fbpx
තවත්
    මුල් පිටුවGOSSIP'අයියෝ සාමි..' ඉන්දියාවේ සම්මානයට (🎶)

    ‘අයියෝ සාමි..’ ඉන්දියාවේ සම්මානයට (🎶)

    නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පීන් යුවළක් වන වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහගේ ‘අයියෝ සාමි..’ ගීතය ඉන්දියාවේදී සම්මානයට පාත්‍ර වී තිබේ.

    චෙන්නායිහිදී පැවති එඩිසන් සම්මාන උළෙලේදී Best Sensational Song of the Year –2023 සම්මානය මෙම ගීතයට හිමිවිය.

    මෙහි මුල් ගීතය වින්ඩි විසින් ගායනා කරන ලද අතර පසුව එය සිංහල භාෂාවෙන් ද ගායනා ඇය විසින්ම කර ඇත.

    වින්ඩි ගුණතිලක යනු ප්‍රවීන ගායන ශිල්පීන් යුවළක් වන රුකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ දෙටු දියණිය මෙන්ම ජනප්‍රිය ගායිකාවක වන රයිනි චාරුකා ගුණතිලකගේ සොයුරියයි.

    ගීතයේ සංගීතය, තනු නිර්මාණය කරන සනුක වික්‍රමසිංහ ද ප්‍රවීන ගායන ශිල්පියකු වූ සංගීත් වික්‍රමසිංහගේ පුත්‍රයායි.

    ගීතයේ පදරචනය කරන ලද්දේ පොතුවිල් අස්මින් විසිනි.

    ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගයීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන එඩිසන් සම්මාන උළෙල මේ වසරේ මාර්තු 24 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවැත්විණි.

    සම්මානයට පාත්‍ර වූ එම ගීතය පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.