fbpx
තවත්
    මුල් පිටුවspecialයුක්‍රේන අර්බුදය සහ රුසියානු ගෑස් සැපයුම

    යුක්‍රේන අර්බුදය සහ රුසියානු ගෑස් සැපයුම

    රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟම යුක්‍රේනය විසින් දිගින් දිගටම රුසියානු බොරතෙල් සහ ගෑස් සඳහා තහනමක් පනවන ලෙසට ඉල්ලීම් කරනු ලැබීය.

    එමගින් රුසියානු ආර්ථික බිඳ වට්ටවමින් ඔවුන්ගේ යුද මෙහෙයුම් නතර කරවීම යුක්‍රේනයේ අභිප්‍රාය විය.

    එහෙත් අද ඇමරිකාව සහ යුරෝපා රටවල් රුසියාවට දැඩි ආර්ථික සම්බාධක පැනවීම සිදුකලත් ඔවුන්ගේ බොරතෙල් සහ ස්භාවික ගෑස් තහනම් කිරීම දැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැති තරම්ය.

    මෙහිදී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අන්තනී බ්ලින්කන කියා සිටියේ රුසියානු තෙල් අපනයන තහනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරේම ගෝලීය තෙල් සැපයුම ස්ථාවර කිරීමටද පියවර ගන්නා බවයි.

    කෙසේ වෙතත් රුසියානු නියෝජ්‍ය අග්‍රාමත්‍ය ඇලක්සැන්ඩර් නෝවැක් ප්‍රකාශ කර සිටියේ රුසියානු තෙල් ප්‍රතික්ෂේප කිරීම ගෝලීය අර්බුදයක් දක්වා වර්ධනය වනු ඇති බවයි. එහිදී ඔහු පෙන්වා දෙනු ලැබුවේ රුසියානු තෙල් නොමැති වුවහොත් බොරතෙල් බැරලයක මිලි ඇමරිකානු ඩොලර් තුන්සීයක් දක්වා ඉහළ යනු ඇති බවයි.

    මෙම තත්තවය අනුව රුසියාවට දැඩි අර්ථික සම්බාධක පැනවීමට පියවර ගත්තද ජර්මනිය විසින් රුසියානු තෙල් ලබා ගැනීම නවතා දැමීමට නොහැකිව දෙගිඩියාවකින් පසුවන අයුරු දැකගැනීමට හැකිවිය.

    ඒ අනුව යම් අකාරයකින් රුසියාව විසින් ස්භාවික ගෑස් සහ තෙල් සැපයීම නවතා දැමුවහොත් එය ගෝලීය ගෑස් සහ තෙල් මිලට සෘජු බලපෑමක් එල්ලවන ඇත.

    ලොව තෙවැනියාට වැඩිම තෙල් නිෂ්පාදකයා වන රුසියාන විසින් දිනකට බොරතෙල් බැරල් ලක්ෂ පනහක් පමණ නිෂ්පාදනය කරනු ලබයි. මෙයින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපා වෙළෙඳ පොළට නිකුත් කරයි.

    මෙවැනි තත්ත්වයක් පවතින විට බටහිර යුරෝපය විසින් රුසියාවෙන් ගෑස් ආනයනය කිරීම නවතා දැමුවහොත් ඇති වන ප්‍රතිඵල දෙස බැලීමට වැදගත්ය.

    එහිදී දැනටමත් ඉහළ ගොස් තිබෙන යුරෝපයේ නිවාස සහ ගොඩනැගිලි උණුසුම් කිරීමට වැයවන වියදම තවත් ඉහළ යනු ඇත. මෙයට හේතුව වන්නේ යුරෝපයේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 40ක් සපයනු ලබන්නේ රුසියව විසින් වීමයි.
    මෙහිදී ඉතාලිය සහ ජර්මනිය දැඩි අර්බුදයකට පත් කරනු ඇත. එහිදී යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය අර්බුදයකට පත්වීම සෙසු රටවලට යම් ආකාරයකින් හෝ බලපෑම් ඇති වීම නවතා දැමිය නොහැකි තත්ත්වයකි.

