තවත්

    විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට යැවු නම් තුනම ජනපති කාර්යාලයෙන් ප්‍රතික්ෂේප වෙයි

    0

    අංජනා මල්ලවආරච්චි

    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා එහි පාලක සභාව මඟින් ජනාධිපති කාර්යාලයට යොදා ඇති මහාචාර්යවරුන් තිදෙනාගේ ම නම් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ.

    ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා අයදුම් කළ මහාචාර්යවරුන්ගෙන් සුදුසුකම් පරීක්ෂා කළ මණ්ඩලය නන් තුනක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ජනාධිපති කාර්යාලයට යවා ඇතත් එම නම් තුන ප්‍රතික්ෂේප වී ඇතැයි විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය ඇන්ටන් පියරත්න මහතා පැවසීය.

    උපකුලපතිවරයකු තෝරා පත් කර ගැනීමේ නිසි ක්‍රමවේදය අනුගමනය කර මහාචාර්යවරුන්ගේ නම් තුනක් යැවූ නමුත් එය ප්‍රතික්ෂේප කිරීම අත්තනෝමතික ක්‍රියාවකැයි ද ඊට විරෝධය දක්වන බවද සභාපතිවරයා කීය .

    මෙවැනි ක්‍රියාදාමයක් මීට පෙර සිදුව නැතැයි ද නරක පූර්වාදර්ශයකැයි ද මහාචාර්ය ඇන්ටන් පියරත්න මහතා පැවසීය.

    කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්න ආයුර්වේ ද රෝහල්වලටත් අවස්ථාව

    0

    කොවිඩ්රා 19 ආසාදිතයින්ට ආයුර්වේද රෝහල්වල ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමට අනුමැතිය ලැබී ඇත.

    ඒ අනුව රාජගිරියේ සහ නාවින්නේ පිහිටි ආයුර්වේද රෝහල්වල මුලින්ම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවසර දී ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. ඉදිරියේදී සෙසු ආයුර්වේද රෝහල්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා පරිවර්ථනය කෙරෙනු ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා සදහන් කළේය.

    එම ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් රෝගීන්ට ආයුර්වේද ඹෟෂධ ප්‍රතිකාර ලැබෙන බවද රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් පසුගිය දිනවල රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ කොවිඩ් රෝගගීන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමට තමන්ටද අවස්ථාවක් ලබාදෙන ලෙසටය.

    එම ප

    ඇමරිකාවේත් යුරෝපයේත් ධනවතුන්ගේ ගිණුම්වල මුදල් සොරාගෙන මෙරටට එවන ජාවාරමක්

    0

    යුරෝපීය රටවල සහ ඇමරිකාවේ ජීවත්වන ධනවතුන්ගේ බැංකු ගිණුම් දත්තයන් සොරාගෙන අන්තර්ජාලය ඔස්සේ මුදල් සොරාගෙන එම මුදල් මෙරට පුද්ගලයින්ගේ ගිණුම්වලට බැර කිරීමේ සංවිධානාත්මක ජාවාරමකට අත්අඩංගුවට ගැනීීමට සොයමින් සිටි පුද්ගලයෙක් ඊයේ (01) ඩුබායි බලා යාමට කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ත්‍රිකුුණාමලයේ කින්යාහී පාවනාසකුලම් ගම්මානයේ පදිංචිකරුවෙක් වන එම සැකකරු 39 වියේ පසුවන්නෙකි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේ කැනඩාව, ඇමරිකාව, එංගලන්තය වැනි රටවල රැකියාවල නිරතව සිටින සහ පදිංචිව සිටින උතුරු – නැගෙනහිර පළාත්වලට සම්බන්ධ පුද්ගලයින් විසින් එම රටවල ධනවතුන්ගේ බැංකු ගිණුම් දත්තයන් සොරාගන්නා බවය. අනතුරුවව ඔවුන් අන්තර් ජාලය ඔස්සේ එම ගිණුම්වලට රිංගා එම මුදල් මෙරට සිටින ඔවුන් ජාලයට සම්බන්ධ අයගේ ගිණුම්වලට බැරකරන බවද අජිත් රෝහන මහතා කීය. මෙරටට මුදල් ලැබීමත් සමග එම මුදල් ගිණුමෙන් ඉවත්කර වෙනත් ගිණුමකට මාරුකරන බවත් මාසයකට පමණ පසු එසේ මාරුකළ ගිණුමේ ඇති මුදලින් කොටසක් තමාගෙන ඉතිරි මුදල් ඇමරිකානු ඩොලර්වලට පරිවර්ථනය කර මෙම ඡාවාරමේ නිරත පිටරට සිටින පුද්ගලයින්ට බැර කෙරෙන බවද අජිත් රෝහන මහතා පැවැසීය.

    ඩුබායි බලා ගමන් කිරීමේ සූදානමින් කටුනායක ගුවන්තොටුපොලට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බැංකු ගිණුමකට පමණක් එසේ බැරවී ඇති මුදල රුපියල් මිලියන 86 ක් වන බව ද අජිත් රෝහන මහතා කීය.

