තවත්

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 3කට වැසේ

    0

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට දින 3ක් වසා දැමේ.

    එහි සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයින්‌ 42 නෙකු හඳුනාගෙන තිබීම ඊට හේතුවයි.‌

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන්‌, ලොතරැයි අලෙවිකරැවන්‌ හා නාට්ටාමිවරැන්‌ ඇතුළු පිරිසක්‌ මෙලෙස ආසාදිතයින්‌ ලෙස හඳුනාගෙන ඇත.

    පසුගිය සිකුරාදා දඹුල්ල ආර්ථික
    මධ්‍යස්ථාන පරිශ්‍රයේ අහඹු කොරෝනා පරික්ෂණ 190ක්‌ සිදුකර තිබුණි.

    ඉන්‌ 42 නෙකු මෙලෙස ආසාදිතයින්‌
    ලෙස හදුනාගෙන ඇත.‌

    ආර්ථිකය වට්ටන රට අගුළු දැමීම් නොව වසංගතයට විසඳුම එන්නත්කරණයයි – ජනපති

    0

    අප රටේ ආදායම් උපයන්නන්ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙන බැවින් ආර්ථිකය මුළුමනින්ම අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ නොහැකි බවත් කොවිඩ් -19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. 

    සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීතිරීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බවත් ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කරසිටී.

    එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,

    කොවිඩ්- 19 උවදුරට විසඳුමක් ලෙස යම් කලකට රට වසා දැමිය යුතු යැයි සමහරු කල්පනා කරති. ආරම්භක අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත්වුවද දිගුකාලීනව එය ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරයි. ආර්ථික ක්‍රියාකාරිත්වය මුලිමනින් අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ නොහැකිය. අප රටේ ආදායම් උපයන්නන්ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙති.” 

    “ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුළ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා තිබේ. ප්‍රථමයෙන් ගෙන්වනු ලැබූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පුද්ගලයින් 925,242කට මේ වනවිට ලබාදී ඇත. එම එන්නතේ දෙවන මාත්‍රව ලබාදීම මැයි මස මුල සතිය තුළ ආරම්භ කිරීමට නියමිතය. ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්, කොවිඩ් මර්දනයේ නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356,000ක් දෙනාට දෙවැනි මාත්‍රාව දෙනු ලැබේ. ඉතිරි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජය දැන් සාකච්ඡා කරමින් සිටී.” 

    “රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගනු ලැබේ. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත.”  

    පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.”
     
    “මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැටනමත් අත්සන් කොට ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්‍රියාකාරමින් සිටී.”
     
    “කොවිඩ් 19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (24) ජිනීවා නුවරදී යළිත් වරක් අවධාරණය කළේය. නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂබීජ නාශක යොදා විටින්විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන්වලින් සහ උත්සව, සාද වැනි ඒකරාශීවීම්වලින් වැළකී සිටීම ඒ අතර ප්‍රධාන තැන ගනී.”  

    “සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම හා ශික්ෂණයක් සහිත විනයගරුක සමාජ චර්යාව වෛරස ව්‍යාප්තිය නතර කිරීමට සාර්ථක විසඳුමක් බව එවැනි ශික්ෂණයක් පෙන්නුම් කළ සියලු රටවල අත්දැකීමය.” 

    එබැවින් රජය සිය කාර්ය ඉටුකරන අතර, ජනතාව රටේත්, තමාගේත් සුබ සිද්ධිය තකා ස්වකීය වගකීම සහ යුතුකම ඉටුකළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි

    රිජ්වේ රෝහලේ රෝගීන් බැලීමට ඉඩ දීම සීමා වෙයි

    0

    බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ
    රෝගීන්‌ බැලීම සඳහා ලබා දෙන
    අවස්ථාව සීමා කර තිබේ.

    ඒ රටතුළ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හේතුවෙනි.

    දහවල්‌ 12.00 ට පමණක්‌ රෝගීන්‌
    බැලීම සඳහා එක්‌ අයෙකුට අවස්ථාව
    හිමිවන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී.
    විජේසූරිය සඳහන්‌ කරයි.

    පන්නල නිවසක පිපිරීමකින් තරුණයන් දෙදෙනකු රෝහලේ

    0

    ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක ඊයේ (24) රාත්‍රී පිපිරීමක් සිදුව තිබේ.

    රතිඤ්ඤා තුළ තිබූ වෙඩි බෙහෙත්‌ ඉවත්‌ කර ඒවා යකඩ බටයකට දමා විදුලි උපකරණයකින් බටය කැපීමට යාමේදී මෙම පිපිරිම සිදුව ඇති බව වාර්තා වේ.

    පිපිරීමෙන් පුද්ගලයින්‌ දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

    පිපිරීමෙන්‌ තුවාල ලබා ඇත්තේ 22 හැවිරිදි සහ 27 හැවිරදි තරැණයින්‌ දෙදෙනෙකි.

    ඔවුන් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත්‌ කර ඇත.

    මාස්ක් නැතුව ගිය – සෞඛ්‍ය නීති කැඩූ අය 19ක් අත්අඩංගුවට

    0

    මුහුණු ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (24) දිනය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පුද්ගලයින් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ පිළියන්දල ප්‍රදේශවලින් බවය.

    මුහුණු ආවරණ නොපැළඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

    2020 ඔක්තෝබර් 31වන දා සිට මේ දක්වා එලෙස සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළ පුද්ගලයින් 3470 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ඒ මහතා කීය.

