තවත්

    අද (10) එන්නත් මධ්‍යස්ථාන 86ක් රට පුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 86 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    ඌරු හදවතක් ලද ලොව පළමු මිනිසා මියයයි

    0

    ලොව පළමු වතාවට ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කළ පුද්ගලයා මිය ගොස් තිබේ.

    මාරාන්තික හෘද රෝගයකින් පෙළුණු ඩේවිඩ් බෙනට් එක්සත් ජනපදයේ සිදුකළ මෙම සැත්කමෙන් පසු ජීවත් වූයේ මාස ​​දෙකක් වැනි සුළු කාලයකි.

    නමුත් දින කිහිපයකට පෙර ඔහුගේ තත්වය නරක අතට හැරෙන්නට පටන් ගත් බව බැල්ටිමෝර් හි ඔහුගේ වෛද්‍යවරු පැවසූහ.

    57 හැවිරිදි ඔහු ඊයේ (8) දින මිය ගියේය.

    බෙනට් මහතා ශල්‍යකර්මයට සම්බන්ධව පැවති අවදානම දැන සිටි අතර, එම ක්‍රියා පටිපාටියට පෙර එය “අඳුරේ වෙඩි තැබීමක්” බව ද පිළිගෙන තිබු බව එරට වාර්තා පවසයි.

    සැත්කම සිදුකරන ලද්දේ එවැනි බද්ධ කිරීමක් සඳහා ඔහු නුසුදුසුව සිටියදී ය.

    පොල්තෙල් හිඟයක් මවන ගේමක් එළියට

    0

    සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී පොල්තෙල් හිඟයක් මවා පෑමට බහුජාතික සමාගම් කිහිපයක් කටයුතු කරමින් සිටින බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය සදහන් කරයි.

    එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරන්නේ උත්සව සමය ඉලක්ක කරගනිමින් බහුජාතික සමාගම් දැනටමත් මිල ඉහළ දමමින් වෙළෙඳපොළ තුළ පොල්තෙල් හිඟයක් මවාපාමින් සිටින බවයි.

    කෙසේවෙතත් මෙරට පොල්තෙල් ඉල්ලුම සපුරාලීමට දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට හැකියාව ඇතැයිද බුද්ධික ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

    ඖෂධ මිල ඉහළට? – රජයේ පිළිතුර හෙට

    0

    ඖෂධවල මිල ඉහළ නංවා ගැනීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ නියෝජිතයින් පිරිසක් අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    එහිදී එම සංසදයේ නියෝජිතයින්ට ඇමතිවරයා සඳහන් කර ඇත්තේ ඖෂධ මිල ඉහළ දැමීම පිළිබඳව හෙට දිනයේ දී පිළිතුරක් ලබාදෙන බවය.

    ඖෂධ නියාමන අධිකාරිය සමඟ සාකච්ඡා කර ඖෂධවල යම් මිල ඉහළ දැමීමක් කෙරෙහි අවධානය යොමුකරන බවද රාජ්‍ය ඇමතිවරයා ඖෂධ සංසදයේ නියෝජිතයින්ට පොරොන්දු වී තිබේ.

    ලබන සතිය වෙද්දී තෙල්-විදුලි ප්‍රශ්න ඉවරයි – ඇමති ලොකුගේ

    0

    ලබන සදුදා හෝ අඟහරුවාදා වනවිට විදුලිය හා ඛණිජ තෙල්වලින් සැපයීම අතින් රට යථාතත්ත්වයට පත්කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

    ලබන සෙනසුරාදා වනවිට පෝලිම් නොමැතිව පිරවුම්හල්වලින් තෙල් ලබා ගැනීමට ජනතාවට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

    ඉදිරියේදී මෙරටට ගෙන්වන ලද තෙල් නැව් සම්බන්ධයෙන් අද අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.

    “මේ මොහොත වන විට අපි ගාව තෙල් ටොන් 20,000 ක් අපේ ගබඩාවල්වල තියෙනවා. තවත් තෙල් ටොන් 32000ක නැවක් අද බාන්න පටන් ගන්නවා. ඒ නිසා තෙල් බෙදාහැරීම ගිය සෙනසුරාදා අපි පටන් ගත්තා ඉරිදත් තෙල් බෙදාහැරීම කලා. මේ මොහොත වෙනකොට සෑම නගරයකම බෙදුම්හල් වලට පෙට්‍රල් ඩීසල් ලබල දීලා තියනවා. පෙට්‍රල් නම් හුඟාක් ෂෙඩ්වල තියනවා. ඩීසල් පිළිබඳ පොඩි පෝලිමක් තියෙනවා. දැන් මං එනකොටත් මේ අහල පහල ෂෙඩ්වල බලන් ආවේ දිග පෝලිමක් නෑ. වාහන තුනහතරක පෝලිමක් තියෙනවා.

    මං විශ්වාස කරනවා අපි මේ යන වැඩපිළිවෙළ සාර්ථක උනාම ලබන සෙනසුරාදා වෙනකොට අපේ පිරහුම්හල්වල පෝලිමක් නැතුව තෙල් ගන්න පුලුවන් තත්වයට පත් කරන්න පුළුවන් කියලා. ඒ එකම විදුලිබල අමාත්‍යාංශයටත් ඒ තාපාගාර පවත්වාගෙන යන්න ඕනකරන ඩීසල් දැවිතෙල් අපි ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා මේ විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩුකරන්න පුළුවන් වෙයි. ලබන සදුදා අඟහරුවාදා වන විට රට යථා තත්ත්වයට පත්කිරීමට විදුලිය හා ඛණිජ තෙල්වලින් හැකියාව ලැබෙයි කියලා මං විශ්වාස කරනවා.

