fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටේ සංචාරක කර්මාන්තය නැංවීමට චීන ජනපතිගෙන් උපදෙස්

    රටේ සංචාරක කර්මාන්තය නැංවීමට චීන ජනපතිගෙන් උපදෙස්

     
     
    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රටේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳව  උපදෙස් මාලාවක් ලබා දී තිබේ.
     
    මේ වනවිට චීනයේ සංචාරක කර්මාන්තය ශීඝ්‍ර සංවර්ධන අදියරකට පිවිස ඇති බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. ලොව විශාලතම දේශීය සංචාරක වෙළඳපොළ චීනය සතුව පවතී. එසේම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන ගමනාන්තයක් බවට ද චීනය පත් ව තිබේ.
     
     නවයුගයේ දී චීනයේ සංචාරක කර්මාන්තයට නව අවස්ථා උදා වූ අතර, ඒ සමග නව අභියෝග ද නිර්මාණය වී ඇත. මේ හේතුවෙන් රජය හා වෙළඳපොළ, ඉල්ලුම හා සැපයුම, සංරක්ෂණය හා සංවර්ධනය, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ, සංවර්ධනය හා ආරක්ෂාව යන අංශ අතර පවතින සබඳතා මනාව සම්බන්ධීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එසේම, නවීන සංචාරක කර්මාන්ත පද්ධතිය අංගසම්පූර්ණ කරමින් බලවත් සංචාරක රටක් ගොඩනැගීමට ප්‍රයත්න දැරිය යුතු වේ.
    ජන ජීවිතය සුන්දර කිරීම, ආර්ථික සංවර්ධනය, චීන අනන්‍යතාව විදහා පෑම සහ අන්‍යෝන්‍ය ශිෂ්ටාචාර අධ්‍යයනය යනාදී අංශවලට හිතකර වන සේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සුදුසු බව ද ෂී ජින් පිං මහතා කියාසිටී. අදාළ විවිධ ආයතන සිය වගකීම් ඉටුකරමින් සංචාරක කර්මාන්තයේ උසස් හා ස්ථාවර සංවර්ධනය සඳහා කැප වී ක්‍රියා කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img