    නිවසෙන් පිටව යන සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳිය යුතු බවත් විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවය බාවිත කරන පිරිස ඒ සම්බන්ධයෙන් දැඩිව අවදානය යොමු කළ යුතු බවත් ඔහු පැවසීය.

    ඉරාක රෝහලක ඔක්සිජන් ටැංකි පිපිරී 23ක් මියය ති

    0

    ඉරාකයේ බැග්ඩෑග් අගනුවර කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ඔක්සිජන් ටැංකි පුපුරායාමෙන් ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

    සෙනසුරාදා රාත්‍රියේ අයිබීඑන් කතිබ් රෝහලේ සිදුවූ මෙම අනතුරෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

    පිපිරුමත් සමඟ ඇතිවූ ගින්නෙන් බේරීමට රෝහලේ සිටි පුද්ගලයන් කරන උත්සාහය සහ ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට කරන මෙහෙයුම මේ වනවිට සමාජ මාධ්‍යට නිකුත් වී තිබේ.

    ඉරාකයේ අග්‍රාමාත්‍ය මුස්තාපා අල්-කද්මි මහතා මෙම අනතුර “ඛේදජනක අනතුරක්” ලෙස හඳුන්වමින් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කැඳවා ඇත.

    බංගලියන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සිව්වැනි කඩුල්ලට වාර්තාවක්

    0

    සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න අද (24) සමත්විය.

    සංචාරක බංගලාදේශය සමග පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරමින් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න මෙම වාර්තාව පිහිටුවනු ලැබීය. සිය 11 වැනි ශතකයද ඊට පෙර දිමුත් කරුණාරත්න අද දිනයේ වර්තා කරනු කළේය.

    දිමුත් කරුණාරත්න මෙම මංගල ද්විත්ව ශතකය වාර්තා කරන්නේ පන්දු 387 කදී හයේ පහර 21 ක් ද සමගිනි.

    තරගාවලියේ සිව්වැනි දිනය වන අද සවස තරගය අවසන්වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන්වී තිබුණේ පන්දුවාර 149 කදී කඩුළු 03 ක් දැවී ලකුණු 512 ක් ලෙසිණි. නොදැවී ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න පන්දු 419 දී ලකුණු 234 ක් රැස්කරගෙන තිබුණි.

    දිමුත් කරුණාරත්නට ශක්තියක් වෙමින් නොදැවී ක්‍රීඩාකරන ධනංජය ද සිල්වා ද අද (24) සිය 07 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරනු ලැබීය. අද දිනය අවසන් වන විට ඔහු පන්දු 274 කදී ලකුණු 154 ක් රැස්කරගෙන තිබුණි.

    සිව් වැනි කඩුල්ලේ ක්‍රීඩාකරන දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා අතර සම්බන්ධතාව ලකුණු 322 කි. සිව්වැනි කඩුල්ලේ ලොව හොදම 13 වන සබදතාව වන්නේ මෙයයි. සිව් වැනි කඩුල්ලේ ලොව හොදම සම්බන්ධතාව ලෙස වාර්තා පොත්වල සටහන්ව ඇත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්වන ඒ.සී. වොජර් සහ එස්.ඊ.මාෂ් තැබූ ලකුණු 449 සම්බන්ධතාවයයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එම වාර්තාව තබා ඇත්තේ 2015 වර්ෂයේදීය.

    ක්‍රීඩා විචාරකයන්ට අනුව 2015 දී ඕස්ට්‍රේලියානුවන් තැබූ එම වාර්තාව හෙට (25) දිනයේ බිද වැටීමට ඇති සම්භාවිතාව වැඩිය.

    ඕනෑම කඩුල්ලකට ලොව හොදම සම්බන්ධතාව පිහිටුවා ඇත්තේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන ද්විත්වය විසිනි. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව 2006 එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේදීය.එහිදී මේ දෙදෙනා අතර පැවැති වාර්තාගත සම්බන්ධතාව වන්නේ ලකුණු 624 කි. ඒ තුන්වැනි කඩුල්ලේ ක්‍රීඩා කරමිණි.

    ලොව දෙවැනි හොදම සම්බන්ධතාවද පිහිටුවා ඇත්තේ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් දෙදෙනකි. එම ක්‍රීඩකයන් වන්නේ සනත් ජයසූරිය සහ රොෂාන් මහනාම යි. ඉන්දියාවට එරෙහිව 1997 වසරේදී ලකුණු 576 ක් ලබා ගනිමින් එම වාර්තාව පිහිටුවන්නේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීය.

    ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි

    0

    ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් ගණන අද (24) ලක්ෂය ඉක්මවා ගියේය.ඒ අනුව අද සවස වන විට මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වූයේ එක්ලක්ෂ පන්දිය දාහතක් (100517) ලෙසිණි. ඒ අද දිනයේ වාර්තාවූ ආසාදිතයින් 826 දෙනා ද සමගිනි.

    කැස්බෑවෙන් දින පහට කොවිඩ් ආසාදිතයින් 97 ක්

    0

    කොවිඩ් 19 වෛරස ආසාදීතයන් වැඩි වශයෙන් හමුවීම හේතුවෙන් කැස්බෑවත් හුදෙකලා කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අතර අදහස් හුවමාරුවෙමින් ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.

    කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ (23) පුද්ගලයන් 112 දෙනෙකු PCR පරීක්ෂණවල යොමුකර ඇති අතර ඒ අයගෙන් 65 දෙනෙකු ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබෙන බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

    කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පසුගිය දින 5ක් තුළ කළ PCR පරීක්ෂණ 164 ක් කර ඇති බවත් ඒ අතර ආසාධිතයින් 97 ක් හදුනා ගත් බවත් ඇය සදහන් කළාය. මෙම ආසාධිතයන්ගේ ආශ්‍රිතයින් 300 ක් මේ වන විට ස්යං නිරෝධායනයට යොමුකර ඇතැයිද ඇය පැවසුවාය. එම ආශ්‍රිතයන්ව ඉදිරියේදී PCR පරීක්ෂාවට යොමුකරන බවද ඇය වැඩිදුරටත් සදහන් කළාය.

    ආසාධිතයින් 97 දෙනා අතර කැස්බෑවේ පිහිටි රජයේ සුපිරි වෙළද සැලක සේවකයින් 02 ක්ද පෞද්ගලික සුපිරි වෙළද සැලක සේවකයින් 08 ක්ද සිටිති.

    කළුතර අධිකාරීගොඩත් හුදෙකලා කරයි

    0

    කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසමද අද (24) සවස 6.00 සිට හුදෙකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගත්තේය.

    එම ගම්මානයේ වැසියන් රැසකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

    මොරටුවේ පාසලක ක්‍රිකට් ගැසූ 30 ක් නිරෝධායනයට

    0

    මොරටුවේ ප්‍රසිද්ධ විදුහලක ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 30 දෙනෙකු නිරෝධානයට යොමුකර තිබේ.

    ගාල්ලේ පැවැති ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩකයෙකුගේ අතෙහි ඇතිවූ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට පුද්ගලික රෝහලකට ඇතුලත්කළ අවස්ථාවේදී කළ පී.සී.ආර්. පරීක්ෂාවේදී ඔහු කොවිඩ් වෛරස ආසාධිතයෙක් බව හදුනාගැනීමත් සමග සෙසු ක්‍රීඩකයන්  නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

    එම ක්‍රීඩකයා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ සොහොයුරකු බවද සදහන්ය.

    ස්වයං නිරෝධායනයට යොමු කළ සිසුන් මොරටුව,රත්මලාන,පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    දහඅට හැවරදි තරුණියකුත් කොවිඩ් මාරයාට බිිලිවේ

    0

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක මහතාගේ අත්සනින් අද (24) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    ඒ අනුව කොවිඩ් 19 වෛරස ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත රෝගීන් ගණන 638 කි.

    එම නිවේදනයට අනුව මරණ දෙකක් 21 වෙනිදාද මරණ 02 ක් 23 වෙනිදාද සිදුව ඇත. ඒ් අතර වත්තල පුද්ගලික රෝහලකට ඇතුලත්කර සිටියදී මිය ගිය 18 හැවරදි තරුණියක්ද සිටින්නීය. ඇය මියගොස් ඇත්තේ 21 වෙනිදාය. නිට්ටඹුවේ පදිංචිව සිටි 35 වියැති අයෙක්ද කොවිඩ් ආසාධිතව ඉකුත් 21 වෙනිදා මියගොස් තිබේ. මිනුවන්ගොඩ රෝහලට ඇතුලත්කර සිටි ඔහු කොවිඩ් ආසාධිතයෙක් බව හදුනා ගැනීමෙන් අනතුරුව හෝමාගම රෝහලට මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

    මහරගම පදිංචි 71 වියැති කාන්තාවක්ද 23 වෙනිදා කොවිඩ් ආසාදනයෙන් මිය ගෙගාස් තිබේ. ඇය විදෙස්ගතව පැමිණ සිය නිවසේ ස්යං නිරෝධායනයේ සිටියදී ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් දකුණු කොළඹ මහ රෝහලට ඇතුලත්කර ඇත. එහිදී ඇය කොවිඩ් ආසාධිත බව හදුනාගැනීමෙන් පසු කොතලාවල ආරක්ෂක විද්‍යාල රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

    සිව් වැන්නා මියගොස් ඇත්තේ ද 23 වෙනිදාය. පන්නිපිටියේ පදිංචි 40 හැවරදි වියේ පසුවන ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් හෝමාගම රෝහලට මාරුකර යවා ඇත. මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    දංකොටුවෙන් ඇල්ලූ පොල්තෙල්වල රස පරීක්ෂක වාර්තාව එළියට

    0

    දංකොටුවෙන් හමුවූ ආනයනික පිරිපහදු නොකල පොල්තෙල් බවුසර් දෙකෙහි ඇෆලටොක්සීන් සියයට 07 ක් ඇතැයි රජයේ රස පරීක්ෂක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (23) දැනුම් දී තිබේ.

