fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සයිඩර් සමඟ ඇල්ලූ සැකකරු මාංචු පිටින් පොලීසියෙන් පැනයයි

    සයිඩර් සමඟ ඇල්ලූ සැකකරු මාංචු පිටින් පොලීසියෙන් පැනයයි

    නීති විරෝධි මත්පැන් වර්ගයක් වන සයිඩර් මිලි ලීටර් 1500ක් සන්තකයේ තබා ගැනීමේ වරදට තිනියාවල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රදවා සිටි සැකකරුවෙකු මංචු පිටින් පළාගොස් ඇත.

    මෙසේ පළාගොස් ඇත්තේ පන්විලහේන කණුවේ පදිංචිකරුවෙක් බව තිනියාවල පොලීසිය කියයි.

    මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 19 වෙනිදාය. අධිකරණයට ඉදිරිපත්කරන තුරු මෙම සැකකරුව පොලිස් සිරමැරියේ රදවා සිටියදී 20 අලුයම් කාලයේදී ඔහු වැසිකිලි යාමට අවශ්‍ය යැයි පවසා පළාගොස් තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    වැසිකිලියාමට අවශ්‍ය බව පැවසීමත් සමඟ එදින රාත්‍රී කාලයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයා විසින් අත්විලංගු දමා ඔහුව සිර මැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේදී පළාගොස් ඇත්තේ මාංචු පිටින් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න