fbpx
තවත්
    මුල් පිටුවspecialශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී සංචාරක වැඩසටහනක්

    ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී සංචාරක වැඩසටහනක්

    ශ්‍රී ලංකාව, ඉන්දියානු සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් පවත්වා තිබේ.

    මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් සහභාගි විය.

    මොවුන් දිවයින පුරා සංචාරය කළ අතර එහෙදි ශ්‍රීලාංකික සම්ප්‍රදායික හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන , දේශීය ආහාරපාන , සුන්දර වෙරළ තීරයන් , ස්වාභාවික මං පෙත් සහ කොළඹ නගරයේ සාප්පු සවාරි ඇතුළු විනෝදාස්වාද අංගයන්ගේ අත්දැකීම් ලබාගත්තේය.

    මෙම සංචාරක වැඩසටහන සඳහා කොචින්, චෙන්නායි, බැංගලෝර් සහ දිල්ලි වැනි ප්‍රධාන නගර නියෝජනය කරමින් මාධ්‍යවේදීන් සහභාගී කරවීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල මහජන නියෝජිතායතනය වන Aviareps India ආයතනය සම්බන්ධීකරණ කටයුතු සිදුකරයි.

    ආගන්තුක සත්කාර සහ සැපයුම් සහකරු ලෙස Cinnamon Hotels and Resorts ආයතනය ශ්‍රීලංකන් ගුවන් සේවය හා එක්ව සංවිධාන කටයුතු සිදු කළේය.

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව සංචාරක ගමනානන්තයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කරවීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණ වී තිබේ.

    මෙම වැඩසටහන නොවැම්බර් 19 සිට 24 දක්වා පැවැත්විණ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.