    එම බවුසර්වල අඩංගු පිරිපහදු නොකල පොල්තෙල් නිසි ක්‍රමවෛ්දයට අනුව මෙරටට රැගෙනවිත් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    දංකොටුවේ පොල්තෙල් කර්මාන්ත ශාලාවක් තුළ සගවා තිබුණු මෙම බවුසර් දෙක සොයා ගන්නේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඉකුත් මාර්තු 29 වෙනිදා ලද දුරකතන ඇමතුමකට අනුවය. එම බවුසර් දෙකෙහි පිරිපහදු නොකල පොල්තෙල් ලීටර් 27500 ක් තිබුණු බව පොලීසිය සදහන් කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එම පොල්තෙල්වල හිමිකරු දීර්ඝ කාලයක් තිස්සේ මෙරට පොල්තෙල් ව්‍යාපාරයේ නිරතව සිටින අයෛක් බවය. අලුත් අවුරුද්ද ඉලක්කරගෙන වැඩි වශයෙන් මෙවර පොල්තෙල් ඔහු ආනයනයකර සිය ගබඩා පුරවා තබාගෙන ඇතැයිද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    ඉන්දුනීසියාව, මලයාසියාව, පැපුවානිව්ගීනියාව, පිලිපීනය යන රටවලින් ඔහු පොල්තෙල් ආනයනය කරන බවත් පිරිපහදු නොකල පොල්තෙල් වැඩි වහයෙන් ආනයනය කරන බවත් පෙනී ගොස් ඇත.

    මෙම ව්‍යාපාරිකයාගේ පොල්තෙල් ගබඩාව පිහිටා ඇත්තේ රාගම හීන්කෙන්දේය. පොල්තෙල් පිරිපහදු කරන කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ දොම්පේ ප්‍රදේශයේය. ආනයනික මෙම පොල්තෙල් තොගය නිසි ක්‍රමවෛ්දයට අනුව මෙරටට ආනයනය කිරීමෙන් අනතුරුව දොම්පේ ගබඩාවේ ඉඩපහසුකම් නොමැතිබව කියමින් සිය මිතුරු ව්‍යාපාරිකයෙකුගේ දංකොටුවේ පොල්තෙල් කර්මාන්ත ශාලාවකට රැගෙන ගිය බව මෙම පොල්තෙල් තොගයේ හිමිකරු ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කර ඇත. එහෙත් විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ පිරිපහදු නොකල පොල්තෙල් සම්බන්ධයෙන් ඒ වන විට රටේ යම් ආන්දෝලනයක් ඇතිවූ බැවින් බියට පත්වූ මෙම ව්‍යාපාරිකයා මෙම පොල්තෙල් තොගය දංකොටුවට රැගෙන ගොස් ඇති බවය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම නිර්දේශයන්ට අනුව පොල්තෙල්වල ඇති මිනිස් සිරුරට අහිතකර ඇෆලටොක්සීන් ප්‍රමාණය සියයට 10 කි. මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කලකට ඉහතදී නිකුත්කර ඇති චක්‍රෙල්ඛයට අනුව පොල්තෙල්වල තිබිය යුතු වනනේ ඇෆලටොක්සීන් ප්‍රමාණය සියයට 30 කට අඩුවෙනි.

    සෞඛ්‍ය අංශයේ ඉල්ලීම් පසෙකලා ජනතාව විනෝද චාරිකා යති

    0

    කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී විශාල පිරිසක් විනෝද චාරිකා සහ වන්දනා ගමන්වල අද (24) දිනයේ නිරතවන අයුරු පොලීසියට නිරීක්ෂණය වී තිබේ.

    රත්නපුර සමන් දේවාලය, මහනුවර නෙල්ලිගල, කතරගම වැනි පූජනීය ස්ථානවලට වැඩි වශයෙන් ජනතාව අද දිනයේ ගමන්කර ඇත.

    සෞඛ්‍ය අංශ දිගින් දිගටම ජනතාවගෙන් ඉල්ලීම් කරනු ලැබුවේ මෙම සති අන්තයේ හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙසටය. එහෙත් මෙම දීර්කඝ සති අන්තයේ කල්තියා සූදානම්කරගෙන සිටි චාරිකා සහ වන්දනා ගමන් ඒ ආකාරයෙන්ම සිදුවී ඇැති බවක් මේ අනුව පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    නිරෝධායන නීති පිළිපදින්නේ නැති අය අත්අඩංගුවට

    0

    නිරෝධායන නීතිය උල්දැලංඝණය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ් සියළුම පොලිස් ස්ථානවලට පොලිස් මූලස්ථානයෙන් උපදෙස් ලැබී තිබේ.

    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා ද සදහන් කළේය.

    කොව්ඩි 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගත්බවද ඔහු පැවැසීය.

    රිෂාද් බදියුදීන් සහ සොයුරා අත්අඩංගුවට

    0

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොයුරකු වන රියාජ් බදියුදීන් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

    අද අළුයම එකයි තිහ පමණ වන විට ඔහුගේ සොයුරා රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    පසුව අද අලුයම 4 පමණ වනවිට රිෂාද් බදියුදීන් මහතා බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

    කොවිඩ් නියාමන නවතම මාර්ගෝපදේශනය නිකුත් වෙයි

    0

    රට තුල යළි උත්සන්න වෙමින් ඇති කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මහජන ක්‍රියාකාරකම්වලට අදාලව නව  මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි.

    රටේ කොවිඩ් -19 තත්ත්වය වරින් වර වෙනස් වීමට මෙය යටත් වන අතර අවසර දී ඇති ක්‍රියාකාරකම් මට්ටම වෙනස් වන විට මෙම කාර්යයන්හි නියැලී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව වෙනස් විය යුතු බව මින් දක්වා ඇත. 

    නව කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ.

    ලංකාවට ආපු නව කොවිඩ් ප්‍රභේදය දරුණුයි

    0

    ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන නව කොවිඩ් ප්‍රභේදය මෙතෙක් පැවති ප්‍රභේදයන්ට වඩා දරුණු එකක් යැයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අද (23) දින පැවසුවාය.

