fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දූෂණයකර මරා දැමුණු කාන්තා මළ සිරුරක් කිරිබත්ගොඩ නිවසකින්

    දූෂණයකර මරා දැමුණු කාන්තා මළ සිරුරක් කිරිබත්ගොඩ නිවසකින්

    දූෂණයකර මරා දැමූ කාන්තාවකගේ මළ සිරුරක් කිරිබත්ගොඩ මුදියන්සේ වත්තේ පිහිටි ඉදිකිරීමේ කටයුත්තක් සිදුකරන නිවසක ටයිල් ගොඩකින් වසා තිබියදී සොයාගෙන තිබේ.

    එම නිවස දෙසින් හැමූ දුඟදක් හේතුවෙන් අසල්වාසී නිවසකින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර ඊයේ සවස සොයාගෙන ඇත.

    ඝාතනයට ලක්ව ඇති කාන්තාව වයස අවුරුදු 35 ක් පමණ වන තැනැත්තියක් බවත් ඇගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නැති බවත් කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කරයි. එම කාන්තාව කිරිබත්ගොඩ නගරයේ සැරිසරන තැනැත්තියක් බව අනාවරණය වී ඇති බවද පොලීසිය කියයි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකය එල්ලවී ඇත්තේ එම නිවසේ ඉදිකිරීම්වලට සම්බන්ධ සේවකයෙක් කෙරෙහිය. එම සේවකයා එම නිවසේ රැදී සිටියෙකි. නුවරඑළියේ පදිංචිකරුවෙක් වන ඔහු ඉකුත් 05 වෙනිදා හදිසියේම සිය දියණිය වලිප්පුවෙන් මියගොස් ඇතැයි සඳහන් කරමින් නුවරඑළියට බලා පිටත්ව ගොස් ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් පොලීසිය සොයා බැලීමක් කර තිබේ. එහිදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයාගේ දරුවෙක් මිය ගොස් නැති බවත් බොරුවක් පවසමින් ඔහු පිටව ගොස් ඇති බවත්ය.

    ඒ අනුව පොලීසිය ඔහුව මේ වන විට සිය භාරයට ගෙන තිබේ. ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ කිරිබත්ගොඩ නගරයේ සැරිසැරූ එම කාන්තාව නිවසට කැදවාගෙන ගොස් දූෂණය කළ බවය. අනතුරුව ඇය මුදල් ඉල්ලා කරදර කළ බවත් දැලි පිහියක් වැනි කුඩා පිහියක් පෙන්වා ඇය තමාට තර්ජනය කළ බවත් ඔහු සදහන් කර තිබේ. එහිදී තමා ආරක්ෂාව සඳහා ඇයව මරා දැමූ බවද සැකකරු සඳහන් කර ඇත. මෙම අපරාධය ඉකුත් 04 වෙනිදාත් 05 වෙනිදාත් අතර සිදුව තිබේ.

    මෙම සැකකරු තමා විසින් එම ඝාතනය කළේ යැයි සඳහන් කළද විද්‍යාත්මක සාක්ෂි රැස්කිරීමක්ද සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. ඒ සඳහා ආරක්ෂක කැමරා පරීක්ෂාවක්ද සිදුකරන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.