fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අපේ රජයකින් අලුත් IMF ගිවිසුමක් හදනවා" -විපක්ෂ නායක

    “අපේ රජයකින් අලුත් IMF ගිවිසුමක් හදනවා” -විපක්ෂ නායක

    සමගි ජලබලවේග රජයකින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එළැඹ ඇති ගිවිසුම නැවත සාකච්ඡා කොට අලුත් ගිවිසුමකට එළැඹෙන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    විපක්ෂ නායකවරයාගේ නායකත්වයෙන් ‘වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය සමගි මැයි රැලිය’ කොළඹ ඒ.ඊ. ක්‍රීඩාංගණයේ අද පැවැත්වුණු අවස්ථාවේදී මැයි දින කතාව කරමින් ‍හෙතෙම මේ බව කීය.

    “වැඩකරන ජනතාවට මම කියන්න කැමතියි අපේ රජයක් තුළ අයි.එම්.එෆ්. ගිවිසුම අපි නැවත සාකච්ඡා කරනවා. නැවත negotiate කරලා ඒක නැවත සාකච්ඡා කරල මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් සාමාන්‍ය පොඩි මිනිහගේ පැත්තෙන් මේ රටේ ලක්ෂ 220කගේ අයිතිවාසිකම් සුරකින, එදා ප්‍රේමදාස යුගයේ නිර්මාණය වුණු ජනතාවාදී ජනහිතකාමී ප්‍රතිසංස්කරණයට ලක් වුනු අලුත් අයි.එම්.එෆ්. ගිවිසුමකට අපි නැවතත් වරක් සාකච්ඡා අපේ රජයකින් ආරම්භ කරනවා කියන එක මං ඒ අවස්ථාවේ කියන්න කැමතියි. ගම් නියම් ගම් මැයිදින ඉන්පසුව අපි නැවතත් වරක් බලාපොරොත්තු වෙනවා ඔබගේ ගම් නියම් ගම් සිසාරා පැමිණෙන්න. අද රටේ තියෙන්නෙ ඡන්ද වලට බය බියගුළු නිවට කශේරුකාවක් කොන්දක් නැති ආණ්ඩුවක්.” එහිදී මැයි දින කතාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

    සමගි ජනබලවේගයේ සමගි මැයි රැළියේ විකාශය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.