    මෙම නව ප්‍රභේදය කුමක්දැයි ඉදිරි දින කිහිපය තුළ ජනතාව දැනුවත් කරන බව කී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය නව ප්‍රභේදය තරුණ වයසේ පසුවන්නන්ට ද අවදානමක් බව පෙන්වා දුන්නාය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව දැනුවත් කළාය.

    එහි දී ඇය කළ ප්‍රකාශය මෙසේය.

    ඉන්දියාවේ ජනවාරි, පෙබරවාරි ඉතා හොඳ තත්ත්වයක් තිබුණෙ. ලංකාවත් අවුරුද්දට කලින් ඒ වගේ හොඳ තත්ත්වයක් තිබුණා. ඉන්දියාවට ක්‍රිකට් මැච් තිබුණා. ඡන්ද රැස්වීම් තිබුණා. නව ප්‍රභේදය ආවා. දැන් දවසට කී දෙනෙක් මියයනවද කියලා ඔබ දන්නවා.

    ලංකාවේ ඒ වගේ තත්ත්වයක් නොවෙන්න වගබලා ගන්න ඕන.

    අලුත් අවුරුද්දෙ හැසිරීම් රටාව වගේම අපේ අවාසනාවට ලංකාවට කොරෝනා නව ප්‍රභේදයක් ඇවිත් තිබෙනවා. කලින් තිබුණ ඒවට වඩා වෙනස් විධියට එය ක්‍රියාත්මක වෙනවා.

    පළමු රැල්ල දෙවැනි රැල්ල වගේ දැන් මේ තියෙන ප්‍රභේදය කුමක්දැයි අපි ඉදිරි දවස්වල කියනවා.
    මෙම නව ප්‍රභේදයෙන් එක් කෙනෙකුගෙන් මේ අවස්ථාවේ පස් හය දෙනෙකුට බෝවෙනවා. ඒ නිසයි තමන් ආරක්ෂා විය යුත්තේ.

    දැන් ලංකාවේ කොරෝනාවලට බය නෑ. ඒක සාධාරණයි. රෝග ලක්ෂණ මත කලින් එහෙම හැසිරුණා. මේ අවස්ථාවේ සුළු වශයෙන් වෙනස් රෝග ලක්ෂණ පේනවා. තරුණ අයටත් රෝග ලක්ෂණ මතු කරනවා. තරුණ අයගේ මියයෑම ඉන්දියාවේ වැඩිවෙලා තියෙනවා.

    සමාජ දුරස්ථභාවය, මුව ආවරණ පැළදීම ඉතා වැදගත්. එය හැමෝම දන්නවා. වාතය තුළිනුත් මෙම වෛරසය බෝ වෙනවා. ඒ හින්දා මුව ආවරණ දැමීම ඉතා වැදගත් යැයි ඇය කීවාය

    ත්‍රිකුණාමලයට හැකිතාක් නෑවිත් ඉන්න – ආණ්ඩුකාර

    0

    අංජනා මල්ලවආරච්චි

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ දැඩි කොරෝනා පැතිර යාමේ අවදානමක් පවතින හෙයින් ඉදිරි දිනවලදී දිස්ත්‍රික්කයේ සංචරණය කිරීමෙන් කිරිමෙන් හැකිතාක් වළකින්නැයි ඉල්ලා සිටින බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

    ත්රිකුණාමලය නගරය තුළ covid රෝගීන් හමුවීම නිසා මාර්ග බාධක යොදා සංචරණය සීමා කිරීමට තමන් ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවද අනුරාධ යහම්පත් මහත්මිය පැවසුවාය.

    අත්‍යවශ්‍ය කාරණයකට හැර ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කය පුරා සංචරණය කිරීමෙන් හැකිතාක් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.

    අභ්‍යන්තර අර්බුද තියෙන පක්ෂවලින් නාමයෝජනා ගන්නේ නෑ – මැකො

    0
    Election commission

    අංජනා මල්ලවආරච්චි

    අභ්‍යන්තර අර්බුද තිබෙන දේශපාලන පක්ෂවලින් නාමයෝජනා ලබා නොගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    අභ්‍යන්තර අර්බුද තිබෙන පක්ෂ එම අර්බුද විසඳාගන්නා තෙක් එම පක්ෂවලින් නාමයෝජනා ලබා නොගන්නා බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

    ඇතැම් පක්ෂ වලට ලේකම්වරුන් කිහිප දෙනෙකු සිටින අතර එම පක්ෂවල පිරිස් කණ්ඩායම් වලට බෙදී අර්බුද නිර්මාණය කරන බවද ඔහු කීය.

    එවැනි පක්ෂවලින් නාමයෝජනා ලබාගැනීමේදී ලියකියවිලි ගැටලු මතුවන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කීය.

    දුරකතන යෙදවුමකින් ත්‍රී රෝද රථවලට නියාමන යක්

    0

    ශ්‍රී ලංකාවේ කුළී ගමන් සදහා යොදා ගන්නා සියළුම ත්‍රී රෝද රථ ජංගම දුරකතන යෙදවුමක් (ඇප්) මගින් නියාමනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භකර තිබේ.

    එහි සමාරම්භක අවස්ථාව හෙට (23) මහනුවරින් ආරම්භවීමට නියමිතය.

