පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී පිවිසුම අසලදී සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජන යන මහත්වරුන් තමන්ට පරුෂවචනයෙන් බැන වැදී පහරදුන් බවට එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් වැලිකඩ පොලීසියට පැමිණිලිකර තිබේ.
රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් තමාට පරුෂ වචනයෙන් බැන වැදුණු බවත් සුජිත් සංජන මන්ත්‍රීවරයා විසින් තමාට පහරදුන් බවත් ඇය පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.
ඇය විසින් එම පැමිණිල්ල කිරීමෙන් අනතුරුව රෝහල්ගතවීමට අවශ්‍ය බව පවසා ඇති බැවිින් වෛද්‍ය පෝරමයක්ද පොලීසිය විසින් නිකුත්කර ඇත. එම පොරමයත් රැගෙන ගොස් ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඊයේ රාත්‍රීයේ ඇතුලත්ව තිබේ.
සබැඳි පුවත්
ඩයනාට පහර දුන් -සුජිත්ගේ කලිසම ගලවනවා කී ගුටිකෙළියේ වීඩියෝව එළියට (📹)
පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමතිනි ඩයනාට සජබ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රහාරයක්