fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රීරෝද රථයෙන් ආ පොලීසිය ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් පැහැරගෙන ගිහින්

    ත්‍රීරෝද රථයෙන් ආ පොලීසිය ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් පැහැරගෙන ගිහින්

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ මහජන පුස්තකාලය ඉදිරිපිටදී ත්‍රීරෝද රථයකින් පැමිණි පොලීසිය යැයි කියමින් සිවිල් පුද්ගලයින් කිහිප දෙනෙක් පැහැරගෙන ගොස් තිබේ.

    මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී හෙළිවන්නේ බොරැල්ල පොලීසියට සම්බන්ධ පිරිසක් විසින් එම ශිෂ්‍ය ක්‍රියාකාරිකයාව එසේ රැගෙන ගොස් බම්බලපිටිය පොලිස් ස්ථානයේ ස්ථාපිත කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකයට භාරදී ඇති බවය.

    මහජන පුස්තකාලයේ අද පැවති රැස්වීමකට සහභාගිවීමට පැමිණෙමින් සිටි ඔහුව පොලීසිය මේ ආකාරයට රැගෙන ගොස් ඇත්තේ ඔහු පසු පස හඹාවිත්ය.

    මැයි 19 වෙනිදා පැවති විරෝධතාවක් අතර තුර අධිකරණ නියෝගයක් කඩකරමින් කටයුතු කිරීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බැවින් අත්අඩංගුවට ගැණුනු බව පොලීසිය කියයි.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරනුයේ සිවිල් ඇදුමින් සැරසුණු පිරිසක් ත්‍රීරෝද රථයකින් පැමිණ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටදී මංගල මද්දුමගේ පැහැර ගත් බවකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.