    කුළි ගමන් සදහා යොදා ගන්නා ත්‍රී රෝද රථ, එහි හිමිකරු සහ රියදුරුගේ දත්තයන් ජංගම යෙදවුමට ඇතුලත්කර එම ත්‍රී රෝද රථවලට QR කේතයක් නිකුත් කිරීමට නියමිතය. මහ මග රැදී සිටින පොලිස් නිලධාරියෙක්ට යම් ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් සැකයක් ඇතිවූ විට ත්‍රී රෝද රථයේ අලවා ඇති

    QR කේතය ඔස්සේ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට මේ තුළින් හැකියාව ලැබේ.

    “ ත්‍රී රෝද රථයක් සොරා ගැනීමකට ලක්වූ විට ඒ ගැන ළගම පොලිස් ස්ථානයට හෝ පොලිස් නිලධාරියෙකුට දැනුම් දුන් විට කේත අංකයට අනුව ඒ ගැන ජංගම දුරකතන යෙදවුමට ඇතුළුකරන්න පුළුවන්. එවිට මහ මග රැදී සිටින පොලිස් නිලධාරීන්ගේ ජංගම දුරකථනවලට ඒ සැණින් එම සොරකම ගැන තොරතුරු ලැබෙනවා. සොරාගත් ත්‍රී රෝද රථයේ සියළු විස්තර සමග. ඒ නිසා ත්‍රී රෝද රථයක් සොරාගත්තත් එය රැගෙන යන්නට සොරුන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි ත්‍රී රෝද රථ භාවිතා කරන මගීන්ටත් මේ තුළින් වාසි රැසක් ලැබෙනවා. සමහර විට මගීන්ගේ වටිනාකියන දෙයක් අමතකවීමකින් ත්‍රී රෝධ රථයක දමාගොස් තිබුනොත් එම ත්‍රී රෝද රථයේ අංකයක් දෙකක් මකයේ ඇත්නම් එම අංකය මෙම ඇප් එකට ඇතුලත්කර ත්‍රී රෝද රථය හදුනා ගැනීමට හැකියාව තිබෙනවා.“ යැයි මෙම ව්‍යෘපෘතියේ මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතා සදහන් කළේය.

    සති අන්තයේ රට වහන්නේ නැහැ

    0
    Shavendra silva

    පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ එළඹෙන සති අන්තයේ රට සම්පූර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් කොවිඩ්-19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය පිළිබඳව අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් යුධ හමුදාපතිවරයා සඳහන් කළේ එහෙත් පවතින අවධානම් තත්වය හමුවේ හැකිතාක් මහජනයා එක්රැස් වීමෙන් වැළකී, නිවසේ රැඳී සිටින ලෙසයි.

    තවද,එළඹෙන සතිඅන්තයේ විවිධ උත්සව,චාරිකා ආදිය සංවිධානය කර ඇත් නම් එම උත්සව පැවැත්වීමෙන් වළකින ලෙසද යුධ හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    වැඩි දුරටත් අදහස්දක්වමින් යුධ හමුදාපතිවරයා පැවසුවේ, ඉදිරි දින කිහිපයේදී කොවිඩ් රෝගය වැළදුණු පිරිස් විශාල වශයෙන් සමාජයෙන් හමුවිය හැකි බවයි. එවැනි ප්‍රදේශ කිහිපයක් මේ වන විටත් හුදෙකලා කර ඇති බව පැවසූ යුධ හමුදාපතිවරයා අත්‍යවශ්‍ය හේතුවකට මිස මෙම දිස්ත්‍රික් අතර ගමන් කිරීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටියේය.

    සිංහල අලුත් අවුරුද්දට පෙර මෙරට කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයන් ප්‍රමාණය 150ත් 200ත් අතර සීමාවක පවත්වා කටයුතු කල බවත් එහෙත්, සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසානයත් සමග ක්‍රමයෙන් මෙම තත්වයේ වර්ධනය වීමක් දැකිය හැකි වූ බවද යුධ හමුදාපතිවරයා පෙන්වා දුන්නේය. සුළු ප්‍රමාණයක් මුව ආවරණ සහ අදාළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ බවද අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරි යාම් ආදිය දැකිය හැකි වූ බවත්, පොදු ප්‍රවාහන මාධ්‍ය බහුලව භාවිතා වීම් සිදු වූ බවත් පෙන්වා දුන් හමුදාපතිවරයා, අසල්වැසි ඉන්දියාවේ දිනකට 322,000ට ආසන්න ප්‍රමාණයක් කොරෝනා රෝගින් හමුවන බවත් , විශාල ප්‍රමාණයක් මිය යන අවස්ථාවකට පත්ව ඇති බවද යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

    කොවිඩ් වසංගතය හමුවේ අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් මනා අවබෝධයක් මහජනයා සතුව පවතින්නේ යැයි පැවසූ යුද හමුදාපතිවරයා, සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

    සහරාන්ගේ මාමා සහ අන්තවාදී පන්ති ගිය 2ක් අත්අඩංගුවට

    0

    පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ මාමණ්ඩිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සෙසු පුද්ගලයන් දෙදෙනා සහරාන්ගේ අන්තවාදී මත පැතිරවූ පන්තිවලට සහභාගි වූ පුද්ගලයෝ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 40, 52,54 වයස්වල පසුවන්නන් ය.

    කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    මොවුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ ප්‍රශ්න කෙරේ.

