දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික වැසි සහ තද සුළං හේතුවෙන් දිස්ත්‍රික් 8කට නායයාම්, විශාල ගල් පෙරළීම්, ගස් කඩාවැටීම් පිළිබඳ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබේ.
අද පස්වරුව මෙන්ම හෙට(20) ප.ව. 04.00 දක්වා වලංගු වන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
ඒ අනුව පහත දිස්ත්‍රික්වල නම් කළ ප්‍රදේශවල ජනතාව වඩා විමසිල්ලෙන් පසුවිය යුතු බවටත් අනතුරුදායක සලකුණු දුටුවහොත් වහා ඉවත් විය යුතු බවටත් අනතුරු අඟවා ඇත.
කොළඹ දිස්ත්‍රික්කය
සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ගම්පහ දිස්ත්‍රික්කය
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කළුතර දිස්ත්‍රික්කය
මතුගම, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
බදුල්ල දිස්ත්‍රික්කය
ඇල්ල, හල්දුමුල්ල, හාලිඇල, බදුල්ල, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
ගාල්ල දිස්ත්‍රික්කය
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර කඩවත් සතර, ගඟවට කෝරළේ, ගඟ ඉහළ කෝරළේ, උඩුදුම්බර, උඩපළාත, උඩුනුවර, යටිනුවර සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කය
රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව, වරකාපොල, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
රත්නපුර දිස්ත්‍රික්කය
කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, ඇහැළියගොඩ, කලවාන, බලංගොඩ, ඇළපාත, රත්නපුර සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය