fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන හිඟය නිසා පෞද්ගලික අංශයටත් ඉල්ලීමක්

    ඉන්ධන හිඟය නිසා පෞද්ගලික අංශයටත් ඉල්ලීමක්

    පවතින ඉන්ධන හිඟයත් සමඟ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ දි මතුව ඇති ගැටලු හේතුවෙන් පෞද්ගලික අංශය ද හැකිතාක් සිය කාර්‍යමණ්ඩල නිවසේ සිට වැඩකිරීමට සැලැස්වීම සුදුසු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අත්‍යවශ්‍ය රාජ්‍ය සේවකයින් හැර සෙසු රාජ්‍ය සේවකයින් නිවෙස් ගත මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියාවන් සිදුකරන පසුබිමක පවතින ඉන්ධන ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් පෞද්ගලික අංශයද ඒ ගැන සළකා බලන්නැයි අමාත්‍යවරයා ඉල්ලීමක් කර සිටී.

    “රාජ්‍ය සේවයේ ඉන්න සියලු දෙනාගෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා චක්‍රලේඛවලින්. ඒ වගේම පෞද්ගලික අංශයෙනුත් අපි ඉල්ලීම කරනවා. නිවසේ ඉඳලා සේවය කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම්, ඒ පිරිස නවත්වලා ඒක කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ අත්‍යාවශ්‍ය නොවන වෙනත් වැඩකටයුතුවල දී ඉන්ධන භාවිත කරලා කරන පුළුවන් තරම් අඩුකරන්න. ඒ වගේම පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය දෙන්න.”

    රාජ්‍ය ආයතනවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නැවත දැනුම්දෙන තුරු අත්‍යවශ්‍ය අවම කාර්යය මණ්ඩලය පමණක් කැඳවන ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.