fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් ගෙන්වන්න පුළුවන් සමාගම් ගැන සොයාබලන්න කමිටුවක්

    තෙල් ගෙන්වන්න පුළුවන් සමාගම් ගැන සොයාබලන්න කමිටුවක්

    ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා ලියාපදිංචි වූ සමාගම් ඇගයීමට කමිටුවක් පත් කර තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ඊයේ (05) දිනයේදී එම කමිටුව පත් කළ බවයි.

    පසුගියදා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයන සහ සිල්ලර වෙළෙඳපොළ විවෘත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

    ඒ අනුව විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගු කාලීනව ගිවිසුම් ගත වී ඉන්ධන ආනයනය, බෙදාහැරීම හා අලෙවිකිරීමට අදාළ සමාගම් වෙත අවස්ථාව ලබාදේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.