    මෙම ඡාවාරමට සම්බන්ධ ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකීය සම්බවවයක් ඇති පුද්ගලයෙක් ඉකුත් වසරේ මුල් මාස කිහිපය තුළ පපමණක් මෙරටට රුපියල් මිලියන 1,440 ක මුදලක් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම්වලට එවා ඇති බවටත් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇතැයිද අජිත් රෝහන මහතා සදහන් කළේය. එම මුදලින් අඩකට වවැඩි ප්‍රමාාණයක් නැවතත් ඇමරිකාවේ බැංකුවක ගිණුමකට බැරවී ඇති බවත් මෙම ඡාවාරමට සම්බන්ධ මෙරට බැංකු ගිණුම්වලට මුදල් බැරවූ කිහිප දෙනෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    අත්අඩංගුවට ගත් සැකකරු අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    ගාල්ල මහින්ද ශූරතාව දිනාගනී

    0

    ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේ පළමු කොටසේ බී කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය අද (02) දින සමත්විය.

    කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තාකරමින් මහින්ද ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ.

    අවසන් මහා තරගය කොළඹ එන්.සී.සී ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්විණි.

    ජයග්‍රහණය සඳහා ලකුණු 100ක ඉලක්කය හඹාගිය නවෝද් පරණවිතාන ප්‍රමුඛ මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ පන්දුවාර 35.4ක දී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරාලීමට සමත්වූහ.

    මහින්ද විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දක්ෂම් දැක්වූ කෞෂිත කොඩිතුවක්කු ලකුණු 23ක් ලබා ගත්තේය. රත්ගම දේවපතිරාජ ක්‍රීඩකයෝ ලකුණු 99 කට සීමා කිරීමේ දී සුභානු රාජපක්ෂ ලකුණු 22ට කඩුලු 3ක් සහ නවෝද් පරණවිතාන ලකුණු 08කට කඩුලු 3ක් බිඳ හෙලූහ.

    ජාතික හැදුණුම්පත් කාර්යාලයත් නැවත දැනුම්දෙන තුරු මහජනතාවට වැසේ

    0

    පවතින කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළුම ප්‍රාදේශීය කාර්යලවලින් සිදුවන සාමාන්‍ය මහජන සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව උපදෙස්වලට අනුව යමින් ජනතාව එක්රැස්වීම වැළැක්වීම සඳහා එම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සදහන් කළේය.

    විභාග ඇතුලු ජාතික හුදුනුම්පත් කඩිනමින් ලබා ගැනීමේ විශේෂ අවශ්‍යතා පැන නගින පුද්ගලයින්ට පමණක් ඒ සසදහා විශේෂ වැඩ පිළිවෙලක්ද සකස්කර ඇතැයි වියානි ගුණතිලක මහතා කීය. ඒ සම්බන්ධයෙන් තොරතුරු 011 5 226 126 හෝ 011 5 226 100 යන දුරකථන අංක ඔස්සේ විමසිය හැකි බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවැසීය.

    ජාතික හැඳුනුම්පත් ලබාගැනිම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලයට පැමිණීමට දින වෙන්කර ගත් සියලු අයදුම්කරුවන්ට ජාතික හැදුනුම්පත් සකස් කර පෞද්ගලික ලිපිනයන් වෙත කඩිනමින් තපැල් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ප්‍රමිති ආයතන සභාපති ඉල්ලා අස්වෙයි

    0

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා ඉල්ලා අස්වී තිබේ.

    යළි පෞද්ගලික අංශයට එක් වීම සදහා ඔහු මෙලෙස ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

    කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ 21 කට කොවිඩ්

    0

    කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ සේවකයින් 21 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    තැපැල් කාර්යාලයේ සේවකයින් 45 දෙනෙකුට කළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ බව අනාවරණය වී ඇත.

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කොම්පඤ්ඤවීදිය තැපැල්කාර්යාලය වසා දැමීමට තැපැල් බලධාරීන් පියවර ගත්තේය. විෂබීජ හරණය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඉදිරියේදී තැපැල් කාර්යාාල වීවෘත කෙරන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    පාස්කු ප්‍රහාරය ගැන හරීන්ගේ තාත්තට කලින්ම කිව්වේ සීඅයිඩියෙන්!

    0

    ප්‍රහාරයක් එල්ලවන බැවින් පාස්කු දින පල්ලි නොයන ලෙස රෝහල්ගතව සිටි සිය පියා තමාට පැවසූ බව සදහන් කරමින් පාස්කු ඉරිදා එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එවකට ඇමතිවරයෙක්ව සිටි හරීන් ප්‍රනාන්දු මහතා පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විමර්ශනයේදි ඒ සම්බන්දයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

    හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පියා අතර ඒ වන විට යම් හිත් අමනාපයක් තිබී ඇති බවත් පාස්කු ඉරිදා දේවස්ථානවලට පහරදීම ගැන ප්‍රහාරයට පෙර දිනයේ ඔහුගෙ පියා විසින් සදහන්කර ඇත්තේ හරින් ප්‍රනාන්දු මහතාගේ වැඩිමහල් සහෝදරියට බවත් හෙළිවී ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු දින සවස සහෝදරිය විසින් සිය පියා පෙර දින පැවසූ කථාව හරීන් ප්‍රනාන්දු මහතාට පවසා ඇතැයිද විමර්ශනවලින් හෙළිවී තිබේ. ඒ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ සහෝදරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරයට පෙර දින කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි සිය පියා, පල්ලිවලට පහරදීමක් සිදුවනු ඇතැයි තමාට පවසා පාස්කු දින පල්ලි නොයන ලෙස දැනුම් දුන් බවය. පසුදින පල්ලිවලට පහරදීමක් සිදුවූ බවත් එදින සවස තමා සිය සහෝදරයා වූ හරීන් ප්‍රනාන්දුට දුරකතන ඇමතුමක් ලබාදෙමින් සිය පියා සදහන් කළ කථාව කියන තුරු ඔහු ඒ ගැන කිසිවක් දැන සිටියේ නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා තිබේ.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් හරීන් ප්‍රනාන්දු මහතාගේත් සහෝදරියගේත් ඔහුගේ පියාගේත් ජංගම දුරකතන විශ්ලේෂණය කර ඇත. එහිදී පැහැදිලිවම හෙළිවී ඇත්තේ හරීන් ප්‍රනාන්දු මහතාට ඔහුගේ පියාගෙන් අඩුම තරමින් ඒ දිනවල ඇමතුමක්වත් ලැබී නැති බවකි. එහෙත් සහෝදරියගේ දුරකතන විශ්ලේෂණයට අනුව පියාගෙන් ඇයට දුරකතන ඇමතුම් ලැබී ඇති බවත් හරීන්ට ඒ කියන ඇමතුම ඇගෙන් යොමු වී ඇති බවත්ය.

    ඒ අනුව හරින් ප්‍රනාන්දු මහතා සිය පියා තමාට පාස්කු දින පල්ලි නොයන ලෙසත් ප්‍රහාරයක් එල්ලවනු ඇති බව පියා සදහන් කළ බවත් කළ ප්‍රකාශය සැබෑවටම ඔහුට සිය පියා විසින් කළ ප්‍රකාශයක් නොවන බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේදීද මේ ගැන කරුණු හෙළිවූ අතර හරීන් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සදහන් කරණු ලැබුවේද සිය සහෝදරිය විසින් පියා පැවසූ බව කියමින් ඒ තොරතුර තමාට පැවසූ බවය. අනනතුරුව කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය පියාව හමුවීමට තමා ගොස් වවිමසූ බවත් “තමුසෙට වඩා දේවල් අපි දන්නවා“ යනුවෙන් පමණක් යැයි සදහන් කළ බව හරීන් ප්‍රනාන්දු මහතා සාක්ෂි දෙමින් සදහන් කළේය. ඒ ගැන වැඩි යමක් පියාගෙන් දැන ගැනීමට අපේක්ෂාවෙන් සිටියත් ඔහු මිය ගිය බැවින් කිසිවක් දැන ගැනීමට නොහැකි වූ බවද ඔහු කොමිසම හමුවේ සදහන් කළේය. සිය පියා සදහන් කළ ඒ ප්‍රකාශය ගැන එවකට අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාවද තමා දැනුවත් කළ බවත් මාධ්‍ය හමුව පවත්වන්නේ අනතුරුව බවත් ඔහු කීවේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණුද සැලකිල්ලට ගෙන කරනු ලබන විමර්ශනයේදී හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාගේ ජංගම දුරකතන විශ්ලේෂණයේදී පෙනී ගොස් ඇත්තේ 2019 අප්‍රේල් 20 රාත්‍රී 8.00 පමණ ලැබී ඇති බවත් එම ඇමතුම ලබාදී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින නන්දලාල් නැමැති සැරයන්වරයෙක් බවය. විනාඩි 06 ක් සැරයන් නන්දලාල් සහ හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා අතර දුරකතන සංවාදය පැවැති බවද විමර්ශනවලින් පැහැදිලිවී තිබේ.

    වනාතවිල්ලුවේ ආයුධ ගබඩාව සොයා ගැනීම් සම්බන්ධයෙන් විමර්ශනවලට සම්බන්ධවී සහරාන් සහ ඔහුගේ ගෝලබාලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමේද නන්දලාල් නැමැති නිලධාරියා රැදී සිට ඇත. පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරකට අනුව සහරාන්ගේ ප්‍රධාන ගෝලයෙක් වන ආමි මොහිදීන් නැමැත්තාව අත්අඩංගුවට ගැනීමට මඩකලපුවට ගිය කණ්ඩායමේද නන්දලාල් නැමැති නිලධාරියා සිට ඇති බවත් සහරාන්ව අත්අඩංගුවට ගැනීමට ඔහුගේ බිරිද කාදියාගේ මව්පියන් පංදිචි කුරුණෑගල නිවසට ගිය කණ්ඩාමේත් නන්දලාල් සිටි බව සදහන්ය.

