තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සැකකරුවෙක් පොලිස් නිලධාරියෙකුගේ බෙල්ල මිරිකා මුහුණ හපලා

    සැකකරුවෙක් පොලිස් නිලධාරියෙකුගේ බෙල්ල මිරිකා මුහුණ හපලා

    මොණරාගල නගර සභා ක්‍රීඩා පිටියේ පැවති සංගීත ප්‍රසංගයකදී බීමකින් කළහාකාරීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මොණරාගල පොලිස් ස්ථානයේ රදවා සිටි තරුණයෙකු පොලිස් නිලධාරියෙකුගේ ගෙල මිරිකා මුහුණ හපා ඇත.

    මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 17 වෙනිදා අලුයම් කාලයේදීය.

    මොණරාගල හුලංදාවේ පදිංචිකරුවෙක් වන 26 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සංගීත ප්‍රසංගය පැවති භූමියේ බීමතින් කළහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙනි.

    පොලිස් ස්ථානයට රැගෙන පැමිණි මෙම තරුණයාව පොලිස් කොස්තාපල්වරයෙකු සිර මැදිරියේ තබා මදවේලාවකට පසු පිටතට ගෙන ඇත්තේ ප්‍රකාශයක් සටහන්කර ගැනීමටය. එම අවස්ථාවේදී සැකකරු එම පොලිස් නිලධාරියාගේ ගෙල සිරකර අල්ලාගෙන කම්මුල හපාකා ඇති බව මොණරාගල පොලීසිය කියයි.

    මේ හේතුව නිසා පොලිස් නිලධාරියා තුවාල ලබා රෝහල්ගතකර ඇත. පොලිස් නිලධාරියාගේ ගෙල මිරිකා කම්මුල හපාකන අවස්ථාවේදී ඔහුව පාලනය කිරීමට සෙසු නිලධාරීන්ට දැඩි පරීශ්‍රමයක් දැරීමට සිදුව ඇත. කලහාකාරීව එම අවස්ථාවේදී හැසුරුණු එම තරුණයා පොලිසියේ කාර්ය භාර නිලධාරියාගේ මේසය මතවූ වීදුරුවකටද අතින් පහරදී හානිකර ඇති බව පොලීසිය කියයි. එහිදී සැකකරුගේ අතකටද තුවාල සිදුව ඇත. එබැවින් සැකකරුද මොණරාගල රෝහලට අතුලත්කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img