    ඒ සඳහා අපිට මුදල් අමාත්‍යාංශයේ ඉතාමත් ශක්තිමත් සහයෝගයක් දෙනවා. තෙල් නැවක් ආවහම ඒ නැව නිදහස් කරනවා. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ අපේ refinery එක දැන් අඩු ධාරිතාවක ක්‍රියාත්මක වෙන්නේ ඒක සීයට සීයක ධාරිතාවකින් ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන crude oil ලබාගැනීම සඳහා මේ මොහොත වන විටත් සමාගම් කීපයක් අපිත් එක්ක සාකච්ඡා කළා. ටොන් 40000, 90000 නැව් කීපයක් දෙන්න, එක නැවක් අපි එල්සී අරින්නත් කටයුත කරලා තියෙනවා. යම් යම් කොන්දේසි ගැන සාකච්ඡාවක් තියෙනවා එක අද හවස කතා කරනවා. ඊට අමතරව 90000 ගානෙත් නැව් දෙකක් ගෙන්න ගන්න අපි කතා කරලා තියනවා.

    ඊට අමතරව මාර්තු 15 පහු වෙනකොට අපිට ඉන්දියානු ණය ආධාර යටතේ ඩීසල් පෙට්රල් ගුවන්යානා තෙල් නැව් 7-8 ක් අපිට එන්න තියනවා. නමුත් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇණවුම් කරපු ප්‍රමාණයේ පොඩි අඩුවක් වෙනවා. මොකද ලෝක වෙළඳපොලේ බොරතෙල් බර්නට් කියන වර්ගයේ බොරතෙල් බැරල් එකක් ඩොලර් 230ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. අද අපි ගොඩබාන තෙල් නමට මුලින් අපේ ඇස්තමේන්තු කළේ ඩොලර් මිලියන 32යි. දැන් අද අපි බලනකොට සිංගප්පූරු මිලත් එක්ක සංසන්දනය කරනකොට අපිට ඩොලර් මිලියන 52ක් යනවා. ඉතිං විශාල වැඩිවීමක්. අපිට ඩීසල් ගැලුමකට රුපියල් අසූ එකක් විතර පාඩු වෙනවා. අනෙක් හැම ඉන්ධනකින්මත් පාඩු වෙනවා. අපි වැඩි කිරීමක් ගැන කල්පනා කරන්නෙ නෑ. රටේ ජනතාවට උවමනා කරන තෙල් ටික ලබා දීමේ කටයුත්ත අපි කරන්නේ. අපිට මේ සතිය පහුවෙනකොට ප්‍රශ්නයක් නැතුව ජනතාවට ඒවා ලබා ගන්න කටයුතු කරන්න පුළුවන්.”

    බෙහෙත් බෙදීම සීමාවෙලා – ආනයනයත් අතාරින්න වෙයි?

    0

    රට පුරා තවදුරටත් ඖෂධ බෙදාහැරීම දැඩි ලෙස සීමා වී ඇතැයි ඖෂධ සමාගම් ආරංචිමාර්ග සඳහන් කරයි.

    ඩොලර් හිඟය සහ ණයවර ලිපි විවෘත කර ගැනීමේ අපහසුතාවය නිසා ඖෂධවල මිල ඉහළ යාම නිසා ඇතැම් ඖෂධවල ආනයනය අතහැර දැමීමට සිදුව ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

    ඇතැම් ඖෂධ ආනයන සමාගම් රෝහල්වලට සහ ඔසුසැල්වලට ඖෂධ සැපයීම සීමා කර ඇතැයිද එම නිසා ඖෂධ හිඟය තවදුරටත් උග්‍ර වී ඇතැයි ද ඇතැයිද වාර්තා වේ.

    හෘද රෝග වැනි රෝග සඳහා භාවිත කරන ඖෂධ මෙන්ම දියවැඩියාව ලබාදෙන ඖෂධ වර්ග ද වර්ගද පැරසිටමෝල් ද මේ දිනවල දැඩි හිඟයක් පවතින බව බවද වාර්තාවේ.

    සීඝ්‍රයෙන් දියුණුවන බංග්ලාදේශ සිල්ලර වෙළඳපොළට Softlogic පිවිසෙයි

    0

    බංග්ලාදේශයේ පිහිටුවූ පළමු සුපිරි වෙළෙඳසැල මෙන්ම එරට දෙවන විශාලතම සුපිරි වෙළඳසැල ද වන Agora Ltd මුළුමනින්ම අත්පත් කර ගනිමින්, සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින බංග්ලාදේශ සුපිරි වෙළඳසැල් ජාලයට Softlogic Holdings Plc (SHL) පිවිස තිබේ.

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන්කරන ආකාරයට ඊට අනුබද්ධ Softlogic Retail Holdings Ltd විසින් බංග්ලාදේශයේ Agora සුපිරි වෙළෙඳසැල් ජාලය 100% කින් අත්පත් කර ගැනීම සඳහා විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තබා ඇත. ‍

    මේ අනුව Agora මගින් මෙතෙක් ක්‍රියාත්මක වූ සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිසැල්, වට්ටම් අලෙවිසැල් මෙන්ම සිල්ලර අලෙවිසැල් ජාලයෙහිම පූර්ණ මෙහෙයුම්,අලෙවි, විකිණුම් සියල්ල Softlogic Retail Holdings Ltd විසින් ක්‍රියාත්මක කරනු ඇත.

    බංග්ලාදේශයේ Agora සතුව විවිධ පරිමාණයෙන් යුත් සුපිරි වෙළඳසැල් 18ක් පිහිටා තිබේ. ඒ ඩකාහි 15ක්, සිල්හෙට්හි දෙකක් සහ චිතගොං හි එක් සුපිරි වෙළඳසැලක් වශයෙනි.

    Agora අත්පත් කර ගැනීම එහි දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව ගනුදෙනු මාලාවක් හරහා සිදුවනු ඇත.

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ සභාපති අශෝක් පතිරගේ මහතා

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී පවසන පරිදි Softlogic Retail Holdings විසින් මෙහෙයවනු ලබන්නේ සමූහයේ ජවසම්පන්තම සහ ආක්‍රමණශීලී සිල්ලර අංශය බවයි. ඊට ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳාම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බහු-සන්නාම සහ බහු-නාලිකා උපාය මාර්ගික සහයෝගීතාවය ඇතුළත් වේ. Softlogic Retail Holdings මෙහෙයුම්වලට සන්නාමගත ඇඟලුම්, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකථන කොටස්, සිල්ලර හා බෙදාහැරීම්, සුපිරි වෙළඳසැල් සහ ක්ෂණික සේවා අවන්හල් ඇතුළත් ය.

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සිල්ලර අංශය විසින් සමස්ත සමූහයේ ආදායම 54% ක් හෝ 2022 මුදල් වර්ෂයේ පළමු මාස ​​නවය තුළ රුපියල් බිලියන 45 ක් ලෙස ගණනය කර තිබේ.

    තුන්වන කාර්තුව තුළ සිල්ලර අංශයේ ආදායම 44% ක ශක්තිමත් වර්ධනයක් සමඟින් රු. බිලියන 16.9 ක් වනවි‍ට සමුච්චිත පිරිවැටුම් අගය 49% කින් රු. බිලියන 45.3 ක් විය. සමුච්චිත අංශයේ පොලී, බදු, ක්ෂයවීම් සහ ක්ෂයවීම්වලට පෙර ඉපැයීම් 88% කින් රු. බිලියන 4.3 ක් දක්වා ඉහළ ගිය අතර කාර්තුවේදී සිල්ලර අංශය සඳහා 94% කින් රු. බිලියන 2.3 ක් වි තිබිණ. සමුච්චිත බදු ගෙවීමෙන් පසු ලද ලාභය කැපී පෙනෙන ලෙස වාර්තා වීමත් සමඟ සිල්ලර අංශය තවත් ශක්තිමත් ප්‍රගතියක් අත්විය. ඒ 2021 මුදල් වර්ෂයේ 1-3 කාර්තුවලදී සිදුවූ බිලියන 1.96ක පාඩුව හා සැසඳීමේදී පෙර වසරට සාපේක්ෂව රුපියල් මිලියන 441.1 ක වාර්තාගත අදායමක් සමගිනි.

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් අදාළ තොරතුරුවලට බංග්ලාදේශ සුපිරිවෙ‍ළඳසැල් අත්පත් කර ගැනීමේ ඇස්තමේන්තුගත පිරිවැය ඇතුළත් වී නැත. නම් නොකළ ආයෝජන

    බැංකු මූලාශ්‍ර උපුටා දක්වමින් බංග්ලාදේශ මාධ්‍ය ආයතනයක් වන ‘ද බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ සඳහන් කරන්නේ මෙම ගනුදෙනුව Tk 181 (රු. බිලියන 4.5) සහ Tk 249 (රු. බිලියන 6.2) අතර විය හැකි බවයි.

    කෙසේවෙතත් Agora හි 72% ක කොටස් හිමිකාර පාර්ශ්වයව සිටි, බංග්ලාදේශය කේන්ද්‍ර කරගත් ප්‍රථම පුද්ගලික කොටස් අරමුදල වන Frontier Fund, Brummer & Partners (බංග්ලාදේශය) හි ආරම්භක හවුල්කරු සහ ප්‍රධාන විධායක නිලධාරී සහ කාලිඩ් ක්වාදිර් මෙම ගනුදෙනුවට අදාළ කිසිදු වටිනාකමක් හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු ඒ පිළිබඳ පවසා තිබුණේ මෙවැන්නකි. “දශකයකට පෙර අපගේ ආයෝජන මගින් බංග්ලාදේශයේ ව්‍යාපාර සහ අංශයේ වර්ධනයට ඉවහල් විය. කෙසේවෙතත් ජාත්‍යන්තර පුද්ගලික කොටස් ආයෝජනයේ ස්වභාවය නිසා අපට දැන් ඉවත්වීමට සිදුව තිබේ.”යැයි ඔහු පැවසීය.

    සොෆ්ට්ලොජික් හට ICT, සෞඛ්‍ය සේවා, සිල්ලර වෙළඳාම, මුල්‍ය සේවා, මෝටර් රථ සහ විනෝදාස්වාද කර්මාන්ත යන ක්ෂේත්‍රවල ඉතා ශක්තිමත් ගමන්මඟක් සහ විශේෂඥ දැනුමක් ඇත.

    එබැවින් ඉදිරියේදී සොෆ්ට්ලොජික් විසින් සිල්ලර වෙළඳාම් ජාලගත ව්‍යාපාරයට සැලකිය යුතු වටිනාකමක් එක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ක්වාදිර් පවසා ඇත.

    බංග්ලාදේශයේ අගනුවර කේන්ද්‍ර කර ගනිමින් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඉහළ මධ්‍යම පාන්තිකයින්ට කිසිදු අපහසුවකින් තොරව නවීන සිල්ලර භාණ්ඩ මිලදී ගැනීම සඳහා සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් එරට පැරණිතම ව්‍යාපාරික සමූහයක් වන රහීමාෆෲස් විසින් එවකට රයිෆල්ස් චතුරශ්‍රයේ දී Agora හි පළමු සුපිරි වෙළඳසැල විවෘත කළේය. පසුව එය ෂිමැන්ටෝ චතුරශ්‍රය ලෙස 2001 වසරේදී නම් කරන ලදී.

    බංග්ලාදේශ ජාතිකයන්ගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2,000 ඉක්මවයි. නවීන සිල්ලර වෙළඳාම බොහෝ සෙයින් සමෘද්ධිමත් වීමට බංග්ලාදේශය තුළ සාධාරණ හේතු පවතී. එබැවින් බොහෝ ගනුදෙනුකරුවන් අපේක්ෂා කරන භාණ්ඩ පහසුවෙන් ලබාගැනීම, සොයා ගැනීමේ හැකියාව සහ ප්‍රමිතිය පිළිබඳ සහතිකයට වඩාත් ආකර්ෂණය වන බව මෙම ක්ෂේත්‍රයේ ඇතැමුන්ගේ අදහසයි.

    සාර්ථක ශ්‍රී ලාංකේය ආයෝජකයා වන සොෆ්ට්ලොජික් විසින් එම අංශයේ විභවයන් විශ්ලේෂණය කර තිබිය යුතු බව බංග්ලාදේශ සුපිරි වෙළඳසැල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සකීර් හොසේන් පැවසීය.

    මහජන බැංකුව ගෙවුණු වසරේ බිලියන 28ක ලාභයක්

    0

    2021 දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වූ මුදල් වර්ෂයේ දී මහජන බැංකුව රුපියල් බිලියන 28.1ක ලාභයක් ලබා ඇතැයි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පැවසීය.