    හරීන් ප්‍රනාන්දුු මහතාගේ් පියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති මුදල් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් නන්දලාල් නැමැති නිලධාරියා විසින් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. එම විමර්ශනය හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා සහ නන්දලාල් අතර හිතවත්කමක්ද ගොඩ නැගී තිබී ඇති බවත් දෙදෙනා අතර දුරකතන ඇමතුම් හුවමාරුවීම් සිදුවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සදහන් කළේය.

    II අදියරේ සහන මල්ලේ ඇති බඩු මෙන්න

    0

    සතොස සහන මල්ල දෙවැනි අදියර අද (2) සිට ක්‍රියාත්මක කෙරේ.

    සියලු සතොස ශාඛා හරහා මෙය මිලදී ගත හැකිය.

    රුපියල් 1200ත් 1300ත් අතර වටිනාකමක් ඇති මෙම සහන මල්ල රුපියල් 1000ක මුදලකට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

    අද ලොක්ඩවුන් කළ ප්‍රදේශ මෙන්න

    0

    තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

    • කොළඹ දිස්ත්‍රික්කයේ

    පිළියන්දල පොලිස්‌ බල ප්‍රදේශය

    • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕටස්‌ හිල්‌ ග්‍රාම නිලධාරි වසම
      අනුපවල්ලිපුරම් ග්‍රාම නිලධාරි වසම
    • කළුතර දිස්ත්‍රික්කයේ

    වලාන උතුර ග්‍රාම නිලධාරි වසම
    වෑකඩ බටහිර ග්‍රාම නිලධාරි වසම
    කිරිබේරිය ග්‍රාම නිලධාරී වසම
    මාලමුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ

    නීලදණ්ඩහින්න ග්‍රාම නිලධාරී වසම

    නිරෝධායන නීති කැඩූ 4550 ට නඩු

    0

    නිරෝධාය නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අද (02) අලුයම 6.0 අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 187 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    නිරෝධායන නීති මෙරට ක්‍රියාත්මක වූ ඉකුත් වසරේ ඔක්තෝම්බර් 30 වෙනිදා සිට මේ දක්වා එම නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 4642 දෙදෙනෙකි. මේ අයගෙන් 4550 දෙනෙකුට මේ වන විට නඩු පවරා ඇතැයි ද අජිත් රෝහන මහතා පැවසීය.

    ගෙවී ගිය පැය 24 තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස ත්‍රිකුණාමලයෙන් බවද අජිත් රෝහන මහතා සදහන් කළේය. එසේම ගල්කිස්සෙන් 21 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඒ අයගෙන් 08 දෙනෙක්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සම්බහන මධ්‍යස්ථානයකින් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    අද කොවිඩ් ආසාදිතයින්‌ 1700ක්

    0
    covid-19

    අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1,699ක් වේ.

    එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ගණනය.

    අද දිනයේ දී ආසාදිතයින් 503ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 96,478ක් වේ.

    අලුත් කොවිඩ් සීමා මෙන්න

    0

    මෙරට තුළ කොවිඩි ආසාදිතයින්‌ සීඝ්‍රයෙන්‌ ඉහළ යාමත්‌ සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්‌ නිකුත්‌ කර තිබේ.

    එහි සඳහන්‌ නව මාර්ගෝපදේශ සැකෙවින්‌ මෙසේයි.

    1. සමුළු, සම්මන්ත්‍රණ, රැස්වීම් මැයි 21
      දක්වා තහනම්
    2. සුපිරි වෙළෙඳසල්, මහා පරිමාණ අලවිසැල්වල පාරිභෝගිකයින්‌ ධාරිතාවයෙන්‌ 25% යි
    3. Events සහ මහජන එක්රැස්වීම් තහනම්
    4. ආගමික ස්ථානවල ජනයා එක් රැස්වීම් තහනම්
    5. සිනමා ශාලා, ළමා උද්‍යාන, පිහිනුම්‌
      තටාක, pub, bars, casino, night club වසා දැමේ.
    6. හෝටල්‌වල රඳවාගත හැක්කේ
      ධාරිතාවයෙන්‌ 50% යි
    7. කානිවල්‌, සංගීත සංදර්ශන තහනම්‌
    8. විවෘත වෙළඳසැල්‌ සහ පොළ පාරිභෝගිකයින්‌ 25% යි
    9. උසාවි වල ජනතාව ධාරිතාවයෙන්‌ 25%යි
    10. බන්ධනාගාර රැඳවුවන්‌ බැලීම තහනම්‌
    11. පාසල්‌, පෙර පාසල්‌, විශ්ව විද්‍යාල, උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු වසා තැබේ.
    12. මැයි 4 සිට මැයි 20 තෙක්‌ මංගල උත්සව තහනම්‌

    සම්පූර්ණ මාර්ගෝපදේශ සහිත
    නිවේදනය පහතින්‌.


    “සෑම ගෙවත්තකටම කහ පැලයක්“ ජාතික වැඩසටහන ඇරඹේ

    0

    සෑම ගෙවත්තකටම කහ පැල බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) ආරම්භ විය.

