fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොන්සියුලර් සහ වීසා සේවා සඳහා වැඩි කාලයක් -ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය

    කොන්සියුලර් සහ වීසා සේවා සඳහා වැඩි කාලයක් -ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය

    මෙරට තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ ඇතැම් විට කොන්සියුලර් සහ වීසා කටයුතු ඇතුළු මහජන සේවාවන් ඉටු කිරීමට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලයේ සඳහන් කරයි.

    ඒ අනුව මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා සහ කොන්සියුලර් සේවාවන් ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිස් අදාල කටයුතු ඉටුකිරීමට පෙරට වඩා වැඩි කාලයක ගතවීම ළිබඳව සැලකිලිමත් වෙමින් තම කටයුතු සැලසුම් කරගන්නා ලෙස ඉල්ලා සිටින බව එම කාර්‍යාලයේ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    විවිධ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් වීසා සහ කොන්සියුලර් සේවා සඳහා ඉල්ලීම් රැසක් ලැබී ඇති බවද මහ කොමසාරිස් කාර්‍යාලය සඳහන් කරයි.

    කෙසේවෙතත් හැකි ඉක්මනින් කාර්‍යක්ෂමව අදාල කටයුතු ඉටුකිරීම තමන් කැපවී සිටින බවද අදාල නිවේදනය මගින් මහ කොමසාරිස් කාර්‍යාලය පෙන්වාදෙයි.

    දෙරටේ ඇති මිත්‍රත්වය වර්ධනය කිරීමට අඛණ්ඩව කැපවී සිටින බවද මහ කොමසාරිස් කර්‍යලය එම නිවේදනයෙන වැඩිදුරටත් සඳහන් කරයි.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.