    මහජන බැංකුව 2021 වසරේ දී ලැබූ එම ලාභය ඉකුත් 2020 වසරට සාපේක්ෂව 74.6%ක ඉහළ යාමක් බව ද මහජන බැංකුව ලැබූ එම ලාභයෙන් සියයට 90 ක ප්‍රමාණයක් ශුද්ධ පොලී ආදායමෙන් ලබාගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

    2021 මහජන බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 110.7ක් වූ අතර මෙහෙයුම් වියදම රුපියල් බිලියන 50.5ක් වූ බව ද සුජීව රාජපක්ෂ මහතා කීය.

    අරමුදල් පාදක නොවන ආදායම් මූලාශ්‍ර ඉහළ නැංවීමට බැංකුව ගන්නා උත්සාහය විදහා දක්වමින් ගාස්තු ආදායම සියයට 23.4%කින් වැඩි වූ බවද සභාපතිවරයා කීය.

    එම වසරේදී ගාස්තු ආදායම රුපියල් බිලියන 9 දක්වා ඉහළ ගොස් තිබූ බවද සුජීව රාජපක්ෂ මහතා කීය.

    රටේ එළවලු වෙළඳාම සියයට 40 කින් පහලට

    0

    මේ වනවිට රටේ පවතින ඉන්ධන සහ ගැස් අර්බුදය හේතුවෙන් එළවලු වෙළඳාම සියයට 40 කින් පහල බැස ඇති බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා. 

    එහි සභාපති අරුණ ශාන්ත හෙටිටිආරච්චි පවසන්නේ පවතින ඩිසල් හිගය හේතුවෙන් වාහන වලින් ගොවිපොලට ගොස් ගොවින්ගේ එළවලු අස්වැන්න මිලදි ගැනිමට හෝ ගෝවින්ට තම අස්වැන්න වෙළදපොල වෙත රැගෙන ඒමට නොහැකි තත්වයක් උද්ගත වි ඇති බවයි. 

    පවතින ගැස් හිගය හේතුවෙන් සංචාරක ආපන ශාලා, සංචාරක නිවාඩු නිකේතන ඇතුළු ආපන ශාලා තාවකාලිකව වසා දමා ඇති බැවින් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල එලවලු වෙළදාම පහල වැටි ඇති බව ඔහු පැවසුවා.

    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367කට ආනයන පාලනයක් – වතුරත් නෑ

    0

    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම භාණ්ඩ අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ගද, චීස්, බටර් වැනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍යයද ජලය, මත්පැන්, බීර ද රූපලාවන්‍ය ද්‍රව්‍යයද ඇතුලත්ය.

    එම ගැසට් නිවේදනය මෙසේය

    License_Gazette_2022_March_12_Final

    අප්‍රේල් 01 සිට සැත්තැම්බර් 30 දක්වා කල් ඉකු ත් වන රියදුරු බලපත්‍රවලට වෙන්න යන දේ

    0

    ලබන අප්‍රේල් මාසයේ සිට සැත්තැම්බර් දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    ඒ අනුව ලබන අප්‍රේල් 01 වෙනිදා සිට ජූනි 30 දක්වා කල්ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 06 කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

    ජූලි 01 වෙනිදා සිට සැත්තැම්බර් 30 දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 03 කින් දීර්ඝ කෙරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කොවිඩ් වසංගත සමය හේතුවෙන් ද මෙයට පෙර අවස්ථා කිහිපයකදීම කල්ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරනු ලැබීය. එම වලංගු කාලය මෙම කාලසීමාව තුළ අවසන් වන්නේ නම් එම රියදුරු බලපත්‍රවල කාලයද දීර්ඝ වන බව මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    දැනට නිකුත්කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර සඳහා වසරක වලංගු කාලයක් සහිත නව බලපත්‍රයක්ද තැපැල් මඟින් රියදුරන්ට ලැබීමට සලස්වන බවත් කාඩ්පත් මද්‍රණය යථා තත්ත්වයට පත්වීමෙන් පසු අදාල කාඩ්පත් මුද්‍රණයකර නිවසටම රියදුරු බලපත්‍ර ලැබීමට සලස්වන බවත් මෝටර් රථ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අධිකවේගය දෙමස්සිනාලාට මරු කැදවයි

    0

    ගලෙන්බිඳුණුවැව – කැකිරාව මාර්ගයේ ගෝමරන්කල්ල පාලම ආසන්නයේදී අද අළුයම සුඛෝපභෝගී ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන්කණුවකද ගැටී හුරුළු වැවේ වම් ඉවර ඇළය වැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් දෙදෙනෙක් මියගොස් ඇත.

    අධික වේගය මෙම අනතුරට මුල්වී ඇති බව ගලෙන්බිදුණුවැව පොලීසිය සඳහන් කළේය.

    ගලෙන්බිඳුණුවැව පදිංචිව සිටි දෙදෙනෙක් මෙසේ මිය ගොස් තිබේ. දෙදෙරුපියෙක්වන ලලිත් ප්‍රසන්න (31) සහ එක්දරු පියෙක් වන ඩීමන් සෙනෙවිරත්න (42) යන දෙමස්සිනාලා මෙසේ මරණයට පත්ව ඇත. ඔවුන් වෘත්තියෙන් ගොවියන් බව පොලීසිය සඳහන් කළේය.

    අනුරාධපුරයේ පිහිටි වාහන අලෙවි සැළක හිමිකරුවෙකු වන සිය ඥාතියෙකුගේ නවසක පැවති අවමගුල් උත්සවයකට ගොස් එම ඥාතියාට අයත් වාහනයකින් ගලෙන්බිදුණු නගරයට එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ඇමති නිල වාහනවලට අතිරේක ඉන්ධන දීම අත්හිටුුවයි

    0

    නිල රථ හිමි අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ට අතිරේකව ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාතත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

    ඒ අනුව ඔවුන් මාසිකව හිමි ඉන්ධන පමණක් නිකුත් කිරීම ඇතුළු රාජ්‍ය ආයතනවල ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    ඒ අනුව පස්වරු 2.30 වන විට රජයේ ආයතනවල වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කළ යුතු බව එහි සඳහන් කර ඇත.