    ඩෝසර් කළ යාපන සරසවියේ යුද ස්මාරකයට පණ ලැබේ

    0

    අවසන් යුද්ධයේදී වෙල්ලමුල්ලි වයික්කාල් හී දී මිය ගිය පිරිස් අනුස්මරණය කිරීම සදහා යැයි සදහන් කරමින් යාපනය විශ්ව විද්‍යාල භූමයේ ඉදිකර තිබුණු රණවිරු ස්මාරකය විශ්ව විද්‍යාල බලධාරීන්ගේ දැනුම්දීමකට අනුව ආරක්ෂක අංශයේද රැකවරණය මත කඩා ඉවත් කෙරෙන්නේ ඉකුත් ජනවාරි 08 වෙනිදාය.

    එම ස්මාරකය ඉවත් කෙරෙන්නේද එය නීති විරෝධී ඉදිකිරීමක් ලෙස සලකාය.

    එම රණවිරු ස්මාරකය ඉවත්කිරීමට එරෙහිව විශ්ව විද්‍යාලය තුලත් ඉන් පිටතත් විරෝධතා ගොඩ නැගෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් ආශ්‍රිතව හර්තාල් සහ විරෝධතා පාගමන් පවා සංවිධානය වෙමිනි.

    මේ තත්වය මත බලධාරීන්ට සිදුවන්නේ කඩා ඉවත්කල ඒ රණවිරු ස්මාරකය යැයි කී ස්මාරකය නැවත ගොඩ නැගීමට අවස්ථාවක් ලබාදීමටය. ඒ අනුව ජනවාරි 15 වෙනිදා මුල්ගල් තබමින් එම ස්මාරකය ගොඩ නැගීමේ කටයුත්තට යාපනය විශ්ව විද්‍යාල බලධාරී්න් පෙරටුකරගනිමින් ශිෂ්‍යයින් මුල පිරිවෝය.

    අද එතැන ඉදිවී ඇත්තේ එහි තිබුණාට වඩා වටිනාකමක් ගෙනදුන් ස්මාරකයකි. අද (23) පෙරවරු 7.15 ට පමණ එම ස්මාරකය විවෘත කෙරෙන්නේ යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ශිෂයින් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙනි. ස්මාරකය අද විවෘත කිරීමට නියමිතව තිබුණේ උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙනි. එහෙත් ඒ මහතා ඊයේ (22) රාත්‍රිෙය් හදිසියේම අසනීපවී රෝහල්ගත වී ඇත. ඒ අනුව රණවිරු ස්මාරකය විවෘත කිරීමට සිදුව ඇත්තේ එය ගොඩ නැගීමට මුල්වූ ශිෂයන්ටම පමණි.

    හෙට මාව CIDයට කැඳෙව්වොත් ඊබ්‍රාහිම්ලා ගැන දන්න තොරතුරු සියල්ල දෙන්න ලෑස්තියි – අනුර කුමාර

    0

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා කැඳවා ප්‍රශ්න කරන්නෙ නම් පාස්කු ප්‍රහාරයේ ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා වන මොහොමඩ්‌ ඊබ්‍රාහිම් පිළිබඳ තමා සතුව ඇති සියලු තොරතුරු දීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අදහස් දැක්වීමකදී ඉන්දික අනුරුද්ධ මහතා කියා සිටියේ හරීන් ප්‍රනාන්දු පමණක් නොව, අනුර කුමාර දිසානායක සහ රවුෆ් හකීම්ගෙන් ද සම්බන්ධතා පිළිබඳව ප්‍රකාශ ලබා ගතයුතු බවත් අනුර කුමාර මහතාගේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ සිටි ඊබ්‍රාහිම් පිළිබඳ ඔවුන්ට ද ගැටලු පවතින බව ඒ පිළිබඳ විමසිය යුතු බවත් ය.

    මෙහිදී අනුර කුමාර දිසානායක මහතා නැගී සිටිමින් කියා සිටියේ ‘පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභාව අවුරුදු දෙකක් තිබ්බා. ඔය කියන පුද්ගලයා අපි දන්නවා. අද වෙනකන් කිසිදු ප්‍රකාශකට මාව කැඳවලා නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙට කියන්න මාව කැඳවන්න කියලා මා සතුව තියෙන සියලු තොරතුරු දෙන්න ලෑස්තියි. හෙට කියන්න මාව කැඳවන්න කියලා.’ යනුවෙනි.

    මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු ආසනවල ඉදිරිපස පේළිය දෙසට ඇවිද ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දෙසට අත දිගු කරමින් මහ හඬින් යමක් පවසනු මැතිසබේ දර්ශනවල සටහන්ව තිබේ.

    පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නැවත සිය අසුනට පැමිණෙන ලෙස ඔහුගෙන් කිහිප වතාවක්ම ඉල්ලා සිටියේය.

    සති දෙකකට රැදවියන් මුණ ගැසීම අමුත්තන්ට තහනම්

    0

    කොවිඩි 19 වෛරස ව්‍යාප්තිය හමුවේ ආරක්ෂක පියවරක් ලෙස බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අමුත්තන් සඳහා සති දෙකකට අත්හිටුවා තිබේ.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ඒ බව තහවුරු කළේය.

    ඒ අනුව හෙට (24) සිට සති දෙකක කාලයක් බන්ධනාගාරගත රැදවියන්ගේ සුවදුක් බැලීමට අමුත්තන්ට ඉඩ නොලැබේ.