    එම වැඩසටහන සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභභය රාජපක්ෂ මහතා මිරිහානේ සිය නිවස පිහිටි ගෙවත්තේ කහ පැලයක් අද රෝපණය කළේය.

    නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැල බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට මෙම වැඩසටහනට අනුව කහ පැල බෙදා දීම සිදු කෙරේ.

    ගුණාත්මක බවින් ඉහළ පැල සෑම ප්‍රදේශයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන් මගින් ජනතාවට ලබාගැනීමේ පහසුකම්ද මේ අනුව සපයනු ලබයි.

    හරීන්ට සැත්කමක්

    0

    සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට පුද්හලික රෝහලකදී සැත්කමක් සිදුකර තිබේ.

    සිය සමාජ ජාල ගිණුමේ ඔහුට එම සැත්කම කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ස්තූතියය පුදමින් ඡායාරූපයක්ද අද (01) පළකර ඇත.

    සදහන්ව ඇත්තේ ඔහුට හෘද සැත්කමක් කර ඇති බවය.

    කොවිඩ් නොවන මරණත් පැය 24 ක් තුළ අවසන් කටයුතු කළ යුතුයි

    0

    සෞඛ්‍ය අමාත්‍යාශය විසින් අද නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කොවිඩ් 19 වෛරස ආසාදිත නොවන පුද්ගල මරණවලද අවසන් කටයුතු පැය 24 ක් ඇතුලත කළ යුතු බවට නියමයන් පනවා ඇත.

    එසේම අවමංගල්‍ය පැවැත්වෙන නිවසේ සිටිය යුතු උපරිම පුද්ගලයින් ගණන 25 දක්වා සීමාවක්ද පනවා තිබේ.

    පාසල්, සරසවි, ටියුෂන් නැවත දැනුම්දෙන තුරු වැසේ

    0

    සියලුම පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (01) සවස ප්‍රකාශ කළේය.

    අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා අද (01) පෙරවරුවේ සදහන් කරනු ලැබුවේ පාසල් ආරම්භය ලබන 07 වෙනිදා දක්වා කල්යන බවය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සදහන් කරනුයේ අද සවස පැවැති මාධ්‍ය හමුවකදීය.

    එසේම එළැඹෙන වෙසක් උත්සවය සහ රාමසාන් උත්සවය ද නිවසට වී සමරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සති යකට වැසේ

    0

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර හා නාරාහේන්පිට කාර්යාල ලබන සඳුනා සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.

    එසේම සියලු දිස්ත්‍රික් කාර්යාලවල ප්‍රායෝගික සහ ලිඛිත පරික්ෂණ ද මේ කාලය තුළ අත්හිටුවා ඇත.

    අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ව්‍යාප්තිය පාලනය වන තුරු මෙම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

    හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරුව

    0

    අදට වසර 28 කට පෙර මැයි දින සැමරුමක් අතරතුර  ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරුව අද 01 විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනතත්වයෙන් අලුත්කඩේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව ඉදිරිපිට පැවැත්විණි.

    එහිදී සජිත් ප්‍රේමදාස මහතා, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළුව සමගි ජන බලවේගයේ පාර්ලි‌‌මේන්තුව මන්ත්‍රීවරුන්ද පිළිරුවට පුෂ්ෂ උපහාර දැක්වූහ.

     

    අද සිට ඇඳිරි නීතිය ඇතැයි බොරු ප්‍රචාරය ගැන රහස් පොලිස් විමර්ශනයක්

    0

    අද රාත්‍රියේ 12 සිට මැයි 17 තෙක් මුළු රටටම ඇඳිරි නීතිය බල පැවැත්වෙන බවට අසත්‍ය, ව්‍යාජ ප්‍රවෘත්තියක් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මෙවැනි ප්‍රවෘත්ති මඟින් ජනතාව කලබලයට පත් කිරීම, නොසන්සුන්තාව ට පත් කිරීම මෙරට නීතිය යටතේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

    මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කොට පළ කරන පුද්ගලයින් පිළිබඳව සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම කීය.

    යූරියා වෙනුවට ඇසොල්ලා පර්ණංග ශාකය

    0

    හදිසියේම රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය ගත් තීරනය සමග අපේ රටේ වී වගාව ඇතුලු ආහාර බෝගවගාවන් ඉල්ලුමට සරිලන අස්වැන්නක් ලබාගැනිම බරපතල අර්බුදයකට පත් වනු නිසැකය. සැබැවින්ම මෙය එක් රැයකින් සිදුකල හැකි හෝ එක්රැයකින් කල යුතු වෙනස්කමක් නොවේ.

    ඒ සදහා දශක ගනනක් රසායනික පොහොරමත යැපුනු සමස්ත වගා ක්‍රමය,කෘෂි වෙලද පොල,දේශිය පොහොර නිශ්පාදනයේ ප්‍රමානාත්මක හා ගුනාත්මක බව මෙන්ම පාංශු හා පාරිසරික ලක්ෂන විදිමත්ව අද්‍යයනය කොට එම අවබොදය මත ක්‍රමානුකුලව කාබනික වගාවන්ට මාරුවිමේ සුරක්ෂිත වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවිම සිදුවිය යුතුමය.

