fbpx
තවත්
    මුල් පිටුවGOSSIP"සක් කුකුළෙක්" -මස්ක්

    “සක් කුකුළෙක්” -මස්ක්

    දැවැන්ත සමාජ ජාල හිමිකරුවන් දෙදෙනකු වන මාර්ක් සකර්බර්ග් සහ එලෝන් මස්ක්ගේ සීතල යුද්ධය තවදුරටත් උග්‍ර කරමින් මස්ක් සිය සමාජ ජාලය වන ට්විටර් ඔස්සේ ප්‍රසිද්ධියේම සකර්බර්ග්ට ‘සක් කුකුළෙක්’ යනුවෙන් ප්‍රසිද්ධියේ නින්දා කර තිබේ.

    මස්ක් ට්විටර් (වත්මන් X) මගිනුත් සක් (සකර්බර්ග්) ත්‍රෙඩ්ස් සමාජ ජාලය ඔස්සේත් ගෙනගිය වාචික ආරවුල මෙලෙස නරක අතට හැරී ඇත.

    කෙසේවෙතත් එම අපහාසයෙන් පසුව සකර්බර්ග් තවදුරටත් එම සීතල යුද්ධය ඉදිරියට ගෙන නොයා නවතා දැමීමට සිතාගත් බවක් ඔහුගේ පොස්ටු‍වකින් පෙනී යයි.

    කෙසේ වෙතත් මෙම ආරවුල ඇරඹුණේ මස්ක් ට්විටර් සමාජ ජාලය අත්පත් කරගැනීමෙන් පසුව ය.

    ඒ ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්සැප් අයත් මේටා සමාගමේ හිමිකාර සකර්බර්ග් විසින් ට්විටර් සමාජ ජාලයට සමාන ත්‍රෙඩ්ස් පසුගියදා හඳුන්වා දීමත් සමඟයි.

    කෙසේවෙතත් මේ ‘චිකන්’ කතාව මතුවී තිබුණේ මස්ක්ගේ චරිතාපදාන රචකයෙකු වන වෝල්ටර් අයිසැක්සන් විසින් බෙදාගත් ස්ක්‍රීන්ෂොට් එකක් නිසයි.

    මස්ක් සහ සක් අතර සංවාදයක් එමගින් හෙළිදරව් කරන ලද අතර එහිදී මස්ක් සකර්බර්ග්ගෙන් ලබන සතියේ ඔහුගේ නිවසේ පුහුණු තරඟයක් කිරීමට කැමති දැයි විමසීය.

    සකර්බර්ග් ප්‍රතිචාර දැක්වූයේ සැබෑ MMA සටනක් ගැන මස්ක් බැරෑරුම් ලෙස සලකන්නේ නම්, ඔහු ස්වාධීනව පුහුණු වී තරඟයට සහභාගී වීම ගැන තීරණයක් ගත යුතු බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.