    අදාළ චක්‍රලේඛය පහතින්

    1646802592-04-2022-s

    දූෂණයකර මරා දැමුණු කාන්තා මළ සිරුරක් කිරිබත්ගොඩ නිවසකින්

    0

    දූෂණයකර මරා දැමූ කාන්තාවකගේ මළ සිරුරක් කිරිබත්ගොඩ මුදියන්සේ වත්තේ පිහිටි ඉදිකිරීමේ කටයුත්තක් සිදුකරන නිවසක ටයිල් ගොඩකින් වසා තිබියදී සොයාගෙන තිබේ.

    එම නිවස දෙසින් හැමූ දුඟදක් හේතුවෙන් අසල්වාසී නිවසකින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර ඊයේ සවස සොයාගෙන ඇත.

    ඝාතනයට ලක්ව ඇති කාන්තාව වයස අවුරුදු 35 ක් පමණ වන තැනැත්තියක් බවත් ඇගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නැති බවත් කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කරයි. එම කාන්තාව කිරිබත්ගොඩ නගරයේ සැරිසරන තැනැත්තියක් බව අනාවරණය වී ඇති බවද පොලීසිය කියයි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකය එල්ලවී ඇත්තේ එම නිවසේ ඉදිකිරීම්වලට සම්බන්ධ සේවකයෙක් කෙරෙහිය. එම සේවකයා එම නිවසේ රැදී සිටියෙකි. නුවරඑළියේ පදිංචිකරුවෙක් වන ඔහු ඉකුත් 05 වෙනිදා හදිසියේම සිය දියණිය වලිප්පුවෙන් මියගොස් ඇතැයි සඳහන් කරමින් නුවරඑළියට බලා පිටත්ව ගොස් ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් පොලීසිය සොයා බැලීමක් කර තිබේ. එහිදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයාගේ දරුවෙක් මිය ගොස් නැති බවත් බොරුවක් පවසමින් ඔහු පිටව ගොස් ඇති බවත්ය.

    ඒ අනුව පොලීසිය ඔහුව මේ වන විට සිය භාරයට ගෙන තිබේ. ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ කිරිබත්ගොඩ නගරයේ සැරිසැරූ එම කාන්තාව නිවසට කැදවාගෙන ගොස් දූෂණය කළ බවය. අනතුරුව ඇය මුදල් ඉල්ලා කරදර කළ බවත් දැලි පිහියක් වැනි කුඩා පිහියක් පෙන්වා ඇය තමාට තර්ජනය කළ බවත් ඔහු සදහන් කර තිබේ. එහිදී තමා ආරක්ෂාව සඳහා ඇයව මරා දැමූ බවද සැකකරු සඳහන් කර ඇත. මෙම අපරාධය ඉකුත් 04 වෙනිදාත් 05 වෙනිදාත් අතර සිදුව තිබේ.

    මෙම සැකකරු තමා විසින් එම ඝාතනය කළේ යැයි සඳහන් කළද විද්‍යාත්මක සාක්ෂි රැස්කිරීමක්ද සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. ඒ සඳහා ආරක්ෂක කැමරා පරීක්ෂාවක්ද සිදුකරන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    විලම්භීත කතා කියන්න එපා – ඇමති දිනේෂ් ගුණවර්ධන

    0

    විලම්භීත කතා කියන්න එපා යැයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පැවසීය.

    රජය 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවට පොරොන්දුවී තිබියදී පළාත් සභා පාසල් ජාතික පාසල් කළ හැකි දැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

    අපි අපේ රටේ අවුරුදු 24ක් තිබුණු විදුහල්පති ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන්න කටයුතු කළා. කිසිදු ආණ්ඩුවක් අවධානය යොමු නොකරපු ඒ ගැටලුව අපි විසඳුවා. පසුගිය කාලේ ඇතිකරපු ප්‍රශ්න රාශියක් අපි දැන් නිරාකරණය කරමින් සිටිනවා.

    අපි නෙමෙයි එක ගැසට්ටුවකින් පාසල් පවරාගත්තෙ. අපි පළාත් සභා එක්ක සාකච්ඡා මාර්ගයෙන් ගමේ දරුවන්ගෙ අධ්‍යාපනය ගැන තීන්දු තීරණ ගන්න අවශ්‍යයයි. ඒ නිසා විලම්භීත කතා කියන්න එපා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට එක් ජාතික පාසලක් හඳුන්වාදීම හොඳ වැඩක් යැයි ඇමතිවරයා කියා සිටියේය.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-03-09

    0
    අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා වන යූරි ගගාරින් උපත ලැබුවේ 1934 මාර්තු 09 වන දිනයි
    අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා වන යූරි ගගාරින් උපත ලැබුවේ 1934 මාර්තු 09 වන දිනයි

    අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා වන යූරි ගගාරින් උපත ලැබුවේ 1934 මාර්තු 09 වන දිනයි

    අමාත්‍යාංශ කිහිපයක වෙනසක් කරමින් ගැසට්ටුවක්

    0

    එක් අමාත්‍යාංශයක සහ රාජ්‍ය අමාත්‍යාංශ දෙකක ආයතනික සහ නීතිමය රාමුව සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ඊයේ (08) දිනයේදී එම නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

    ඒ අනුව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, රාජ්ය ආරක්ෂක අමාත්යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල සහ රාජ්‍ය අමාත්‍යාංශවල ආයතනික හා නීතිමය රාමුව සහ විශේෂ ප්‍රමුඛතා නව ගැසට් නිවේදනය මගින් සංශෝධනය කර ඇත.

    අදාල ගැසට් පත්‍රය පහත දැක්වේ.