    කෙසේ වෙතත් යම් හෙයකින් ඉදිරි වසරට රසායනික පොහොර ගෙන්විමක් සිදුනොවන්නේනම් ඒ සදහා වන වඩාත් සාර්තක විකල්පයන් පිලිබද මේ මොහොතේ සිට අවදානය ‍යොමු නොකල හොත් සමස්ත ගොවිජනතාව මුහුන දෙන අර්බුදය වඩාත් ඛේද ජනක වනු ඇත.

    රසායනික පොහොර වෙනුවට මැතකාලිනව ලෝකයේ ජනප්‍රියවු කාබනික වගා ක්‍රම රාශියක් පවතින අතර ඒවා අඩු වැඩි වශයේන් විවිධ භු දේශගුනික කලාපයන් තුල සාර්තකත්වයන් අත්කරගෙන තිබේ.

    එවැනි කාබනික පොහොර බාවිතයන් අතුරින් ආසියානු කළාපයේ සාර්තකත්වයක් දරා ඇති විකල්ප ක්‍රමවේදයක් ලෙස Azolla fertilizer හදුනා ගත හැක. මෙය යුරියා මගින් ලබාදෙන නයිට්‍රජන් අවශ්‍යතාවය සදහා යොදාගන්නා විකල්පයකි. Azolla නමින් හදුන්වන්නේ ජලය මත පාවෙමින් වැඩෙන පර්ණාංග (Pteridophyte) ශාකයකි. මෙය සැල්විනියා හෝ ජපන් ජබර ජලය මත වැවෙන ආකාරයටම ජලමතුපිට වර්ධනයවේ.

    මෙම ශාකයේ සුව්සේශි වටිනාකම වනුයේ මෙයට රනිල ශාකයක් මෙන් එයටත් වඩා කාර්යක්ෂමව වායුගොල්ය නයිට්‍රජන් තිරකරගැනිමේ හැකියාවක් පැවතීමයි. මෙම සුවිශේෂි හැකියාව අත්කර ගෙන ඇත්තේ Azolla ශාකයේ මුලපද්ධතියෙහි ජිවත්වන Anabaena azollae නම් සයනොබැක්ටිරියා (නීල හරිත ඇලිගි) මගිනි.

    Anabaena azollae නම් මෙම සයනොබැක්ටිරියාව වායුගොලිය නයිට්‍රජන් උරාගනිමින් ඒවා නයි්‍රජනිය කාබනික සංයෝගයක් බවට පත්කරයි. ඉන්පසු එය ඇමොනිය්ම් ලෙස පසට එකතුවන අතර ඒවා නයිට්‍රිකරනය නම් බැක්ටිරියා ක්‍රියාකාරිතිවයකින් ශාකවලට අවශෝෂනය කල හැකි නයිට්‍රේට් අයන බවට පත්විම සිදුවෙි. මෙම Azolla ශාකය නොගැබුරු කටාකයක/දියකඩිත්තක වගා කොට සති 3 ක් පමන ගිය පසු එම ශාක එකතුකර කාබනික පොහොර ලෙස බාවිත කිරිම සිදුකරයි.

    මෙහිදි Azolla fertilizer භාවිත කරනු ලබන ක්‍රම කිහිපයක් පවති. එක් ක්‍රමයක් වන්නේ කුඹුරු වගාවේ වි පැල සිටුවිමට සත් දෙකකට පමන පෙර අමු ඇසොල්ලා ශාක ජෛව ස්කන්දය පසට කවලම් කොට තැබීමයි. එමෙන්ම වෙන් කර ගන්නා ලද Azolla ශාක අස්වැන්න දිරාපත්විමට ඉඩ හැර එමගින් ඇතිවන කොම්පෝස්ට් වගාබිම් වලට යෙදිමද සිදුකරයි.

    මෙම ක්‍රම දෙකටම අමතරව සජිවි ඇසොල්ලා ශාක කුඹරේ වි වගාව සමගම වගා කිරිමේ ක්‍රමයක්ද භාවිත වේ. මෙම ක්‍රමයේදි ගොයම් ගස් අතර ඇසොල්ලාද වැවෙන අතර එම ශාක මගින් තිර කරනු ලබන නයිටුජන් ගොයම් ගසේ වැඩිමට අවශ්‍ය පෝෂනය ලබාදෙනු ඇත.

    එමෙන්ම මෙම මිශ්‍රවගාව පරිසර විද්‍යාත්මක සේවවාන් කිහිපයක් ලබාදෙන බවද සදහන්වේ. එනම් Azolla ශාකය ප්‍රභාසංස්ලේෂනයෙන් මුදාහරින ඔක්ෂිජන් වගාබිමෙහි/කුඹුරෙහි ජලය තුල දියවෙමින ජලය ද්‍රව්‍ය ඔක්ෂිජන් ප්‍රමානය ඉහල නංවන අතර එමගින් වගාවට හිතකර පාංශු ජිවින්ගේ ක්‍රියාකාරිත්වය වැඩිකරයි. මෙය ජලයේ Ph අගය යාමනය කිරිමක්ද සිදුකරයි.

