fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කුඩු සළිදුගේ කුඩු සල්ලි උණ්ඩියල් කළ ජුවලරි හිමිකරු අල්ලයි

    කුඩු සළිදුගේ කුඩු සල්ලි උණ්ඩියල් කළ ජුවලරි හිමිකරු අල්ලයි

    මෙරටින් පළාගොස් ඩුබායි හී රැදී සිටිමින් මෙරට මත්කුඩු ඡාවාරම මෙහෙයවන කුඩු සළිඳුට මත්කුඩු අලෙවියෙන් උපයන මුදල් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි වෙත යවන රන් භාණ්ඩ අලෙවිසැල් හිමිකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨායේ නිලධාරීන් විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබේ.

    ශිරාජ් මොහොමඩ් නැමැති එම සැකකරු අවස්ථා කිහිපයකදීම කුඩු සළිඳුගේ මුදල් ඩුබායි වෙත උණ්ඩියල්කර ඇතැයි විමර්ශන වලින් හෙළිවී ඇත. ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ සිට කුඩු සළිඳුට මේ ආකාරයට උණ්ඩියල් ක්‍රමයට මෙම සැකකරු මුදල් යවා ඇති බවද අනාවරණය වී තීබේ.

    මෙම පුද්ගලයා ගැන තොරතුරු හෙළිවී ඇත්තේ පානදුර කුඩා අරුක්ගොඩ පදිංචිකරුවෙක් වන සළිඳු මල්ෂිත ගුණරත්ක නොහොත් කුඩු සළිඳු නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වත්කම් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලවය.

    ඒ අනුව කුඩු සළිඳු මෙහෙයවන මත්කුඩු ජාලයෙන් උපයාගන්නා මුදල් උණ්ඩියල් කිරීමට භාරගන්නා පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හදුනාගෙන ඇත. හැදල වත්තල පදිංචිකරුවෙක් වන සන්මුගසුන්දරම් වසන්තම් කුමාර් නැමැති පුද්ගලයාව ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා පිටකොටුවේ ව්‍යාපාරික කටයුතුවල කලක් කටයුතු කළ අයෙක් බවත් ව්‍යාපාර බිඳ වැටීමකින් පසු ඔහු මෙසේ උණ්ඩියල් ඡාවරමට සම්බන්ධවී සිටින බවත් අනාවරණය වී තිබේ.

    කුඩු සළිඳුගේ මත්කුඩු ජාවාරමේ කළමනාකරු ලෙස කටයුතු කරන යම් තැනැත්තෙක් විසින් මත්කුඩු ඡාවාරමෙන් උපයාගන්නා මුදල් රැස්කර වසන්තන්ට ලබාදෙන බවත් ඔහු එම මුදල් ශිරාජ් මොහොමඩ් මඟින් ඩුබායි වෙත උණ්ඩියල් කරන බවත් හෙළිවී ඇත.

    මෙසේ ඔහුගේ මෙහෙයැවීමෙන් රුපියල් කෝටි 02 කට වැඩි මුදලක් උණ්ඩියල්කර ඇති බව අනාවරණය වී තිබේ.

    එසේ උණ්ඩියල් කෙරන මුදල් ඩුබායි හී රැදී සිටින කිංස්ලි නැමැත්තෙකු අතට පත්වන බවත් ඔහු මගින් එම මුදල් සළිඳුගේ අතට පත්වන බවත් විමර්ශ වලින් අනාවරණය වී ඇත. උණ්ඩියල් කළ මුදලක් සළිඳුගේ අතට වරක් පත්නොවීමක් සම්බන්ධයෙන් ඔහු එරට සිට වසන්තම්ට දුරකතනය ඔස්සේ කෙරන මරණිය තර්ජනයක් සම්බන්ධයෙන්ද හඩ පටයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට හමුවී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.