fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට LGBTIQ+ ප්‍රජාවගේ ප්‍රශ්න ගැන එම නියෝජිතයෝ කථානායකට කියති

    මෙරට LGBTIQ+ ප්‍රජාවගේ ප්‍රශ්න ගැන එම නියෝජිතයෝ කථානායකට කියති

    ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජා නියෝජිතයෝ පිරිසක් පසුගියදා (12) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී මෙරට වෙසෙන සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති, අන්තර් ලිංගික ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත කථානායකවරයාගේ අවධානයට යොමු කිරීම මෙම හමුවීමේ අරමුණ විය.

    NextGenSL, සර්වපාක්ෂික තරුණ සංවිධානය විසින් උක්ත හමුව සංවිධානය කිරීමට සහයෝගය ලබා දුන් අතර පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හන්ස අබේරත්න මහතාද එම අවස්ථාවට සහභාගී විය.‍

    LGBTIQ+ යනුවෙන් හඳුන්වනු ලබන්නේ Lesbian, Gay, Bisexual, Trans, Intersex, Queer යන ලිංගික දිශානතීන් ඇති ප්‍රජාව ය.

    මේ වනවිටත් මෙරට තුළ පවතින නීතියට අනුව සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස සැළකේ.

    ශ්‍රි ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ (1883) 365 සහ 365අ වගන්තිවලට අනුව “ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය” සාපරාධී වරදකි. ඒවා “තදබල අශෝභන ක්‍රියා” ලෙස හඳුන්වනු ලබයි.

    එම වගන්තියෙන් යොදාගෙන ඇති පදවලට දණ්ඩ නිති සංග්‍රහයේ පැහැදිලි නිර්වචනයක් ලබා දී නැත. එහෙත් එකඟතාවය මත ඇතිවන එවන් ලිංගික සබඳතාද සාපරාධිකරණය කිරීමට මෙම වගන්ති දෙකම යොදාගෙන ඇත.

    මෙවැනි අපරාධයකට වරදකරු වන පුද්ගලයකු වසර දහයක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකි ය.

    එම වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රේම්නාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා විසින් යෝජනා කරන ලදී.

    ලිංගික දිශානතිය නෛතික වරදක් ලෙස සලකන වගන්ති සංශෝධනය කිරීම මෙම පනත මගින් ව්‍යවස්ථාදායකයේ චේතනාව ලෙස සැලකිය යුතු බව පෙන්වාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පහතින් දැක්වේ.

    1487
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.