    ඉදිරි මාසයේ කිසිදු මහජන රැස්වීමකට අවසර නෑ!

    0

    ඉදිරි මාසයේදී කිසිදු ආකාරයක මහජන රැස්වීමක් පැවැත්වීමට අවසර ලබා නොදෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා COVID-19 රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

    වර්තමාන නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීම සහ සති දෙකක නව නිරෝධායන රෙගුලාසි පැනවීම පිළිබඳව යළි සලකා බලමින් සිටින බවද ඇය පැවසුවාය.

    “නව රෙගුලාසි ඉදිරි මාසය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. මාසය තුළ ප්‍රතිඵල මත පදනම්ව නිරෝධායන රෙගුලාසිවලට අදාළ ඉදිරි පියවර ගනු ලැබේ. අපට තත්වය පාලනය කිරීමට නොහැකි නම් අනාගතයේදී එය වඩාත් නරක අතට හැරෙනු ඇත.” ඇමතිවරිය පැවසීය.

    මෙලෙස ගනු ලැබූ සියළුම තීරණ ජනාධිපතිවරයාගේ අවසරය ලබා ගැනීම සඳහා අද පැවැත්වෙන COVID-19 කාර්ය සාධක බලකා රැස්වීමේදී සාකච්ඡා කරනු ඇත.

    හරීන් බලන්න සජිත් රෝහලට යයි

    0

    රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සජබ මන්ත්‍රීවරුන් පිරිසක් ගොස් තිබේ.

    හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    ‍මේ අතර පාස්කු සිදුවීමට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි හරීන් ප්‍රනාන්දු මහතාට ඊයේ දන්වා තිබිණි.

    පාර්ලිමේන්තුවේදී පසුගිය 21 දා ඇතිවූ ගැටුමකින් පසු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත්ව එ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිට ඇත.

    පාර්ලිමේන්තුව තුළ ඇති වූ සිද්ධිය ගැන හොයන්න පත්කළ කමිටුව මෙන්න

    0

    පාර්ලිමේන්තුවේ පසුගිය දා (21) සිදු වූ සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා නියෝජ්‍ය කථානායක රංජිත් සියම්බලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව කථානායකවරයා නිවේදනය කර තිබේ.

    අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්තියාස් බේකර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර සහ එම්. සුමන්තිරන් යන මහත්වරුන් කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

    ඉන්දියාවේ ‘ඔක්සිජන් එක්ස්ප්‍රස්’ ඇරඹේ

    0

    “දියර වෛද්‍ය ඔක්සිජන් ටැංකි පටවා ඇති පළමු ඔක්සිජන් එක්ස්ප්‍රස් දුම්රිය මහාරාෂ්ට්‍රයට විශාග් සිට පිටත්ව ගොස් ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ සියලු පුරවැසියන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා නව්‍යකරණයන් යොදා ගනිමින් දුම්රිය දුෂ්කර කාලවලදී ජාතියට සේවය කරයි”

    දියර ඔක්සිජන් රැගත් පළමු දුම්‍ රිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මහාරාෂ්ට්‍ර බලා පිටත් වූ බව ඉන්දියාවේ විශාකාපට්ටම් දුම් රියපළ පසුකළ පසුව ටැංකි හතක් සහිත රෝ-රෝ (රෝල්-ඔන්-රෝල්-ඕෆ්) දුම්රිය ගැන දැනුම් දීම සඳහා අමාත්‍ය පියුෂ් ගෝයාල්ගේ නිවේදනය එය විය.

    කොවිඩ් වසංගතයෙන් උත්සන්න වූ ඉන්දියාව මේ වනවිට ඔක්සිජන් අර්බුදයකට මුහුණ පා සිටී. ඇතැම් ප්‍රාන්තවල මතුව ඇති දැඩි ඔක්සිජන් අර්බුදයට විසඳුම වන්නේ ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ඇති ප්‍රාන්තය කින් ඔක්සිජන් බවුසර් ප්‍රවාහනය කර ගැනීමයි.

    මේ අනුව ඔක්සිජන් බවුසර පැටවූ දුම්රිය ප්‍රවාහනය සඳහා යොදාගැනීම ආරම්භ කර තිබේ.

    ඔවුන් මෙය හඳුන්වනේ ‘ඔක්සිජන් එක්ස්ප්‍රස්’ දුම් රිය ලෙසයි.

    පැය 50 කට ආසන්න ගමනකින් පසු එය අප්‍රේල් 22 වන දින අළුයම 1 ට පමණ විශාකාපට්ටම් වෙත ළඟා විය. කලම්බෝලි සිට පිටත් වී පැය 75 කට පමණ පසු ඔක්සිජන් පටවා ඇති ටැංකි හතක් රැගත් දුම්රිය ආපසු ගමන ආරම්භ කර තිබේ.

    රට පුරා ඔක්සිජන් ප්‍රවාහනය කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ ඔක්සිජන් එක්ස්ප්‍රස් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණි.

    මෙම වැඩසටහන යටතේ විශාකාපට්ටම්, ජම්ෂෙඩ්පූර්, රූර්කෙලා සහ බොකරෝ වෙතින් හිස් ටැංකි ද්‍රව වෛද්‍ය ඔක්සිජන් පටවනු ලැබේ.

    කොරෝනා වෛරස් රෝගීන් මධ්‍යයේ වෛද්‍ය ඔක්සිජන් සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ ගොස් තිබේ.