fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ආපන ශාලා සංගමයේ අසේල සම්පත් රහස් පොලිස් අත්අඩංගුවට

    ආපන ශාලා සංගමයේ අසේල සම්පත් රහස් පොලිස් අත්අඩංගුවට

    සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක මෙන්ම මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙසද කටයුතු කරන අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (25) අත්අඩංගුවට ගෙන ති‍බේ.

    ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    ඇස්ට්‍රා සෙනෙකා එන්නත සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් එම පැමිණීල්ලට මුල් වී තිබෙන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.