fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලී අනුපාත යළිත් පහළට

    පොලී අනුපාත යළිත් පහළට

    ප්‍රතිපත්ති පොලී අනුපාත යළිත් පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ති‍බේ.

    ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් ලකුණු 100 කින් අඩු කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 9.00% සහ හ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 10.00% දක්වා අඩුකිරීමට පියවර ගෙන ඇත.

    මධ්‍ය කාලීනව 5%ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යාමේ අරමුණින්, දේශීය හා ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳව මනා විශ්ලේෂණයකින් අනතුරුව, ආර්ථිකය ළඟා කර ගැනීමට හැකි වන පරිදි, මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත.

    තවද, මෙම ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමත් සමඟ 2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමඟින් මධ්‍ය කාලීනව උද්ධමනය ස්ථාවර කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ලිහිල් කිරීමක් සිදු කර ඇති බව මණ්ඩලය විසින් නිරීක්ෂණය කර ඇත.

    එබැවින්, මූල්‍ය ආයතන විසින් වෙළෙඳපොළ පොලී අනුපාත, විශේෂයෙන්ම ණය අනුපාත සඳහා මුදල් ලිහිල් කිරීමේ පියවරයන් කඩිනම් සහ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් අවධාරනය කරන ලදී.

    නව පොලී අනුපාත

    පසුගිය මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාතය

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.