fbpx
තවත්
    මුල් පිටුවspecialකළු මුහුදේ යුක්‍රේනයට ගිය නෞකාවට රුසියාවෙන් වෙඩි ප්‍රහාරයක්

    කළු මුහුදේ යුක්‍රේනයට ගිය නෞකාවට රුසියාවෙන් වෙඩි ප්‍රහාරයක්

    රුසියානු යුද නැවක් ඉරිදා නිරිතදිග කළු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමක් සිදුකර ඇති බවට වාර්තාවේ.

    ඒ අනුව ඉකුත් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පැවති කළු මුහුදේ ධාන්‍ය ප්‍රවාහනය සම්බන්ධ ගිවිසුමෙන් රුසියාවෙන් ඉවත්වීමෙන් පසු සිදුවූ පළමු අනතුරු ඇඟවීමේ වෙඩි තැබීම මෙයයි.

    රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පැවති එකඟතාවයෙන් ඉවත් වීමත් සමඟම නිවේදනය කර සිටියේ කළු මුහුද ඔස්සේ යුක්‍රේනය දෙසට ගමන් කරනු ලබන ඕනෑම යාත්‍රාවක් යුක්‍රේනයට අවි සැපයීම කරනු ලබන යාත්‍රාවක් ලෙස සලකණු ලබන බවයි.

    මේ අතර රුසියාව විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ පරික්ෂා කිරීම සඳහා යාත්‍රාව නවත්වන ලෙසට කළ ඉල්ලීමට ය්‍රතාවේ කපිතාන්වරයා විසින් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මුර සංචාරයේ නිතරව සිටි රුසියාන ආරක්ෂක අංශ වලට අයත් නෞකාව විසින් අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමක් කළ බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් යුක්‍රේනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාල වෙඩි තැබීම තමන් දැඩි ලෙස හෙළාදකින් බවත් එය අනවශ්‍ය උසි ගැන්වීමක් බවත්ය.

    රුසියාව විසින් යුක්‍රේනයේ තිරිගු නිෂ්පාදනයන් කළු මුහුදේ ප්‍රවාහනය කිරීමට අවසර නොදීමත් සමඟ පසුගිය කාලයේදී යුරෝපයේ තිරිඟු පිටි මිල ඉහළායාමක්ද වාර්තාවිය.

    කෙසේ වෙතත් රුසියාව විසින් තම තීරණය යලිත් හකුලාගන්නා බවට ඉඟියත් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.