fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැලණියේ හරක් මැරිල්ල නතර කළාට ඇපත් නැතිව මර්වින් සිල්වා මුදා හරී

    කැලණියේ හරක් මැරිල්ල නතර කළාට ඇපත් නැතිව මර්වින් සිල්වා මුදා හරී

    ජාතික රූපවාහිනී සංස්ථාවට කඩාවැදීම සම්බන්ධයෙන් එම සිදුවීමෙන් වසර 15කට පසු නීතිපති උපදෙසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්විල් සිල්වා මහතාව කොළඹ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හැරීම අනවශ්‍ය බවත් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් සඳහන් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

    කැලණියේ හරක් මැරීම නතර කළ මෙම සැකකරුට ඇප අනවශ්‍ය බවද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශයක්ද කළේය.

    ජාතික රූපවාහිනී සංස්ථාවට 2007 වසරේදී මර්වින් සිල්වා මහතා අමාත්‍යවරයෙක් ලෙස සිටියදී බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් නඩුවිභාගයක් මේ වන විට අධිකරණයේ විභාග වන අතර මෙතෙක් කලක් ඔහුව සැකකරුවෙක් ලෙස නම්කර තිබුණේ නැත. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉකුත් සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වසර 15කට පසු උපදෙස් දෙන්නේ එම නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස මර්වින් සිල්වා මහතා නම් කරන ලෙසය.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මර්වින් සිල්වා මහතාව අද උදෑසන අත්අඩංගුවට ගත්තේය. පසුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන්කරගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    එහිදී මර්වින් සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ තම සේවා දායකයා ස්වෙච්ඡාවෙන්ම පොලීසියට ඉදිරිපත් වූ බවත් ඔහු අධිකරණය මගහැර යන පුද්ගලයෙනකු නොවන බැවින් ඇප මත මුදා හරින ලෙසය. එහිදී ඇපයක්වත් නොමැතිවමර්වින් සිල්වා මහතාව මුදා හැරීමට නියෝගකල මහේත්‍රාත්වරයා දැනුම් දෙන්නේ ලබන 16 වෙනිදා නඩුව නැවත කැදවන බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.