fbpx
තවත්
    මුල් පිටුවGOSSIPඩයනාට පහර දුන් -සුජිත්ගේ කලිසම ගලවනවා කී ගුටිකෙළියේ වීඩියෝ එළියට (📹)

    ඩයනාට පහර දුන් -සුජිත්ගේ කලිසම ගලවනවා කී ගුටිකෙළියේ වීඩියෝ එළියට (📹)

    පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලය අසලදී රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක් පත්කරන බවට කථානායකවරයා ඊයේ නිවේදනය කළේය.

    ගැටුම ගැන සොයා බලා වාර්තාවක් ලබාදීමට පත්කළ කමිටුව, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත වන අතර චමල් රාජපක්ෂ ,රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක , ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරු සාමාජිකයෝ වෙති.

    මෙම පහරදීම පිළිබඳ විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවට දන්වා පසුව පොලීසියට පැමිණිල්ලක් ද කර අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී තිබේ.

    පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් තමන්ට පහරදීමක් සිදුකළ බවට රාජ්‍ය අමාත්‍යවරිය විසින් වැලිකඩ පොලීසියට පැමිණිල්ල මගින් දන්වා ඇත.

    සිදුවීමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර දෙදෙනාද වෙනත් පැමිණිල්ලක් මිරිහාන පොලිසියට ඉදිරිපත් කර ඇතැයි වාර්තා විය.

    රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුවූ බවට වාර්තා විය.

    ඒ අවස්ථාවේදී එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇත.

    එහිදී ගමගේ මහත්මිය සහ සුජිත් සංජය පෙරේරා අතරද කිසියම් උද්වේගකර තත්ත්වයක් ඇතිවී තිබූ බවත් වැඩිදුරටත් වාර්තා විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා තමාට ගමගේ මහත්මියට පහරදුන් බව කියන චෝදනා ප්‍රතික්ෂේප කර සිටී.

    අදාළ සිද්ධියේ වීඩියෝ පහතින්.

    වීඩියෝ 1

    වීඩියෝ 2

    සබැඳි පුවත් පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමතිනි ඩයනාට සජබ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රහාරයක්

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.