fbpx
තවත්
    මුල් පිටුවක්‍රීඩාගාල්ල මහින්ද ශූරතාව දිනාගනී

    ගාල්ල මහින්ද ශූරතාව දිනාගනී

    ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේ පළමු කොටසේ බී කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය අද (02) දින සමත්විය.

    කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තාකරමින් මහින්ද ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ.

    අවසන් මහා තරගය කොළඹ එන්.සී.සී ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්විණි.

    ජයග්‍රහණය සඳහා ලකුණු 100ක ඉලක්කය හඹාගිය නවෝද් පරණවිතාන ප්‍රමුඛ මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ පන්දුවාර 35.4ක දී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරාලීමට සමත්වූහ.

    මහින්ද විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දක්ෂම් දැක්වූ කෞෂිත කොඩිතුවක්කු ලකුණු 23ක් ලබා ගත්තේය. රත්ගම දේවපතිරාජ ක්‍රීඩකයෝ ලකුණු 99 කට සීමා කිරීමේ දී සුභානු රාජපක්ෂ ලකුණු 22ට කඩුලු 3ක් සහ නවෝද් පරණවිතාන ලකුණු 08කට කඩුලු 3ක් බිඳ හෙලූහ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.