fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPලංකාවට ඉංග්‍රීසිය දුන් රටේදී සිංහලෙන් Beta Squad පැරැද්දූ සසන්ති (📹)

    ලංකාවට ඉංග්‍රීසිය දුන් රටේදී සිංහලෙන් Beta Squad පැරැද්දූ සසන්ති (📹)

    සසන්ති ජයසේකර කියන්නේ කලක් මෙරට තුළ අතිශය ජනප්‍රිය සිනමා, ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්. නමුත් ඇය කලක සිට ජීවත්වෙන්නේ විදෙස්ගතව ඇයගේ පවුලේ අය සමඟින්.

    එංගලන්තයේ ජීවත් වෙන ඇය දැන් නිරතව ඉන්නේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ. කොහොමවුණත් මේ කියන්න යන්නේ ඇයගේ නිර්මාණ කටයුතු ගැන නම් නෙවෙයි.

    ඇය පසුගියදා එරට යූටියුබ් වැඩසටහනකට සම්බන්ධ වුණා. ඒ වැඩසටහනෙන් කරන්නේ විදෙස් ජාතික පුද්ගලයින් කිහිපදෙනෙක් විවිධ රටවලින් පැමිණි අය ගෙන්වා ඔවුන්ගේ මව්භාෂාව අනුව ඔවුන්ගේ මව් රට හඳුනාගන්න එකයි.

    එංගලන්තයේ ජිවත් වෙන Beta Squad කණ්ඩායම කරන මේ වැඩසටහනත් ඔවුන් කරන අනෙක් වීඩියෝ, ප්‍රෑන්ක් ආදිය වගේම ප්‍රහසනය මූලික කරගත් වැඩසටහනක්. ලොව පුරා මිලියන ගණනක් ඔවුන්ගේ වැඩසටහන් නරඹනවා.

    Beta Squad සමන්විත වන්නේ Chunkz, Niko Omilana, AJ Shabeel, Sharky සහ KingKennyTV යන අයගෙන්.

    ඉතින් මේ Beta Squad අයගේ GUESS THE LANGUAGE: ASIA EDITION වැඩසටහනට සසන්ති ගිහින් කරපු දේ ඔවුන්ගේ සාමාජිකයකු වන නිකෝ ඔමිලානා තමන්ගේ යූටියුබ් නාලිකාව මගින් විකාශය කර තිබෙනවා.

    සසන්ති එම වැඩසටහනට සහභාගි වුණේ කොහොමද? ඇත්තටම මොකද වුණේ කියලා පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.