    සාමාන්‍යයෙන් වියලි ස්කන්දය අනුව Azolla ශාකය ජෛව ස්කන්දයෙන් 5%ක් පමන නයිට්‍රජන් පවතින අතර පොටැසියම්, මැගිනිසියම් හා පොස්පරස් යන පෝෂකයන්ද අංතරගතවේ. ඉන්දියානු හා පිලිපින පර්යේශන පත්‍රිකාවන්හි සදහන් වන ආකාරයට ඇසොල්ලා අමු ශාක ටොන් 8 ක් මගින් යුරියා කිලෝ හැටක පවතින නයිට්‍රජන් ප්‍රමානය සපයාදෙනු ඇත.

    මේවන විට මැලේශියාව,ඉන්දියාව හා පිලිපිනය හා තායිලන්තය මෙම Azolla fertilizer බාවිත කරනු ලබන අතර එමගින් යුරියා හා අනෙකුත් රසායනික පොහොර අවශ්‍යතාව අවම කරගැනිමට ඔවුන් සමත්වි ඇත. ශ්‍රිලංකාවේද මෙම පොහොර භාවිතය අරඹා ඇති නමුත් තවමත් එතරම් සුලබව බාවිත නොවේ මේ අනුව අප රටේ කෘෂි විද්‍යාඥයින් මේ පිලිබද අවදානය යොමුකොට අපගේ පාංශු හා දේශගුනික තතිවයන්ට අදාලව පලදායි ලෙස බාවිත කිරිම සදහා තවදුරටත් පර්යේෂනයන්හි නියැලෙන්නේ නම් පරිසරහිතකාමි සාරත්ක ප්‍රතිපල අත්කර ගැනිමට හැකිවනු ඇත.

    තූත්තුකුඩියෙන් ආ මිලියන 12ක බීඩි කොළ STF දැලේ

    0

    ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට මීගමුව වෙරළට මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධිව රැගෙන පැමිණි රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා බීඩි කොළ කිලෝ 1500 ක් සමග 06 දෙනෙක් පොලිස් විිශේෂ කාර්ය බලකය විසින් අද (01) අලුයම අත්අඩංගුවට ගත්තේය.

    එම බීඩි කොළ මීගමුව වෙරලේ සිට රැගෙන යන්නට පැමිණි ලොරි රථ තුනක්ද පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා කීය.

    මීගමුවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගිය බහුදින යාත්‍රාවකට තූත්තුකුඩියේ සිට පැමිණි ඉන්දියානු යාත්‍රාවකින් මෙම බීඩි කොළ තොගය පටවා ඇතැයි විමර්ශන වලින් හෙළිවී තිබේ.

    මීගමුව වෙරළට මෙම බීඩි කොළ තොගය රැගෙන ආ බෝට්ටුව පොලිස් භාරයට ගෙන නැති අතර එය සොයා මෙහෙයුමක් දියත්කර ඇතැයි විිශේෂ කාර්ය බලකාය සදහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් බීඩි කොළ සමග වැඩිදුර විමර්ශන සදහා මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට භාරදී ඇත.

    පාසල් විවෘත කිරීම තවත් සතියකට කල්යයි

    0

    අලුත් අවුරුදු කොවිඩ් පොකුර හේතුවෙන් අප්‍රේල් 30 වෙනිදා දක්වා වසා දැමුණු පාසල් විවෘත කිරීම මැයි 07 වෙවනිදා දක්වා දීර්ඝ කර තිබේ.

    අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මහතා ඒ බව අද (01) සදහන් කළේය. පවතින තත්වය සලකා බලා ඉදිරියේදී මෙම දිනයන් පවා වෙනස් වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සදහන් කළේය.

    මේ වන විට බොහෝ පාසල් සිසුන්ට නැවත වරක් මාර්ගස්ථ ක්‍රමයට අධ්‍යන කටයුතු ආරම්භකර ඇත.

    පැය 03 ක මෙහෙයුමෙන් කොවිඩ් නීති කඩන ව්‍යාපාරික ස්ථාන 2023 ක් හදුනා ගනී

    0
    covid

    නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ බස්නාහිර පළාතේ ආයතන 2023 ක් ඊයේ (30) සවස 3.00 සිට 6.00 දක්වා පැය තුනක මෙහෙයුමකදී හදුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    බස්නාහිර පළාත කේන්ද්‍රකරගත් මෙම මෙහෙයුමේදී ආයතන 2891 ක් පරීක්ෂාවට ලක්වුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කළේය. එම මෙහෙයුමේදී පුද්ගලයින් 6320 දෙනෙක් පරීක්ෂාවට ලක්කෙරුණු බවත් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ 26 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් අජිත් රෝහන මහතා කීය.