    කෙසේ වෙතත් මේවන විට යුරෝපා සංගමයේ ඉවත්ව සිටින බ්‍රිතාන්‍යයට මෙම තත්ත්වය විශාල වශයෙන් බලපානු ඇතැයි අපේක්ෂා කළ නොහැකි මන්ද බි්‍රතාන්‍යයෙන් සමස්ත ගෑස් අවශ්‍යතාවෙන් රුසියාවෙන් සපුරා ගන්නේ සියයට 5ක පමණ ප්‍රතිශයක් නිසාවෙනි.

    තත්ත්වය එසේ වුවත් බි්‍රතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදය තුල දැනටමත් විශාල වශයෙන් මිල ඉහළ ගොස් තිබෙන ඉන්ධන මිල තවත් ඉහළ යාමට විශාල ඉඩක් පවතී.

    ඒ අනුව රුසියානු ගෑස් සැපයුම වෙනුවට යොදා ගන්නා විකල්පය ගැන සලකා බැලිය යුතුමය. එහෙත් එය ඉතා පහසු කටයුත්තක් නොවෙනු ඇත. මෙහිදී බොහොමයක් රුසියානු ගෑස් නල මර්ගයෙන් යුරෝපයට පැමිණෙන අතර මෙම නල පද්ධතිය වසා දැමුවහොත් ගත හැකි විකල්ප ගැන විශ්ලේෂකයන් මෙලෙසය පවසයි.

    විශලේෂකයින්ට අනුව යුරෝපයට සිය ගෑස් අවශ්‍යතාවය එල් එන් ජී ගෑස් මගින් සපුරා ගැනීමට සිදුවනු ඇත. එම ගෑස් ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කිරිමට සිදුවන අතර එයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.
    මේ අතරම විකල්ප බලශක්ති ප්‍රභව එනම් පුනර්ජණනීය බලශක්ති ප්‍රභව යොදා ගැනීමට සිදුවන අතර එය ඉක්මණින් ඉටු කරගැනීමට නොහැකි වනු ඇත. ඒ අනුව ඉදිරි සීත සෘතුවේදී ගල් අඟුරු බලාගාර යොදා ගැනීම සම්බන්ධයෙන් ඉතාලිය සහ ජර්මනිය මේවන විටත් අවධානය යොමුකර තිබේ.

    මෙම තත්ත්වයත් එක්කම තෙල් සම්බන්යෙන්ද අවාදනය යොමු කළයුතුය. මෙහිදී ගෑස් මෙන් නොව තෙල් සම්බන්ධයෙන් විකල්ප පහසුවෙන් සොයා ගැනීමට හැකිවනු ඇත. එහිදී ගැස් මෙන් නොව වෙත් මාධ්‍යන් ඔස්සේ තෙල් ලැබෙන බැවින් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට මදක් පහසු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

    ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය විසින් සෞදි ආරබිය සිය දෛනික තෙල් නිෂ්පාදනය ඉහළ දමන ලෙස විශේෂ ඉල්ලීමක්ද කරනු ලැබීය. කෙසේ වෙතත් එහිදී සෞදියේ ඔටුන්න හිමි කුමාරයා ඇමරිකානු ඉල්ලී ප්‍රතික්ෂේප කළේය.
    මෙහිදී සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය වැඩි නොකර වැඩි මිලක් ලබා ගැනීමට අපෙක්ෂා කර අතර එහිදී ඇමරිකාවට මෙම කාරණයේදී ඔපෙක් සංවිධානයේ බලවතාට බලපෑම් කිරීමට ඇති හැකියාව පහව යෑමක්ද දැකිය හැකිය.
    මෙහිදී සඳහන් කළයුතු තවත් වැදගත් කාරණයක් වන්නේ රුසියාව ඔපෙක් සමාජිකයකු නොවනුනත් 2017 වර්ෂයේ සිට එම සංගමය සමඟ ඉතා සමීප කටයුත කළ අතර එහිදී තෙල් නිෂ්පාදනය සීමා කරීමටත් එමගින් ආදායම් වර්ධනය කරගැනීමටත් කටයුතු කළේය.

    මෙම තත්ත්වය හමුවේ යුරෝපා සංගමය රුසියාවට දැඩි ආර්ථික සම්බාධක පැනවීම කළත් යුරෝපා කළාපයටද රුසියාව යම් බලපෑමක් එල්ල කිරීමත් ගෝලීය බලශක්ති අර්බුදයක් පවා නිර්මාණය කිරීමට ඉඩ පවතිනු ඇත.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.