝහලක් හදන්න. ඔහු රටට ආදරෙයි.එහෙත් රටේ වර්තමාන තත්ත්වය ගැන කලකිරිලා ඉන්නෙ.නමුත් ලංකාවට ආදරේ හින්දා කවදාහරි දවසක ආපහු ගමට එයි යැයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා ඇත.

    නිල ෆේස්බුක් ගිණුමේ සිය දියණිය පසුගිය 15 වැනිදා උපන් දිනය සැමරූ බව සඳහන් කර ඇති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය,  මම මාගේ දරු දෙදෙනා ගැන නිහතමානීව ආඩම්බර වෙමි. මම ඔවුන් දෙදෙනාව අවංක, නිහතමානී, උගත් සහ සංස්කෘතික මිනිසුන් ලෙස ගොඩ නැගුවෙමි යැයි විශේෂ සටහනක් තබා තිබේ. 

    දේශපාලන වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.