    ආර්ථික මධ්‍යස්ථාන, බේකරි නිෂ්පාදන ස්ථාන, ඇදුම් මසන ස්ථාන, ජංගම ආහාර අලෙවි ස්ථාන ඇතුළු ආයතන ව්‍යාපාරික ස්ථාන සහ ආයතන රැසක් පරීක්ෂාවට ලක්වුණු බවද අජිත් රෝහන මහතා සදහන් කළේය.

    නිරෝධායන නීතිවට අනුව ආයතන සහ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන නොගිය එම ව්‍යාපාරික ස්ථාන සහ ආයතන ව හිමිකරුවන්ටත් පරිපාලකයන්ටත් එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    රාත්‍රී 10 න් පසු හෝටල්වල ප්‍රිය සම්භාෂණ සති දෙකක් තහනම්

    0

    රාත්‍රී සමාජ ශාලාවලත් හෝටල්වලත්, බොජුන් හල්වලත් සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් සහ උත්සව රාත්‍රී 10න් පසු පැවැත්වීම කොවිඩ් පාලන කාර්ය සාධක බලකාය විසින් තහනම් කර තිබේ.

    වහාම කක්‍රියාත්මක වන පරිදි අද (01) සිට සති දෙකකට මෙම නියෝගය ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

    තවත් ප්‍රදේශ 7ක් හුදෙකලා වෙයි

    0

    තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    • පිළියන්දල
      නාම්පමුණුව ග්‍රාම නිලධාරි වසම
      ගොරකාපිටිය ග්‍රාම නිලධාරි වසම
    • අම්බලන්ගොඩ
    • ගොඩහේන ග්‍රාම නිලධාරි වසම
      තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම
    • දෙහිඅත්තකණ්ඩිය
      දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරි වසම
      කදිරාපුර ග්‍රාම නිලධාරි වසම
    • කලවාන
      හපුගොඩ ග්‍රාම නිලධාරි වසම

    මංගල තරගයේදී ලකණු 92ට කඩුලු 6ක්! – ප්‍රවීන් ජයවික්‍රම

    0

    ටෙස්ට් වරම් ලැබූ මංගල තරගයේදී ලකුණු 92 ට කඩුලු 6 ක් දවාගනිමින් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාව – බංගලාදේශය හා පැවති තරගයේදී ප්‍රවීන් ජයවික්‍රම සමත්විය.

    තවමත් විසි දෙහැවිරිදි වියේ පසුවන ප්‍රවීන් අද දිනයේදී ටෙස්ට් භෞතිස්ම ලද තරගයේදී ශී ලංකා පන්දු යවන්නෙකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කිවේය. ප්‍රවීන් විසින් අද බිඳ දැමුවේ 1999 වසරේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 179 කට කඩුලු 6 ක් දවා ගත උපුල් චන්දනගේ වාර්තාවයි.

    මෙවරත් නිහඬ ලෝක කම්කරු දිනය අදයි

    0

    දහඩියෙන් මහන්සියෙන් ලෝකයක් ගොඩනඟන, සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උදෙසා වෙන් කෙරුණු ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.

    මුළුමහත් ලෝකයම වසංගතයකින් වෙළා ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ ද වෙනදා මහමඟ, ක්‍රීඩාංගන පිරී ඉතිරී ගිය කම්කරු දින සැමරුම් පෙළපාලි රැළි අඛණ්ඩව දෙවැනි වසරටත් මෙවර පැවැත්වෙන්නේ නැත. ඒ කොවිඩ් මාරයාගේ බලපෑම හමුවේ සමරුමට වඩා ජීවිතය රැකගැනීම වටිනා බැවිනි.

    ධනේෂ්වර පංතියට එරෙහිව කම්කරු පිරිසක් පැය 8කට තම වැඩමුරය සීමා කරන ලෙස ඉල්ලමින් 1988 මැයි 01 වැනි දා චිකාගෝ නුවරට එක්වූහ. මෙම වැඩවර්ජනයේ දී කම්කරුවන් 4 දෙනෙකු මියගිය අතර තවත් කම්කරු නායකයින් ගණනාවක් අත්අඩංගුවට පත් විය.

    මෙම අරගලයේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද මිය ගියහ. එම කම්කරු අරගලයේ කම්කරු අයිතීන් වෙනුවෙන් රුධිරය වැගිරූ තම සගයින් සාදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සෑම වසරක මැයි 01 වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍ර‍කාශයට පත්විය.

    ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය.

    එදා සිට අද දක්වා මෙරට ප්‍ර‍ධාන පක්ෂ වෙන් වෙන් වශයෙන් මැයි දින සැමරුම් උත්සව උත්කර්ශවත් ලෙස සංවිධානය කර සැමරූහ. එහෙත් මෙවර අපට ගත කරන්නට සිදුවී ඇත්තේ නිහඬ මැයි දිනකි.

    වර්තමානය වන විට ගෝලීය වසංගතයට ගොදුරු වූ ශ්‍රී ලංකාව ද මැයි දින සැමරුම් අත්හිටුවා පිට පිට දෙවැනි වසරටත් නිහඬව සිහිපත් කරනු ඇත.