fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කොළඹ බලා ආ නැව සිදුකළ පාලම් අනතුරින් වතුරට වැටුණු අය සෙවීමේ මෙහෙයුම්...

    කොළඹ බලා ආ නැව සිදුකළ පාලම් අනතුරින් වතුරට වැටුණු අය සෙවීමේ මෙහෙයුම් නවතයි

    කොළඹ බලා එමින් සිටි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝර් හි පාලමක් කඩාබිඳදමින් සිදුවූ අනතුරින් අතුරුදන් ඉදිකිරීම් කම්කරුවන් 6 දෙනා සෙවීම් මෙහෙයුම් අවසන් කළ බව එරට වාර්තා පවසයි.

    දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ඩාලි නැව පාලමේ ගැටී පැටප්ස්කෝ ගඟට කඩා වැටුණි.

    “මේ වෙද්දී මෙම පුද්ගලයින් කිසිවකු තවමත් ජීවතුන් අතර සිටින බව අපි විශ්වාස කරන්නේ නෑ.” රියර් අද්මිරාල් ෂැනන් ගිල්‍රෙත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ ජලයේ උෂ්ණත්වය සහ අනතුර සිදුවීමෙන් පසු මෙහෙයුම් සිදුකළ කාලය උපුටා දක්වමිනි.

    අඩි 985ක් දිග භාණ්ඩ ප්‍රවාහන නෞකාව අඟහරුවාදා අලුයම බැල්ටිමෝර් වරායෙන් පිටත්ව ගොස් ටික වේලාවකට පසු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමට අසලට ළඟා විය.

    එහිදී නැව “සම්පූර්ණයෙන්ම අඳුරු වුණා” යැයි ඇමරිකානු ගුවන් නියමුවන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ ක්ලේ ඩයමන්ඩ් පැවසුවේ එරට රාජ්‍ය වරාය ගුවන් නියමුවන්ගේ කණ්ඩායම විසින් කරන ලද දැනුවත් කිරීම අනුවයි.

    අනතුරට හේතුව පිළිබඳ විමර්ශකයින් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    නැවේ දත්ත ගබඩා කෙරෙන VDR හි පෙන්වන්නේ කුමක්ද සහ නැවේ නැංගුරම වැටුණේද යන්න ඇතුළුව, අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජෙනිෆර් හෝමන්ඩි පැවසීය.

    පාලමේ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු පිළිබඳ සොයා බැලීමක් ද සිදු කෙරේ. මෙහිදී පාලමේ ඉංජිනේරුවන් කනස්සල්ල පළකර තිබුණේ ‍නැව ගැටී තිබූ පාලමේ කුළුණුවලින් එකක ෆෙන්ඩර් ලෙස හැඳින්වෙන අවහිර කිරීමේ උපකරණවලින් ද සමන්විත තිබූ බවට ය.

    ෆෙඩරල් සහ මේරිලන්ඩ් නිලධාරීන් කිහිප දෙනෙකුට අනුව පාලමේ ගමනාගමනය අවහිර කළ පුද්ගලයින් “නිසැකවම ජීවිත බේරා ගත්” බව ජනාධිපති බයිඩෙන් අඟහරුවාදා ධවල මන්දිරයේ සිට ප්‍රකාශ කළේ පාලම කඩිනමින් නැවත ගොඩනැගීමට ප්‍රතිපාදන ලබාදෙන බවට ප්‍රතිඥා දෙමිනි.

    කෙසේවෙතත් අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවෙන් අනතුරු හැඟවීමේ සංඥාව නිකුත් කර ඇති අතර එය ද නොතකා පාලමේ මාර්ග අලුත්වැඩියා කාර්ය මණ්ඩලය එහි රැඳී සිටිමින් වාහන ද එහි නවතා තිබී ඇත.

    ඒ අනතුර‍ සිදුවන විට අලුත්වැඩියාවේ යෙදී සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් වතුරට වැටුණු 8ක් අතරින් 2නෙක් බේරාගත් නමුත් සෙසු 6 දෙනාගේ ජීවිත පිළිබඳ දැන් විශ්වාසයක් නොමැත.

    වරාය නියමුවන් දෙදෙනකු ඇතුළුව නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයට තුවාල සිදුවී නැති බව නැව් හිමිකරු පවසා ඇත.

    අනතරුට ලක්වූ පාලම නම් කරන ලද්දේ ඇමරිකානු ජාතික ගීය වන ‘The Star-Spangled Banner’ හි රචකයා වන මේරිලන්ඩ් හි උපන් ෆ්‍රැන්සින් ‍ස්කොට් කීගේ නමිනි.

    මෙය 1977 දී විවෘත කරන ලදී. දිනකට මගීන් 30,000ක් පමණ ඒ හරහා ධාවනය කරන බව මේරිලන්ඩ් බලධාරීහු පවසති.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.