    2270-14_S

    බුද්ධිමය දේපළ සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි

    0

    සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) යනාදී මෙරටට භූගෝලීය පරිසරයට ආවේණික වටිනාකමකින් යුතුව සිදුකරන නිෂ්පාදනවල ව්‍යාජ අනුකරණයන් නැවැත්වීමේ අරමුණින් ඉදිරිපත්කළ බුද්ධිමය දේපළ (සංශෝධන) පනත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

    වෙළද අමාත්‍ය (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් දැක්වූ භූගෝලීය දර්ශක ලෙස මෙම නිෂ්පාදන එනයින්ම ලියාපදිංචි කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් බුද්ධිමය දේපළ පනතෙහි ඇතුළත්ව නොතිබූ බැවින් ඒවා මෙතෙක් ලියාපදිංචිය සිදුවූයේ වෙළද ලකුණු විෂය යටතේ සහතික ලකුණු (Certificate marks) ලෙසය.

    මේ අනුව සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) , සිලෝන් පෙපර් ( Ceylon Pepper), සිලෝන් කැෂු ( Ceylon Cashew) වැනි නිෂ්පාදන ඉදිරියේදී ශ්‍රී ලාංකික භූගෝලීය දර්ශක ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් ලැබෙන අතර එමගින් මෙම නාමයන් යටතේ ව්‍යාජ අනුකරණ නැවැත්වීමට නීතිමය රාමුවක් ස්ථාපනය වීමද සිදුවේ.

    රන් පෙන්වා ලක්ෂ 20කට යකඩ කෑලි විකුණූ 2ක් කොටුවේ

    0

    නිධානයකින් ලබාගත් රත්තරං බව පවසමින් ව්‍යාජ ලෙස සකස් කළ රන් කැබිලි ලබාදී රුපියල් ලක්ෂ 20 ක මුදලක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙක් වරකාපොල පොලීසියේ නිලධාරීන් විසින් වාරියගොඩ දී ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.

    අවුරුදු 25 හා 38 වයස්වල පසුවන එම සැකකරුවන් දෙදෙනා අලව්ව සහ යක්කල පදිංචිකරුවන්ය.

    මෙම සැකකරුවන් සතුව තිබී යකඩකැබලි පාට ගල්වා රන් ආකාරයට ව්‍යාජ ලෙස සකස් කළ කැබලි ග්‍රෑම් 731යි මිලි ග්‍රෑම් 240 ක්ද පොලීසිය සොයාගෙන ඇත.

    මෙම සැකකරුවන් දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයින් මේ ආකාරයට රැවටීමට ලක්කර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. එහෙත් ඔවුන්ට එරෙහිව පැමිණිලි නොලැබී ඇති බැවින් මෙම වංචාව දිඟටම කරගෙන යාමට හැකියාව ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුට එරෙහිව රඹුක්කන පොලිස් වසමේ සිදුවූ මිනිස් ඝාතනයක් ඇතුළු අපරාධ 06ක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇතැයි පොලිසීය වැඩිදුරටත් සඳහන් කළේය.

    කලබල වෙන්න එපා.. රට ගොඩදානවා.. – බැසිල්

    0

    ආර්ථිකය අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමඟ ඊයේ ( 08) පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.

    එබැවින් ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නැතැයිද  ඇමතිවරයා පෙන්වා දී ඇත.

    ඩොලර් හිඟය හේතුවෙන් මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇතැයිද අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

    මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ  පසුපෙළ මන්ත්‍රීවරුන් අතර හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද  පස්වරුවේ පැවැත්විණි .

    කවුරුත් කුමක් ප්‍රකාශ කළද තමන් රජය සමඟ සිටින බවත්, රජයේ තීන්දු තීරණවලට අවංකව සහයෝගය දෙමින් පත්ව ඇති අර්බුදයෙන් රට ගොඩගැන්මට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සහයෝගය ලබාදෙන බවත් පසුපෙළ මන්ත්‍රීවරුන් මුදල් අමාත්‍යවරයාට පොරොන්දු වී තිබේ.

    ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා හැර පසුපෙළ අනෙකුත් මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඊට සහභාගි වූ බව වාර්තා වේ. 

    අද විදුලි කප්පාදුව පැය 4ට අඩුයි

    0

    අද (9) දිනයේ සිදුවන විදුලි කප්පාදුව පැය 4කට පමණ සීමා කර තිබේ.

    ඒ අනුව අවස්ථා දෙකකදී පැය 2 1/2ක් සහ පැය 1 යි මිනිත්තු 15 ආදී වශයෙන් විදුලි කප්පාදුව සිදුවිය හැකිය.

    අද විදුලිය කප්පාදු වන කාලසටහන පහත දැක්වේ.

    E-09-03-2022-Power-Interruption-Schedule-full

    විදුලි කප්පාදුව නිදහස් කෙරෙන ස්ථාන පහත දැක්වේ.

    Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3(1)

    ජනපති ආර්යාවගේ මව පද්මාදේවි පීරිස් අභාවප්‍රාප්ත වෙයි

    0

    ජනපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ දයාබර මෑණියන් පද්මාදේවි පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

    ඒ අමෙරිකාවේ කැළිෆෝනියා ප්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ හීදීය.

    මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මිය 89 වන වියේ පසුවූවාය.

    ලූකස් පීරිස් මහතාගේ දයාබර බිරිඳවන පද්මාදේවි මහත්මිය දරුවන් දෙදෙනෙකුගේ මාතාවකි.

    ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය නැවතත් සොයිසාට භාර දෙයි

    0

    ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා පත්කර තිබේ.

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපත‍ිවරයා ලෙස 2019 වසරේ දෙසැම්බරයේ සිට මෙතෙක් ඒ මහතා කටයුතුකරමින් සිටියේය.

    ඊට පෙර ඒ මහතා සේවය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග හා බෙදාහැරීමේ පර්යන්තයේ සභාපතිවරයා ලෙසිනි. නැවතත් ඒ මහතාට පෙර තනතුරම හිමිව ඇත.

    සොයිසා මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. එසේම ඔහු දකුණු පළාත් හිටපු කම්කරු නිවාස හා සමාජසේවා අමාත්‍යවර එම.පි.සොයිසා මහතාගේ පුත්‍රයා ද වෙයි.

    අද (09) එන්නත් මධ්‍යස්ථාන 92ක් රට පුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 92 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    යුක්‍රේන අර්බුදය සහ රුසියානු ගෑස් සැපයුම

    0

    රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟම යුක්‍රේනය විසින් දිගින් දිගටම රුසියානු බොරතෙල් සහ ගෑස් සඳහා තහනමක් පනවන ලෙසට ඉල්ලීම් කරනු ලැබීය.

