fbpx
තවත්
    මුල් පිටුවපරිසරයමීගමුව මුහුදේ ගිලුනු වෙඩි නොවදින VIP වාහන රැගත් නෞකාව

    මීගමුව මුහුදේ ගිලුනු වෙඩි නොවදින VIP වාහන රැගත් නෞකාව

    මෙ⁣ම මාතෘකාව දුටු පමණින් ඔබ පුදුමයට හා කනගාටුවට පත්වනු ඇත. මන්ද ඉතා වටිනාකමක් සහිත ප්‍රභූවරුන් භාවිතා කරන වෙඩි නොවදින රථ වාහන මුහුදු පතුලේ ගිළි යාම නිසාය. මෙසේ ගිළි යාමට හේතු වු අපුර්ව නිධාන කතාවක් ඇත.එ අපුර්ව කතාව පිළිබඳව ඔබ දැනුවත් කිරිමට මෙවර මුහුද යට සිරි අසිරිය තුළින් අප අපේක්ෂා කරන්නෙමු…….

    එල්ටීටීඊ යුද්ධය අප සැමට අදුරැ කදුලු අතීතයක් ගෙන දුන් කාල පරිච්ඡේදයකි .2009 වර්ෂයේ එල්ටීටීඊ ය පරදා ,ශ්‍රී ලංකාව ඔවුන්ගේ පාලන කලාපයන් හමුදාව යටතට ගනු ලැබිය නාවික හමුදාව විසින් එල්ටීටීඊ සතු නාවික යාත්‍රා අත්වඩංගුවට ගනු ලැබීය. එසේ අත්වඩංගුවට ගත් යාත්‍රාවක් ලෙස A 522 නෞකාව හැදින්විය හැකිය.මෙම නෞකාව එල්ටීටීඊ යේ කේපී සහ ,කුමාර පද්මනාදන් යන නායකන් විසින් භාවිතා කර ඇති බව නාවික හමුදාව විසින් පවසන ලදි.

    අත්වඩංගුවට පත්වන විටත් ඉතා අබලන් තත්වයේ පසු වු මෙම නැව අබලි යකඩ විකිණීම 2017 වරෂයේ තීරනය විය. නමුදු නිසි ලංසුවක් නොමති විමෙන් එයද සිදු නොවිය. පසුව 2018 වර්ෂයේදි මෙය ගිල්වා දැමීමට තීරනය විය. මෙම අබලන් නැව හිස්ව ගිල්විම වෙනුවට වෙඩි නොවදින VIP රථ කිහිපයක් මෙයට බහා ගිල්විමට තීරනය විය. මෙම වාහන BMW, JAGUAR , මර්සීඩිස්. ඩිෆෙන්ඩර් යන වර්ග වලට අයත් විය. එ අනුව සිරිමා⁣වො බණ්ඩාරනායක මහත්මිය (හිටපු අගමැතිනිය ) ආර් පේමදාස මහතා( හිටපු ජනපති) චන්දිකා බණ්ඩාරනායක මහත්මිය (හිටපු ජනපති ) ආදි ප්‍රභූවරුන් භාවිතා කරන ලද නිළරථ මෙසේ A 522 නෞකාව සමග ගිල්වා දැමිමට තීරනය විය.

    මෙය ගිල්වා දැමිම මිගමුව ආශ්‍රිත මුහුදු කලාපය ⁣තෝරා ගන්නා ලද අතර cloor fish ? නැතහොත් මත්ස්‍ය අභිජනනය හා සංචාරක ප්‍රවර්ධනය මේ තුළින් අපේක්ෂා කරන ලද අරමුණු විය.මෙම නැව මිටර් 62ක් හා පළල මිටර් 8 පමණ දිග සාමාන්‍ය නෞකාවකි. ධාරිතාව ටොන් 850කි.

    වසර ගනානවක් දෙස් විදෙස් වල සංචාරය කොට අසිමිත සේවයන් ඉටු කො එල්ටීටීඊ යට අසු වි ඔවුනගේද ඔීනැඑපාකම් ඉටු කොට මුහුදු පතුලේ සැගව ගොස් තව දුරටත් අනියත මර්ගයෙන් සේවයක් ඉටු කිරිමට A522 නෞකාව ට හැකි විය. එමෙන්ම තම ප්‍රභූවරුන්ට සේවය සපයා ඔවුනගේ අභාවයෙන් පසු ⁣හා ධුර කාලය අවසන් විමෙන් පසු ඔවුන්ද මිගමු මුහුදු පතුල අසිරිමත් කිරිමට තීරනය කරන ලද්දේ ලොව අනියත බව ලොවටම කියා පාමිනි.නාවික හමුදා යාත්‍රාවකින් මිගමු මුහුදේ දියඹට ඇදගෙන ගොස් නෞකාව ව වතුර පුරවා ගිලෙන්නට ඉඩ සලස්වන ලදි.

    චමල් ගමගේ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.