fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ASP එරික් මාරු කළ ලිපිය ලීක් වූ හැටි

    ASP එරික් මාරු කළ ලිපිය ලීක් වූ හැටි

    සමාජ මාධ්‍ය වල හුවමාරුවූ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරට යොමු කළ ආන්දෝලනයට තුඩු දුන් ලිපිය පිටවී ඇත්තේ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    එරික් පෙරේරාගේ ක්‍රියා කලාපය ගැන යම් සදහනක් කරමින් ඔහුව වෙන්නප්පුවෙන් සහ දංකොටුවෙන් මාරුකරන ලෙස ඉල්ලීමක් කර රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු විසින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරට යොමු කළ එම ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු සදහා පොලිස්පතිවරයාට යොමුකර තිබුණි. පොලිස් මූලස්ථානයේ නිල මුද්‍රා පවා සදහන්ව තිබුණු එම ලිපිය එරික් පෙරේරාගේ ස්ථාන මාරුවීමෙන් දින කිහිපයකට පසු සමාජ මාධ්‍යවල සංසරණය වූයේ එරික් පෙරේරාගේ ස්ථාන මාරුවීම අරුන්දික ඇමතිවරයාගේ දේශපාලන මැදිහත්වීමක් මත සිදුවූ බවට චෝදනාවක්ද එල්ලවෙමිනි.

    එම ලිපිය සමාාජ මාධ්‍යවෙත මුදා හැරියේ එරික් පෙරේරා බවට රාජ්‍ය ඇමති අරුන්දිකගෙන් පොලීසියට චෝදනාවක් පවා එල්ලවුණු අතර ඒ ගැන විමර්ශනයක් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. ඒ අනුව මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකරගේ උපදෙසින් පොලිස්පතති සී.ඩී. වික්‍රමරත්න විසින් එම ලිපිය සමාජ මාධ්‍ය වලට ගියේ කෙසේදැයි සොයා තමාට වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරණු ලැබීය.

    පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහගේ මෙහෙයැවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඒ ගැන මූලික විමර්ශන ආරම්භකර ඇත්තේ පොලිස්පති ලේකම් කාර්යාලයෙනි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පොලිස්පතිවරයාට යොමුු කළ එම ලිපිය ලැබී ඇත්තේ පොලිස්පති ලේකම් කාර්යාලයටය. එහි සදහන් කරුණු ගැන යම් විමර්ශශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසට පොලිස්පති නියමයෙන් එම ලිපිය අනතුරුව යොමුකර ඇත්තේ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයටය. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස සේවයේ නිරතව සිටින පොලිස් පරීක්ෂකවරයා එම ලිපිය සිය ජංගම දුරකතයෙන් ඡායාරූපපයක් ගෙන එවකට දංකොටුව සහ වෙන්නප්පුව යන පොලිස් වසම් භාරව කටයුතුකරමින් සිටි සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට යොමුකර ඇති බව විිමර්ශන වලින් මේ වන විට හෙළිවී තිබේ.

    එසේ එරික් පෙරේරා අතට පත්වූ එම ලිපිය සමාජ මාධ්‍ය ජාලා වෙත ගියේ කෙසේදැයි මෙතෙක් පැහැදිලිවම හෙළිවී නැත. එහෙත් පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර පොලිස් පරීක්ෂකවරයාගේත් එරික් පෙරේරාගේත් ජංගම දුරකතන ඉකුත් 12 වෙනිදා පොලිස් විිශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ කටයුතු සදහා සිය භාරයට ගෙන ඇත. මෙතෙක් එම ජංගම දුරකතන එම නිලධාරීන් අතට පත්ව නැත. ආන්දෝලනයට තතුඩුදුන් එම ලිපිය එරික් පෙරේරා විසින් වෙනත් පුද්ගලයින්ට යොමුකර තිබේදැයි සොයා ඔහුගේ ජංගම දුරකතනය සයිබර් අපරාධ විමර්ශන ඒකකයට ලබාදී ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.