    එමගින් රුසියානු ආර්ථික බිඳ වට්ටවමින් ඔවුන්ගේ යුද මෙහෙයුම් නතර කරවීම යුක්‍රේනයේ අභිප්‍රාය විය.

    එහෙත් අද ඇමරිකාව සහ යුරෝපා රටවල් රුසියාවට දැඩි ආර්ථික සම්බාධක පැනවීම සිදුකලත් ඔවුන්ගේ බොරතෙල් සහ ස්භාවික ගෑස් තහනම් කිරීම දැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැති තරම්ය.

    මෙහිදී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අන්තනී බ්ලින්කන කියා සිටියේ රුසියානු තෙල් අපනයන තහනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරේම ගෝලීය තෙල් සැපයුම ස්ථාවර කිරීමටද පියවර ගන්නා බවයි.

    කෙසේ වෙතත් රුසියානු නියෝජ්‍ය අග්‍රාමත්‍ය ඇලක්සැන්ඩර් නෝවැක් ප්‍රකාශ කර සිටියේ රුසියානු තෙල් ප්‍රතික්ෂේප කිරීම ගෝලීය අර්බුදයක් දක්වා වර්ධනය වනු ඇති බවයි. එහිදී ඔහු පෙන්වා දෙනු ලැබුවේ රුසියානු තෙල් නොමැති වුවහොත් බොරතෙල් බැරලයක මිලි ඇමරිකානු ඩොලර් තුන්සීයක් දක්වා ඉහළ යනු ඇති බවයි.

    මෙම තත්තවය අනුව රුසියාවට දැඩි අර්ථික සම්බාධක පැනවීමට පියවර ගත්තද ජර්මනිය විසින් රුසියානු තෙල් ලබා ගැනීම නවතා දැමීමට නොහැකිව දෙගිඩියාවකින් පසුවන අයුරු දැකගැනීමට හැකිවිය.

    ඒ අනුව යම් අකාරයකින් රුසියාව විසින් ස්භාවික ගෑස් සහ තෙල් සැපයීම නවතා දැමුවහොත් එය ගෝලීය ගෑස් සහ තෙල් මිලට සෘජු බලපෑමක් එල්ලවන ඇත.

    ලොව තෙවැනියාට වැඩිම තෙල් නිෂ්පාදකයා වන රුසියාන විසින් දිනකට බොරතෙල් බැරල් ලක්ෂ පනහක් පමණ නිෂ්පාදනය කරනු ලබයි. මෙයින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපා වෙළෙඳ පොළට නිකුත් කරයි.

    මෙවැනි තත්ත්වයක් පවතින විට බටහිර යුරෝපය විසින් රුසියාවෙන් ගෑස් ආනයනය කිරීම නවතා දැමුවහොත් ඇති වන ප්‍රතිඵල දෙස බැලීමට වැදගත්ය.

    එහිදී දැනටමත් ඉහළ ගොස් තිබෙන යුරෝපයේ නිවාස සහ ගොඩනැගිලි උණුසුම් කිරීමට වැයවන වියදම තවත් ඉහළ යනු ඇත. මෙයට හේතුව වන්නේ යුරෝපයේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 40ක් සපයනු ලබන්නේ රුසියව විසින් වීමයි.
    මෙහිදී ඉතාලිය සහ ජර්මනිය දැඩි අර්බුදයකට පත් කරනු ඇත. එහිදී යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය අර්බුදයකට පත්වීම සෙසු රටවලට යම් ආකාරයකින් හෝ බලපෑම් ඇති වීම නවතා දැමිය නොහැකි තත්ත්වයකි.

    කෙසේ වෙතත් මේවන විට යුරෝපා සංගමයේ ඉවත්ව සිටින බ්‍රිතාන්‍යයට මෙම තත්ත්වය විශාල වශයෙන් බලපානු ඇතැයි අපේක්ෂා කළ නොහැකි මන්ද බි්‍රතාන්‍යයෙන් සමස්ත ගෑස් අවශ්‍යතාවෙන් රුසියාවෙන් සපුරා ගන්නේ සියයට 5ක පමණ ප්‍රතිශයක් නිසාවෙනි.

    තත්ත්වය එසේ වුවත් බි්‍රතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදය තුල දැනටමත් විශාල වශයෙන් මිල ඉහළ ගොස් තිබෙන ඉන්ධන මිල තවත් ඉහළ යාමට විශාල ඉඩක් පවතී.

    ඒ අනුව රුසියානු ගෑස් සැපයුම වෙනුවට යොදා ගන්නා විකල්පය ගැන සලකා බැලිය යුතුමය. එහෙත් එය ඉතා පහසු කටයුත්තක් නොවෙනු ඇත. මෙහිදී බොහොමයක් රුසියානු ගෑස් නල මර්ගයෙන් යුරෝපයට පැමිණෙන අතර මෙම නල පද්ධතිය වසා දැමුවහොත් ගත හැකි විකල්ප ගැන විශ්ලේෂකයන් මෙලෙසය පවසයි.

    විශලේෂකයින්ට අනුව යුරෝපයට සිය ගෑස් අවශ්‍යතාවය එල් එන් ජී ගෑස් මගින් සපුරා ගැනීමට සිදුවනු ඇත. එම ගෑස් ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කිරිමට සිදුවන අතර එයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.
    මේ අතරම විකල්ප බලශක්ති ප්‍රභව එනම් පුනර්ජණනීය බලශක්ති ප්‍රභව යොදා ගැනීමට සිදුවන අතර එය ඉක්මණින් ඉටු කරගැනීමට නොහැකි වනු ඇත. ඒ අනුව ඉදිරි සීත සෘතුවේදී ගල් අඟුරු බලාගාර යොදා ගැනීම සම්බන්ධයෙන් ඉතාලිය සහ ජර්මනිය මේවන විටත් අවධානය යොමුකර තිබේ.

