fbpx
තවත්
    මුල් පිටුවCOVIDශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6කින් එන සංචාරකයන්ට කටාර් වෙතින් පණිවුඩයක්

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6කින් එන සංචාරකයන්ට කටාර් වෙතින් පණිවුඩයක්

    ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් හයක සිට පැමිණෙන මගීන් සඳහා කටාර් සිය සංචාරක ප්‍රතිපත්තිය යාවත්කාලීන කර තිබේ.

    ඔවුන් සඳහා දින දෙකක හෝටල් නිරෝධායනය සහ අනතුරුව පීසීආර් පරීක්ෂණය ඍණාත්මක වීම අනිවාර්ය කර ඇත.

    අද (02) සිට බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, පිලිපීනය, ශ්‍රී ලංකාව වැනි රටවලින් පැමිණෙන කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ සහ පූර්ණ එන්නත්කරණයට ලක්වු සංචාරකයින් දින දෙකක හෝටල් නිරෝධායනයකට ලක් කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    වෛරසය හඳුනා ගන්නා PCR පරීක්‍ෂණයේ ප්‍රතිඵලය ඍණාත්මක වුවහොත් එම මගීන්ට නිරෝධායනයෙන් ඉවත් වීමට අවසර දෙනු ඇත.

    මෙම රටවල සිට පැමිණෙන අනෙකුත් සංචාරකයින්ට දින 10 ක් සඳහා හෝටල් නිරෝධායනය වීමට සිදු වන බව අමාත්‍යාංශය පවසයි.

    පසුගිය මාසයේදී කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ සංචාරක සහ පවුල් සඳහා ඇතුළුවීමේ වීසා බලපත්‍ර ලබා දීම නැවත ආරම්භ කරන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.