    මෙම තත්ත්වයත් එක්කම තෙල් සම්බන්යෙන්ද අවාදනය යොමු කළයුතුය. මෙහිදී ගෑස් මෙන් නොව තෙල් සම්බන්ධයෙන් විකල්ප පහසුවෙන් සොයා ගැනීමට හැකිවනු ඇත. එහිදී ගැස් මෙන් නොව වෙත් මාධ්‍යන් ඔස්සේ තෙල් ලැබෙන බැවින් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට මදක් පහසු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

    ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය විසින් සෞදි ආරබිය සිය දෛනික තෙල් නිෂ්පාදනය ඉහළ දමන ලෙස විශේෂ ඉල්ලීමක්ද කරනු ලැබීය. කෙසේ වෙතත් එහිදී සෞදියේ ඔටුන්න හිමි කුමාරයා ඇමරිකානු ඉල්ලී ප්‍රතික්ෂේප කළේය.
    මෙහිදී සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය වැඩි නොකර වැඩි මිලක් ලබා ගැනීමට අපෙක්ෂා කර අතර එහිදී ඇමරිකාවට මෙම කාරණයේදී ඔපෙක් සංවිධානයේ බලවතාට බලපෑම් කිරීමට ඇති හැකියාව පහව යෑමක්ද දැකිය හැකිය.
    මෙහිදී සඳහන් කළයුතු තවත් වැදගත් කාරණයක් වන්නේ රුසියාව ඔපෙක් සමාජිකයකු නොවනුනත් 2017 වර්ෂයේ සිට එම සංගමය සමඟ ඉතා සමීප කටයුත කළ අතර එහිදී තෙල් නිෂ්පාදනය සීමා කරීමටත් එමගින් ආදායම් වර්ධනය කරගැනීමටත් කටයුතු කළේය.

    මෙම තත්ත්වය හමුවේ යුරෝපා සංගමය රුසියාවට දැඩි ආර්ථික සම්බාධක පැනවීම කළත් යුරෝපා කළාපයටද රුසියාව යම් බලපෑමක් එල්ල කිරීමත් ගෝලීය බලශක්ති අර්බුදයක් පවා නිර්මාණය කිරීමට ඉඩ පවතිනු ඇත.

    ජනපති – ශ්‍රීලනිප හමුවට පොහොට්ටුවේ අයත් ගිහින්

    0

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (08) පස්වරුවේ පැවැත්විණ.

    ඒ ජනාධිපති කාර්යාලයේදී ය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ කරුණු 15ක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ද සහභාගි වී තිබුණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන්, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, සාරතී දුෂ්මන්ත, ශාන් විජයලාල් ද සිල්වා, චාමර සම්පත්, සුරේන් රාඝවන් යන මහත්වරු සාකච්ඡාවට එක් ව සිටියහ.

    විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයක්

    0

    ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්.පී.පාලිත ප්‍රනාන්දු මහතා පත් කෙරේ.

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාළ ලිපිය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පාලිත ප්‍රනාන්දු මහතා වෙත භාර දී ඇත.

    ප්‍රේමය නොලැබුණු තැන පාසල් සිසුවියට පොරොවෙන් කොටා මරාදමයි

    0

    පාසල නිමවී නිවස බලා ගමන් කරමින් සිටි උසස් පෙළ ශිෂ්‍යාවකට අද දහවල් පොරවකින් කොටා ඝාතනය කර තිබේ.

    මෙම අමානුෂික ඝාතනය සිදුව ඇත්තේ හාලි ඇල උඩුවර ඉහළ කොටසේදීය.

    හාලි ඇල උඩුවර වත්තේ පදිංචිව සිටි 18 හැවරදි ශිෂ්‍යාවක් මෙසේ ඝාතනයට ලක්ව ඇති බව හැලි ඇල පොලීසිය සඳහන් කළේය.

    මෙම ශිෂ්‍යාව සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගැනීමට කාලයක් තිස්සේ උත්සහගත් 33 හැවරදි පුද්ගලයෙක් විසින් මෙම ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

    නිසි රැකියාවක් නොමැතිව සිටින එම පුද්ගලයා මේ වන විට පළාගොස් සැඟව සිටින බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භකර ඇති බවත් පොලීීසිය සඳහන් කළේය.

    මෙම සැකකාර පුද්ගලයාගේ සහ ඝාතනයට ලක්වූ ශිෂ්‍යාවගේ පවුල් දෙක අතරද කාලයක් තිස්සේ ආරවුලක් පවතින බව පොලීසිය කියයි.

    හිටපු ජනාධිපති මෛත්‍රීගේ ආරක්ෂකයෙකුට පහරදුන් 05ක් අල්ලයි

    0

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී ආයතනයක වැඩසටහනකට සහභාගිවීමට එම රූපවාහිනී ආයතනයට අයත් පැලවත්තේ පිහිටි චිත්‍රාගාරයට පැමිණ සිටියදී බීමත් පිරිසක් විසින් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට පහරදී තිබේ.

    පහරකෑමෙන් එම ආරක්ෂක නිලධාරියා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

    එම අවස්ථාවේදී සෙසු ප්‍රභූ ආරක්ෂකයින් පහරදුන් කිහිප දෙනා අතර සිටි දෙදෙනෙක් අල්ලා තලංගම පොලිස් ස්ථානයට භාරදී තිබේ. එම අවස්ථාවේදී පළාගිය තිදෙනෙක් අද සවස තලංගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අද අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත්කරන බව නිහාල් තල්දූව මහතා කීය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 26ත් අතර පසුවන්නන්ය. ඔවුන් බත්තරමුල්ල, කොස්වත්ත, මත්තේගොඩ, මරදාන හා කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඒ අය අතර පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයෙකුගේ පුතෙක්ද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩසටහනට සහභාගිවීමට චිත්‍රාගාරය තුළට ගොස් සිටියදී මෙම පහරදීම සිදුවී ඇත. එම අවස්ථාවේදී ප්‍රභු ආරක්ෂක රථ පෙල නතර කර තිබී ඇත්තේ මාර්ගයේය. පහරකෑමට ලක්ව ඇත්තේ එසේ මාර්ගය අයිනේ නතරකර තිබුණු වාහනයක ප්‍රභූ ආරක්ෂක රියදුරෙකි.